විදුලි බල මණ්ඩලය ගල් අගුරු මිලදී ගැනිමේදී සිදුව ඇති බව කියන
අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කලද එය
අධිකරණයේ හෘද සාක්ෂිය කලබන ලදී.
අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්රභා
කලද, මහජන මුදල් සම්බන්ධ කරුණක් බැවින්, අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය
ආරක්ෂා කල යුතු බව පවසමින් නිර්දේශ 2 ඉදිරිපත් කරන ලදී. ඉන් එක් නිර්දේශයක
කියවුනේ නුසුදුසු සමාගම සමග ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කල හැකි බවයි. නැවත
තරගකාරී ක්‍රමයට ටෙන්ඩර් කැදවා මෙම ගනු දෙනුව සිදු කල හැකි බවට අධිකරණය
නිර්දේශ කරන ලදී.
“Noble Resources International” නමැති සිංගප්පුරූ සමාගමක් අධිකරණයේ
පිහිට පතා තිබුනේ සුදුසුකම් සපුරා තිබියදීත් 2015 වසරේ ගල් අගුරු ලබාදීමේ
ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබා දෙමින් තමන්ට තිබු අවස්ථාව “Swiss Singapore
Overseas” සමාගමට ලබාදීමෙන් මුලික අය්තිවාසිකම් උල්ලංඝණය වූ බව “Noble
Resources International” සමාගම පෙත්සමෙන් පෙන්වා දෙයි.
සමස්ත කැබිනට් මණ්ඩලය මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අමාත්‍ය
පාටලී චම්පික රණවක, ලේකම්වරයා මෙන්ම අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර
ප්‍රසම්පාදන කමිටුව ඇතුළු 75 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලබයි.
අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ කොන්දේසි වලට අනුකුලව ගල්
අගුරු මෙට්‍රික් ටොන් මිලියන 1.064 සැපයීම සදහා “Noble Resources
International” සමාගම 2015-04-08 සිය ලන්සුව ඉදිරිපත් කරන ලදී. ඔවුන් යෝජනා
කලේ නියමිත ප්‍රමිතියට අනුව මෙට්‍රික් ටොන් 1 ඇ.ඩො. මිලියන 46.62 ක මුදලකට
ලබාදිය හැකි බවය්.
ටෙන්ඩරය ලබාගත් “Swiss Singapore Overseas” සමාගම මෙට්‍රික් ටොන් 1ක්
ඇ.ඩො. මිලියන 54.41ක මුදලක් ලබාදීමට යෝජනා කරන ලදී. මෙම ලන්සුව සලකා බලනුයේ
අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික ඇගයීම්
කමිටුවය්. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස විදේශ රැකියා අමාත්‍යංශයේ
ලේකම් G.S. විතානගේ කටයුතු කරන අතර විදුලිබල හා බලශක්ති පුනර්ජීවන
අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ (අමාත්‍ය පාටලී චම්පිකගේ සියලු ගනුදෙනු
කරනු ලබන තැනැත්තා) එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී M.C.
වික්‍රමසේකර, අතිරේක ලේකම් S.A.M සරන්තිස්ස එහි අනෙකුත් සාමාජිකයන් ලෙස
කටයුතු කරනු ලබය්.
“Noble Resources International” සමාගම ශ්‍රේෂ්ටාධිකරණයේ ගොනුකළ
පෙත්සමෙන් කියා සිටියේ සුදුසුකම් සපුරා තිබුනද, ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව
ටෙන්ඩර් කොන්දේසි නැවත වෙනස් කර ඇති බව “Noble Resources International”
සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමේ “Swiss Singapore Overseas” සමාගම ඒ
සම්බන්දව කමිටුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවද ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ
අනාවරණය කරන ලදී. කෙසේ වෙතත් 2015 වසරේ “Swiss Singapore Overseas”
සමාගමෙන් ගල් අගුරු මෙට්‍රික් ටොන් මිලියන 1.064 ඩොලර් මිලියන 58 කට
මිලදීගෙන ඇත.
“Noble Resources International” සමාගමේ ටෙන්ඩරය අනුව මිලදී ගත්තේ නම් ඒ
සදහා වැය වන්නේ ඇ.ඩො. මිලියන 49.6 පමණි. මේ අනුව මෙම ගනුදෙනුවෙන් සිදුවී
ඇති පාඩුව ඇ.ඩො. මිලියන 8.3 නැතහොත් රුපියල් බිලියන 1.2ක් පමණ වෙති. මේ
ගනුදෙනුව සම්බන්දයෙන් විගණකාධිපතිවරයා දැනටමත් “ලංකා කොල්ට්ස්” සමාගමෙන්
කරුණු විමසා ඇතැයි එහි සබාපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසුවේය. (මොහු
එ.ජා.ප ගාලු දිස්ත්‍රික් පළාත් සබා මන්ත්‍රීවරයෙකි) ඔහු කියා සිටියේ
ශ්‍රේෂ්ටාධිකරණයේ නිර්දේශ පිලිබදව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට සමාගම
තීරණය කල බවය්. මේ අතර ස්ථාවර ප්රතිසම්පාදන කමිටුවේ සභාපති G.S. විතානගේ
මහතාගෙන් විමසු අවස්ථාවේ ඔහු කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී. යහපාලන
ආණ්ඩුවේ බැදුම්කර වංචාවට පසු කරන ලද ලොකුම වංචාව ලෙස මේ වනවිට මෙය ඉතිහාස
ගත වී ඇත.
– උකුස්සා FB
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, July 17, 2016
බැදුම්කර වංචාවට පසු කරන ලද ලොකුම වංචාව...!!!
Posted by
lankanews
at
July 17, 2016
Labels: champika ranawaka, Coal, corruptions, gal anguru, lankanews, yahapalanaya
බැදුම්කර වංචාවට පසු කරන ලද ලොකුම වංචාව...!!!
2016-07-17T06:40:00+02:00
lankanews
champika ranawaka|Coal|corruptions|gal anguru|lankanews|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...