රවි සමග සල්ලි හොරා කෑ කොටි නියෝජිත “රාජ් රාජරත්නම්” උපදේශකයා මහා බැංකුවට....!මහා බැදුම්කර
හොරා පන්නා දමා ඊළගට නව මහා බැංකු අධිපතිවරයා ලෙස පත්කරගෙන
ඇත්තේ කූප්රකට හොර දෙටුවෙක් වන අමෙරිකාවේ ධන කුවේරයකු වු ශ්‍රී ලාංකික
දෙමළ ජාතිකයෙකු වන”රාජ් රාජරත්නම්” නැමැති දෙමළ කොටි ඩයස්පොරාවේ සමාජිකයාට
අයත් ගැලියන් නැමති සමාගමේ විශේශ මූල්‍ය උපදේශකයෙකු මෙන්ම එහි සමාගම්
සමාජිකයෙකු වන අචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි නව මහ බැංකු අධිපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කර තිබේ. “රාජ්
රාජරත්නම්” වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායගම්ගේ ගජ මිතුරෙකු වන අතර මහා
පරිමාණයේ මුදල් වංචා රැසක් සිදුකිරිමට රවි සහ රාජරත්නම් යොදාගනු ලැබුවේ
වත්මන් මහ බැංකු අධිපති ලෙස පත්වු ඉන්ද්‍රජිත් කුමරස්වාමි නායකත්වය දුන්
ගැලියන් නැමති සමාගම වන අතර ඒ හරහා රවි-රාජරත්නම් කොටි සංවිධානයට පවා මුදල්
ලබාදිමට කටයුතු කර තිබේ.
ඒ අනුව අන්ත රනිල් විරෝධීයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරිමේ
ව්‍යාපාරයේ මුලිකයාව කටයුතු කරන රාජා මහේන්ද්‍රන් නොහොත් කිලි මහරාජා
ශිරාල් සහ සජිත් පිළ හරහා ක්‍රියාත්මක කරන ලද මහ බැංකු අධිපති අරුජුන
මහෙන්ද්‍රන් එලවා දමා තමන්ගේ හිතවතෙකු පත්කර ගැනිමේ මෙහෙයුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරහා සිදුකර ගැනිමට සමත්ව තිබේ.
ඇමෙරිකාවේ ගැලියන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී, ශී‍්‍ර ලංකාවේ උපත ලැබූ
දෙමළ ජාතික රාජ් රාජරත්නම්, ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කොට ධනය
රැස් කළ බවට වන චෝදනාවන්ට වරදකරු බව මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණය 2011 වසරේ
තීරණය කල අතර වෝල් ස්ටී්රට්හි ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා
කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වරදකරු වූ වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයා ඔහුය.
අමෙරිකාවේ ධන කුවේරයකු වු “රාජ් රාජරත්නම්” නෙක්සියා සාමාගමට රුපියල්
කෝටි 39ක මුදලක් එවා ඇත්තේ වැරදීමකින් නොව පූර්ව සැලැස්මකට අනුව යැයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රි රවී කරුණානායගම් ඇතුළු
තිදෙනකුට එරෙහි නඩුවේ සාක්ෂිදුන් ශ්‍රි ලංකා මහ බැංකුවේ විශ්‍රාමික අතිරේක
විනිමය පාලක සිසිර කුමාර පෙරේරා කොළඹ මහාධිකරණයේ සාක්ෂි දෙමින්
අනාවරණයක්ද කර තිබේ.