ආණ්ඩුවට මේ දිනවල සෑහෙන ප්රශ්නය. කරන්නට පටන් ගන්නා හැම
වැඩකටම කොක්කක් වැටේ. ඒ අලකලංචි මැදම ආණ්ඩුව වුවමනා නැති
වැඩ කරන්නට යන බවක් ද පෙනේ. එනම් ලබන වසරේ 2017 වර්ෂයේදී
කටුනායක ගුවන්තොටුපළ මාස තුනක් වසා දැමීමට ගන්නා තීරණය එවැනි
වුවමනා නැති වැඩකි. ආරංචියේ හැටියට කටුනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපළ මාස තුනක කාලයකට වසා දමන්නේ ප්‍රධාන ධාවන පථයේ
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව කියෑවේ. කටුනායක මාස තුනකට වසා
දමන කතාව කොහොම වෙතත් ඒ කාලය තුළ "මත්තල" ඒ සඳහා යොදා ගන්නා බව
කීම අමුතුම වර්ගයේ, හිත සසල කරන ආරංචියකි. එය කොහොමටවත්
සිදුවිය නොහැක්කකි. ඒ නිසාම ගුවන් තොටුපළ බලධාරීන්ට අමු
කැවිලා දැයි අපට අසන්නට සිදුවේ. මත්තල "ගුවන් තොටුපළක්" ඇති
බව 2015 ජනවාරි 08 වැනිදායින් පසු අපට දකින්නට අසන්නට ලැබුණේ
ඊයේ දිනයේය.
එතෙක් මෙරට වාසය කරන සිහි මොළේ ඇති සියල්ලෝම දැන
සිටියේ මත්තල ඇත්තේ වී ගබඩා සංකීර්ණයක් බවය. අපට මතක හැටියට
මත්තල වී ගබඩා සංකීර්ණයේ ඇති වී තොග ඉවත් කර ගන්නා ලෙස
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාද 2015 ඔක්තෝබර්
මාසයේදී කීවේය. එවැනි අනවශ්‍ය වැඩ කරන්නට යාම බොහෝ දෙනෙක්ගේ
සිත් තැවුලට හේතුවිය හැකි බව අපි ඒ දිනවලම කීවෙමු. 2016
පෙබරවාරි මාසයේදී ද මෙවැනිම අසමඡ්ජාති කතාවක් මාධ්‍ය මගින්
ප්‍රචාරය වූ බව අපට මතකය. ඒ මහා බොරුවේ සඳහන් වූයේ කටුනායකට
පැමිණි ගුවන් යානා තුනක් අධික මීදුම නිසා මත්තලට හරවා යෑවූ
බවය. මෙය කොහොමටවත් සිදුවිය නොහැක්කකි. අප දන්නා පරිදි එවැනි
අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති විට ගුවන් යානා හරවා යෑවිය
යුත්තේ ඉන්දියාවේ මදුරාසියටය. මෙවැනි බොරුවලින් රටත්, ජනතාවත්,
විශේෂයෙන් දකුණේ ජනතාවත් රවටන්නට උත්සාහ දරන්නේ "මත්තල ගුවන්
තොටුපළක්" බවට ඒත්තු ගන්නන්නට උත්සාහ දරන කවුරුන් හෝ විය හැකි
බව අපි තදින් විශ්වාස කරමු. මත්තල වී ගබඩා සංකීර්ණය ගුවන්
තොටුපළක් බවට පරිවර්තනය කරන්නට උත්සාහ දැරීමෙන් ගැටලු
ගණනාවක් මතුවිය හැකි බව අපි අවධාරණය කරමු. පළමුවැන්න වී ගබඩා
කිරීම සඳහා මත්තල වැනි වටිනා වායුසමීකරණ පද්ධති, විද්‍යුත්
උපකරණ සවි කරන ලද ගබඩා සංකීර්ණයක් සොයා ගන්නේ කොහොමද යන
කාරණයයි. රට ආර්ථික වශයෙන් ලොකු අමාරුවක වැටී, පහුගිය ආණ්ඩුව
ගත් ණය ගෙවාගන්නටත් බැරිව සිටියදී එවැනි ගබඩා සංකීර්ණයක්
ඉදිකිරීම ලෙහෙසියෙන් කළ හැක්කක්ද නොවේ. ඊළඟ ප්රශ්නය "මත්තල
වී ගබඩා සංකීර්ණයේ" ඇති විශාල "ධාවන පථයක්" වැනි කොටස් එම
ප්‍රදේශයේ ගම්මිරිස් වගා කරන උදවියත්, කුරහන් වගා කරන උදවියත්
ඒවා වේලා ගැනීම සඳහා භාවිතා කිරීමය. මෙම වී ගබඩා සංකීර්ණය
එළැඹෙන වර්ෂයේ "ගුවන් තොටුපළක්" බවට පරිවර්තනය කිරීම ඒ අහිංසක
මිනිසුන්ට ද විශාල අර්බුදයක් වන බව නියතය.
මේ හැම දෙයකටම වඩා මත්තල වී ගබඩා සංකීර්ණය ගුවන් තොටුපළක්
හැටියට භාවිත කිරීමට ගන්නා තීරණය විශාල පාරිසරික ප්‍රශ්න
ගණනාවකට ද තුඩුදේ. මේ ආණ්ඩුවේම උදවිය කියන පරිදි මත්තල වී
ගබඩා සංකීර්ණය පිහිටි ප්‍රදේශය මොනරුන්, ඇතුළු විවිධ පක්ෂීන්
සහ අලි නිතර පැමිණෙන ප්රදේශයකි.
මේ නුවුමනා තීරණවලින් සිදුවන්නේ එවැනි ජීවීන් ද විනාශ වීමය.
ඊටත් දකුණට "ගුවන් තොටුපළක්" යනු විශාල වශයෙන් මහජන මුදල්
අපතේ යෑවීමකි. "සුදු අලි" නඩත්තු කිරීමකි.
කරන්නට ඕනෑම නම් කළ යුත්තේ, එම කාලය තුළ ඉන්දියාවේ චෙන්නායිවලට
එම ගුවන් යානා ගොඩබැස්සවීමය. ඉන් පසු ගුවන් මගීන්,
බෝට්ටුවලින් මෙරටට ගෙන ආ යුතුය. මත්තල "ගුවන් තොටුපළක්" බවට
හැරවීම වෙනුවට කළ හැකි ලාබදායී දේ තව බොහෝය.
උපුටා ගැනීම දිවයින කතුවැකියෙනි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, July 18, 2016
දැන් මත්තල හොඳද...!!! අනේ යකෝ...!!!
Posted by
lankanews
at
July 18, 2016
Labels: lankanews, maththala, maththala airport, yahapaalanaya
දැන් මත්තල හොඳද...!!! අනේ යකෝ...!!!
2016-07-18T23:10:00+02:00
lankanews
lankanews|maththala|maththala airport|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
