ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 14, 2016

ඉතිහාසය මකා දමා පබිලිස්ලා ද විකිණෙන යුගයක් මේක...!!!

සිංහල ජන සමාජය හරහා ඇවිදමින් විද්වත් භික්ෂුන් සමග බුලත් විට සපමින් පාලි ගාථා ගැටපද විවරණය කරමින් සිංහල ප්‍රභූන්ට සිංහලේ භාශාවෙන් එංගලන්තය ගැන පහදා දෙමින් ගමන් කළ කපටි ජෝන් ඩොයිලිලා සියවස් ගණනාවක් යටත් වීමකින් තොරව ආ සිංහල රාජධාණිය අත්පත් කර ගත්තේය. එය අපට 1815 යටත් කරගෙන 1818 හා 1848 දැවැන්ත සංහාර දෙකක් කරමින් 1948 ආපසු දෙනවිට ඉතුරු වී තිබුනේ උන් සැදූ 50%- 50 % ඉල්ලන ව්‍යාපාරයන් සමග උන් කැමති ආකාරයට භූමි සිතියමක් පමණි.එදා මෙන් අදද ජෝන් ඩොයිලිලා පන්නයේ මෙහෙයුම් ක්‍රියාත්මකය.
දකුණට පේන පුවත් පත් විද්‍යුත් මාධ්‍ය වට කරගෙන සිංහල පන්නෙට ඇති රිචිකත්වය පෙන්වන ඇමරිකානු නිෂා බිස්වාස් ලා නැගෙනහිරට ගිය පසු හා උතුරට ගිය පසු එයාලා කියන සිවිල් සංවිධාන හමුවන්නේ පුවත් පත් වාර්තාකරුවන් කැමරා කරුවන්ගෙන් තොරවය එසේ නැත්නම් මාධ්‍යයට අවසර ලබා දීමකින් තොරවය. ඒ සකච්චා වලින් එලියට එන්නන් 13 ව්‍යවස්ථා බලතල ෆෙඩරල් කාරණා හරි රුචිකත්වයෙන් කථා කරද්දී දකුණේ අනේ බලන්නකෝ... නිෂා බිස්වාස්ලා අපට දෙන පිලිගැනීම අපිව අගයන ආකාරය අපට උදව් කරන්න වෙහෙසෙන ආකාරය ප්‍රශස්ථි එදා ජෝන් ඩොයිලිලාට මෙන් ගයනු ඇසෙන්නේය.
මව් බිමට තීරණාත්මක මොහොතේ මාසයකට වරක් ගානේ වර්ථමාන ජෝන් ඩොයිලිලාගේ පරම්පරාවේ උදවිය මේ පොළවට රිංගන්නේ එදා උන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් වගේම අදත් උන්ගේ ව්‍යාපෘති වෙනුවෙන්ය.
අද දවසේ කොලපාට එවුන් නිල්පාට උන්ගේ වැරදි හොය හොයා කුලල් කා ගන්න විට..
නිල් පාට එකා කොළපාට එකාගේ වැරදි හොයමින් කුලල් කමින් සිටින විට..
රතුපාට එකාලා දෙපැත්තටම බනිමින් කෙටවීම තීව්‍ර කරමින් සිටින විට..
උන් එදා මෙන්ම ඉතිහාසගත රැවටීමකට මවු පොළව තල්ලු කරමින් සිටී.
සිදුවෙමින් පවතින්නේ එම ක්‍රියාදාමය බව වඩාත් හොදින් ඔප්පු වෙමින් පවතින්නේ උන් අපෙන් ඉල්ලන ඉලිම් ආන්ඩු මාරු වුනාට වෙනස් නොවී හැඩය පමණක් වෙනස් කොට හරය සගවා පෙන්වමින් පවතින විටය.
මේ රගන්නේ ජෝන් ඩොයිලිලාගේ වත්මන් පරපුරය. රැවටෙන්න බලාගෙන ඉන්නේ එදා රැවටුනු උන්ගේ පරම්පරාවය.
නුවන් මොණරවිළ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.