ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 13, 2016

ඉන්දියාව, ලංකා මුහුදත් නිත්‍යනුකුලවම කොල්ල කෑමට සැරසෙයි...!!!

දකුණු ඉන්දීය ධීවරයන් විසින් ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධීව සිදුකරන මත්ස්‍ය සම්පත කොල්ලකෑම නතරකිරීම සදහා විසදුම ලෙස ඉන්දියාව විසින් බලපත්‍ර‍ ක්‍ර‍මයක් යෝජනා කර ඇත. ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍ර‍තිරෝධය හේතුවෙන් එම නිළධාරීන් දැනුවත් කිරීමකින් තොරව රනිල් , ධීවර අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා විසින් දැන් මේ යෝජනාව “සළකා බලමින් සිටින“ බවද වාර්තා වේ.මෙම යෝජනාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට පවසා ඇත.

තවද එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාල තාක්ෂණික ක්‍ර‍මවේදය ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉන්දියාවට ඉදිරිපත් කරන බවද හෙතෙම ප්‍ර‍කාශකර ඇත.මෙය සාධාරණීකරණය කිරීම සදහා ආරක්ෂක ලේකම්වරයා විසින් 1976දී සිරිමා බණ්ඩාරනායක අගමැතිණිය විසින් අත්සන් කළ ගිවිසුමක් පිළිබදව සදහන් කර ඇතත් එය කර ඇත්තේ කරුණු සම්පූර්ණයෙන් විකෘති කරමිනි. එම ගිවිසුමෙන් අගමැතිණිය ශ්‍රී ලංකාවේ ධීවරයන්ගේ අයිතිය තහවුරු කළ නමුත් ඉන්දීය රජය විසින් එම කොන්දේසි බිද දමනු ලැබිණි.
මේ තත්වය අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග වෙතින් ද සනාථ කර ඇති අතර ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ද මෙය නරක යෝජනාවක් නොවන බව පවසා ඇත. ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ දැනට නීතිවිරෝධීව ලංකා මුහුදේ මසුන් මරණ 3000ක් පමණ වන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ගණන මේ මගින් 250කට අඩු කරගත හැකිවනු ඇති බවයි.
නමුත් දැනට නීතිවිරෝධීව ලංකා මුහුදු සීමාවේ මසුන් මරණ ඉන්ධිය ට්‍රෝලර් තුන්දහස නතර කිරීමේ ක්‍ර‍වේදයක් මේ කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් නොකරයි. මේ යෝජනාව සඵල වුවද සිදුවන්නේ නීතිවිරෝධී යාත්‍රා සංඛ්‍යාව 2750ක් වී 250ක් නීත්‍යානුකූල ඒවා වීම බවත් මේ ගණන ක්‍ර‍මිකව වෙනස් වී සියල්ල නීත්‍යානුකූල කිරීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවත් මේ ටිකිරි මොළවලට නොතේරීම ජාතියේ අවාසනාවකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.