වර්ෂයක් පාසා අනුරාධපුර මහමෙව්නා උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් රුවන්වැලි මහ
මෙවරද ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහභාගි වූහ. මල් පූජාකොට බුද්ධාලම්භන ප්‍රීතියෙන් උදම්වුන බෞද්ධ යයි කියාගත් ඇතැම් පිරිස් නැවත තම ගම් බිම් බලා යන අතරේ කුරුණෑගල ඇල්ල හරහා මාර්ගයේ තලාව සහ තඹුත්තේගම නගරවල මත්ද්‍රව්‍ය අලෙවි කරන මත්පැන්හල් අසල සුදු පැහැති ඇඳුමින් පේලි ගැසී සිට අරක්කු මිලදී ගන්නා අසුබ දර්ශන දැකගන්නට ලැබුණි.
විසිපස් වසරක් සපුරන වාර්ෂික පිච්ච මල් පූජාව
![]() |
![]() |
![]() ![]() |
![]() |
සිංහල රාජාවලියේ මහ සැදැහැවතුන් අතුරෙහි ප්රමුඛස්ථානයක් ගන්නා භාතිකාභය රජතුමා ( ක්‍රි.පූ. 19 – ක්‍රි.ව. 9) අංගුත්තර නිකායෙහි නාථකරණ වග්ගයට අයත් අප්‍රමාද සූත්‍රයෙන් බණ අසමින් ‘සෙය්යථාපි භික්ඛවේ යෙ කේඛ පුප්ඵ ගන්ධා වස්සිකං තේසං අග්ගමක්ඛායති එව මෙව ඛො භික්ඛවේ, යෙ කේඛ කුසලා ධම්මා සබ්බේ තෙ අප්පමාද මුලකා අප්පමාද සමොසරණං අප්පමාදෝ තෙසං අග්ගමක්ඛයාති’ යි හැම මල් සුවඳ අතුරෙහි දෑ සමන් මලෙහි සුවඳ අග්‍ර වේ යැයි ද අප්‍රමාදය හැම කුසල ධර්මයටම ප්රමුඛ වන බව දක්වන්නට අදාළ උපමාව අසා එකරුණ පරීක්ෂා කොට බැලුව මැනැවැයි සිතීය. රජු සිය මාලිගයට ගොස් ගබඩාවක් පවිත්‍ර කොට සිව් දෑ ගඳින් පිරිබඩ ගෙන නොයෙක් වර්ගයනට අයත් සුවඳැති මල් වර්ග ගෙන්වා ගෙන සමන් මල් මිටක් මැද තබ්බවා සෙසු සුවඳ මල් අවටින් තැබ්බවීය. යළි ගබඩාවෙහි දොර වසා පිටතට නික්ම මොහොතක් පමණ කල් යවා ගබඩාවේ දොර හැර ඇළට පිවිසියේ ය. ගබඩාවට පිවිසෙන්නා හා ම අන් හැම මල් සුවඳ රජුගේ නාසයට ආඝ්‍රාණය වූයේ ය. රජු මහා සෑයට අභිමුඛ ව මාලිගයෙහි ම වැද ගෙව මල් සුවඳ අතුරින් සමන් මල අග්‍ර යැයි වදාරන බුදුරජාණන් වහන්සේ සැබෑවක් ම වදාළහයි සතුටින් ඉපිළ වැන්දේ ය. (අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද නාහිමි පාණන්ගේ ලිපියෙකිනි)
භාතිකාභය රජතුමා රුවන්මැලි මහා සෑයට සමන් පිච්ච මල් මූලික කොට මල් පූජාවක් කළ බව මහාවංසයෙහි දැක්වෙයි. ‘තමාට උපදනා අය විසඳූ නුවර යොදුනක් මානය සිසාරා දෑ සමන් සීනිද්ද මල් බොහෝ කොට ඇති කරවා නර ශ්‍රේෂ්ඨ තෙම පා පිළිකඩ පටන් ධුරචක්රය දක්වා සතරඟුල් බොල් ගඳ කළලින් මහ සෑය ආලේප කරවා එහි මනා කොට නැටියෙන් මල් වද්දා සෑය මල් ගුළාවක් කරවී ය. නැවැත ද දෑගුල් බොල් මනෝසීල කළලින් සෑය ආලේප කරවා පෙර සෙයින් ම මල් ඇවිනිම කර විය. ඉක්බිති හිණි හිස පටන් ධුරඡත්රය දක්වා මල් රාශිය විසුරුවා ඒ මල් රැසින් සෑය වැසී ය. අබා වැවින් යන්ත්‍රයෙන් දිය නඟා ගෙන ඒ දියෙන් සැදැහැති ඒ රජ සෑය තෙතමින් ජල පූජාව කරවී ය. (මහාවංසය) සමන් පිච්ච මල් ඇසුරු කර ගත් කතා රැසක් බෞද්ධ සාහිත්‍යයෙහි එයි. සුමන මල් කරුගේ කතාව ඉන් එකකි.
මුදල් විය හියදම් කරමින් කාලය නාස්ති කර ගෙන මෙවන් පූජාවන් පැවැත්වීම නිෂ්ඵල කාර්යයක් ලෙස සමහරු දකිති. එහෙත් මෙලෙස පිච්ච මලින් මහා පුණ්යකර්ම රාජ්‍ය මහා මාත්‍යාදීන් ගේ ඉමහත් සැලකිල්ලට බඳුන් වූ බව අප දැන ගත යුතු මැයි. පිච්ච මල් පූජාවට සමගාමී ව බොහෝ අනු ව්‍යාපෘතින් පැවැත්වෙන්නේ පිච්ච මල් පූජාවේ අගය දෙගුණ තෙගුණ කරමිනි.
ශ්‍රද්ධාව ජනනය කරනවා හැරෙන්නට මෙම පිච්ච මල් පූජාවෙන් ලැබෙන තවත් අතුරුපල ගැන කිව යුතු ය. මෙහි රැස් වන සැදැහැතියන්ගෙන් නැෙඟන ශ්‍රද්ධා නින්නාදය මුළු විශ්වය ම කළඹවයි. එයින් සත හට යහපත යෙදෙමින් සාමය සමාදානය අප රට තුළ දෙගුණ තෙගුණ වන්නේ ඉබේටම යි. මේ හැරෙන්නට පිච්ච මල් පූජා සමයේ දී බොහෝ අයට තමන්ගේ පූජා ද්‍රව්‍ය සැදැහැතියන්ට විකුණා හොඳ ආදායමක් ලබා ගන්නට හැකි වීම කාටත් නොපෙනෙන යහපත් කාර්යයකි. එමෙන් ම නිර්මාංශ ව මෙම පූජාවට සහභාගී වීමෙන් සැදැහැතියන් විශ්වයට එක්කාසු කරන්නේ යහපත් තරංගයන් ය.
අසෝක මාලිමගේ
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්