ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 9, 2016

වැට්‌ ගැන ආණ්‌ඩුවට බැණීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි...!!!

ආණ්‌ඩුව රටේ ජනතාවගේ බැරි අමාරුකම් හොඳින්ම තේරුම් ගෙන සිටින බව පෙනෙන්නට

තිබේ. ඊට හොඳම උදාහරණය අත්‍යවශ්‍ය භාණ්‌ඩ ගණයට වැටෙන ගුවන් යානා සහ හෙලිකොප්ටර්වල වැට්‌ බදු සංශෝධනය කිරීම ය. නොතේරෙන අයට මේ ගැන පැහැදිලි කර දීම අපේ යුතුකමකි. ඒ මෙසේ ය. පසුගිය අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු සාර්ථක ලෙස දෙවරක්‌ ම වාහන මිල ඉහළ දැමීමට ආණ්‌ඩුව කටයුතු කළේ ය. එපමණක්‌ නොව ත්‍රිරෝදයක මිල ද ඉහළ දැමුවේ ය. ඊ ළඟට බස්‌ ගාස්‌තු ද ඉහළ නැංවීමට නියමිත ය. ඒ මදිවාට රටේ වාහන තදබදය ද, රිය අනතුරු සංඛ්‍යාව ද ඉහළ ගොසිනි. ඒ නිසා මේ මොහොතේ රටේ ජනතාවට මේ සියලු කරදරවලින් බේරී ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ හොඳම ක්‍රමය අඩු මිලට හෙලිකොප්ටර් මිලට ගැනීම ය. මේ 'සහනය' තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව තිබේ නම් ආණ්‌ඩුවට තව තවත් මුදල් ඉතිරි කර ගත හැකි මාර්ගයක්‌ ද අපට පෙන්වා දෙන්නට හැකි ය. ඒ අනුව මිල අඩු කර හෙලිකොප්ටර් ලබාදීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන්නේ නම් පසුගිය ආණ්‌ඩුවට බැණ බැණ අධිවේගී මාර්ග, එලිවේටර් මාර්ග, පාලම් තැනීම අවශ්‍ය වන්නේ නැත. මොනෝ රේල් දුම්රිය ගෙන්වීම ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සූරියවැව ක්‍රීඩාංගනය, මත්තල, රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය, පල්ලේකැලේ ක්‍රීඩාංගනය, කොළඹ මුඩුක්‌කු ඉවත් කර විශාල පිට්‌ටනි සාදා විශාල හෙලිකොප්ටර් අංගන සෑදීම ය. මුදලුත් ඉතිරි ය. වැඩෙත් පහසු ය. අත්‍යවශ්‍ය භාණ්‌ඩ අතර භූමිතෙල් මිල ද සංශෝධනය කර ඇති නිසා හෙලිකොප්ටර් ඉන්ධන සඳහා භූමිතෙල් යොදා ගත හැකි ආකාරයක්‌ 'නව නිපැයුම්' කරුවන්ගෙන් අසා දැන ගත යුතු ය. නො එසේ නම් මාරක ළිඳේ මෝටර් සයිකල් ධාවනය කරන උදවියගෙන් ඒ ගැන අසා දැන ගත හැකි ය. ඒ අය මෝටර් සයිකලය ධාවනය කරන්නට භූමිතෙල් ද යොදා ගන්නා බව කියති.

රට පුරා උද්ඝෝෂණය කරන වැට්‌ විරෝධී කඩ සාප්පුකාරයන් මේ විගඩම වහා නවතා දැමිය යුතු ය. මෙවැනි විකාරවලින් ආණ්‌ඩුව වට්‌ටන්නට බැරි බව ඒ උදවිය තේරුම් ගත යුතු ය. ඊයේ පෙරේදා 'පත්තර බලන්නට' විවේකයක්‌ තිබුණු නිසා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා මුදල් ඇමැතිවරයාට වැට්‌ ප්‍රශ්නය කොතරම් බරපතළ එකක්‌ දැයි තේරුම් ගොස්‌ තිබේ. ඒ නිසාම වැට්‌ අවුලෙන් ගොඩ එන්නට ආණ්‌ඩුවෙන් මහා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල සංශෝධනයට අමතරව ය. කාගේත් දැන ගැනීම පිණිස එයින් කීපයක්‌ ද අපි ලියා තබමු.

  •   මේ ගැන දැනුම්වත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ලබා ගැනීම.

 

  •  පොලිස්‌ අධිකාරි කොට්‌ඨාස මට්‌ටමින් කාර්ය සාධන බළකායක්‌ ඇති කිරීම.

(දැන් ඉතින් උද්ඝෝෂණ හමාර ය. පොලිසිය දැනුම්වත් කිරීමේ පාඩම ඉගෙන ගන්නේ කොහොමද? යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන්, ඇඹිලිපිටියේ පාටි දමන උදවියගෙන් අසා දැන ගත හැකි ය.) ආණ්‌ඩුවට මෙපමණ කාලයක්‌ මේ දැනුම්වත් කිරීමේ උදවිය සොයා ගැනීමේ බරපතළ ප්‍රශ්නයක්‌ තිබුණු බව රටේ මෝඩ ජනතාව දැන හිඳ නැත. මේ සියලු ප්‍රශ්නවලට හේතුව ඒක ය.

  •   පාරිභෝගික අධිකාරියට අලුතින් නිලධාරීන් 100 ක්‌ බඳවා ගැනීමට ද නියමිත ය.

  •   රටේ ජනතාව දැනුම්වත් කිරීමට රට පුරාම පෝස්‌ටර් ව්‍යාපාරයක්‌. (මේ කාර්යය සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන්ගෙන් උපදෙස්‌ ලබා ගත යුතු බව අපි රජයට යෝජනා කරමු. එසේ නැත්නම් අරක්‌කු බෝතලයට කොත්තු පාර්සලයට එන නසරානියන් පෝස්‌ටර් තමන්ගේ ගෙදර ගෙන ගොස්‌ මේ වැඩේ කාබාසිනියා කිරීමේ ඉඩකඩ වැඩි ය.)

  •   හොර වෙළෙඳුන්ගේ තොරතුරු කියන්න දුරකථන අංකයක්‌........ (මෙපමණ කල් වැට්‌ ගසා තිබෙන්නේ හොර වෙළෙඳුන් බවත්, රටේ සුපිරි වෙළෙඳසල්, කඩ සාප්පු ආදියෙහි විකිණීමට ඇති බඩුවලට වැට්‌ ගසා නොමැති බවත් රටේ ජනතාව දැන සිටියේ නැත.)

අය වැය හත් අට වරක්‌ ම සංශෝධනය කළත් ඉවර කරන්නට බැරිවුණු ප්‍රශ්නය මෙවර ටක්‌කෙටම ඉවර ය. මෙපමණ සහනයක්‌ ලබා දුන් පසුවත් මෙහෙයුමක්‌ දියත් කළ පසුත් ආණ්‌ඩුවේ බදු ගැන විවේචනය කරනවා නම් එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි.

 දිවයිනෙන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.