මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.වීඩියෝ සහිතයි
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය අපි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ආචාර්යවරු සහ යාපන විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිටදී සිදු වූ මෙම ප්‍රහාරය සැලසුම් සහගතව ජාතිවාදී පදනමින් සිදු වී ඇති බව පැහැදිලිය.
දෙමල සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිංහල සිසුන්ටද ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපගේ වැටහීමයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී යාපනයේ සහ වවුනියාව මණ්ඩපයේ සිංහල සිසුන්ගේ ආරක්ෂව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.
තව ද මේ ආකාරයේ ජාතිවාදී ක්‍රියාකාරකම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් උතුරේ හමුදා ශක්තිය වර්ධනය කිරීමත් කිසිදු හමුදා කදවුරක් ඉවත් නොකිරීමටත් රජය කටයුතු කල යුතු බව අපේ අදහසයි.
ආචාර්ය චන්න ජයසුමන
ලේකම්,
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය