ඔහු මේ අදහස් පළ කළේ පසුගිය දාදකුණු පළාත් සභා සැසිවාරය විවෘත කිරීමට පැමිණි ආණ්ඩුකාරවරයා වෙත පළාත් සභා න්‍යාය පත්‍රයෙන් පිටපැන කරුණු දැක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මෙසේද පැවසීය.
මේ වන විට ඉතා ඉහළ වටිනාකමකින් යුත් ගාල්ල මහ නගර සභාවේ ඉඩම් ටික එක්සත් ජාතික පක්ෂයෙත්, සංධානයෙත් මන්ත්‍රීවරුන් එකතු වෙලා විශාල ලෙස අතයට විකිණීමේ ක්‍රියාවලියක නියුතු වී ඉන්නවා.
අපි මේක බේරා ගැනීම සඳහා නගර සභාව තුළ කතා කළා. පළාත් සභාව තුළ කතා කළා. විෂය භාර අමාත්‍යතුමා එක්ක කතා කළා. මේ කිසිම කෙනෙක් එක්ක බැරි හින්දා අද අපට සිද්ධ වුණා පළාත් සභාවේ සම්ප්‍රදායන් කඩලා විශේෂයෙන්ම ආණ්ඩුකාරතුමන් ආපු දවසේ මේ ගැන එතුමාගේ අවධානයට යොමු කරන්න.