ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, July 4, 2016
හොරාගෙන් පසු අනිත් හොරාත් වැඩ අරඹයි...!!!
පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි සඳහන් කළේය.
මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් කුමාරස්වාමි පැවසීය.
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි අවධාරණය කරයි.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකි බවයි.
මීට අමතරව, තායිලන්තය වැනි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමගද තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකිවී තිබෙන නිසා ලංකාව හිරවී තිබෙන බවත් මෙම උගුලෙන් ගොඩඒම සඳහා ශ්‍රම බලකායේ ඵලදායීතාවය නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි පැවසීය.
චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑ
යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කළේය.
විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය.
එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දුන්නේය.
අපි ඉදිරියට යා යුත්තේ කෙසේද ?
මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සැලසුම් කළ යුත්තේ පුද්ගලික අංශය කේන්ද්‍ර කරගනිමින් අපනයන වර්ධනය කිරීම සහ වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින් යැයි කුමාරස්වාමි අවධාරණය කළේය.
මේ නිසා, අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි හෙතෙම පැවසීය.
සියයට 10ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි වැඩිදුරටත් කීය.
අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාව
පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි සඳහන් කළේය.
මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
Posted by
lankanews
at
July 04, 2016
Labels: arjun mahendran, indrajith swamikumara, lankanews, mayithri, ranil, yahapaalanaya
හොරාගෙන් පසු අනිත් හොරාත් වැඩ අරඹයි...!!!
2016-07-04T20:26:00+02:00
lankanews
arjun mahendran|indrajith swamikumara|lankanews|mayithri|ranil|yahapaalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...