නව ආයෝජකයකුට ශ්‍රී
ලංකන් පවරා දෙනවා
- ඇමැති කබීර් හෂීම්
ඒ අනුව රජය එයාර් ලංකා ආයතනයේ කළමනාකරණයෙන් ඉවත් වන අතරම එයාර් ලංකා ආයතනය සඳහා රජය ඉදිරියේදී කිසිදු මුදල් ආයෝජනයක් කිරීමට අපේක්ෂා නොකරන බවද ප්‍රකාශ කළ ඇමැතිවරයා ඒ අනුව එයාර් ලංකා පාඩුවේ බර මහජනතාව පිට පැටවීම නවත්වන බවද සඳහන් කළේය.
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 36 වැනි මහලේ පිහිටි ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී ඇමැති කබීර් හෂීම් මේ බව කීවේය.
මෙසේ ශ්‍රී ලංකන් ආයතනය භාර ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරන ලෙස ආයෝජකයන්ට දැනටමත් රජය ආරාධනා කර ඇති බවද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකන් ආයතනය ප්‍රතිව්‍යqහගතකරණය කිරීමේදී අයිතියෙන් කෙතරම් ප්‍රතිශතයක් රජය යටතේ තබා ගන්නේද යන්න ගැන තවමත් තීරණයක් ගෙන නැති බවද සඳහන් කළ ඇමැතිවරයා කීවේ මේ හරහා ශ්‍රී ලංකන් ආයතනයේ කළමනාකරණය ශක්තිමත් වී එය කාර්යක්ෂම ආයතනයක් බවට පත්වනු ඇති බවයි.
මිහින් ලංකා ආයතනයද ශ්‍රී ලංකන් ආයතනයට ඒකාබද්ධ කිරීමට නියමිත බවත්, මේ ප්‍රතිව්‍යqහගත කිරීමේ වැඩපිළිවෙළේ දී දැනට සිටින ස්ථිර සේවකයන් කිසිවකු ඉවත් නොකරන බවත් ඇමැති කබීර් හෂීම් සඳහන් කළේය.
වර්ෂ 2008 දී රු. බිලියන 9.3 ක් ලාභ ලැබූ ශ්‍රී ලංකන් ආයතනය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ 2015 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 993 ක පාඩුවක් ලබා ඇති බවද එම අලාභයෙන් පාසල් 300 ක් හෝ ඇඳන් 300 ක් සහිත රෝහල් 60 ක් හැදිය හැකි බවද ඇමැතිවරයා තවදුරටත් කීවේය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න ද සහභාගි විය.