ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 29, 2016

ද්‍රවිඩ හා මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයන් මත් දුම්කුඩු කුප්පි 70000ක්‌ රේගුවෙන් පනින්න හදයි...!!!

ඉලක්‌කය පාසල් සිසුන්
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිට ලිඛිතව දන්වයි...

 පාසල් සිසුන්ට අලෙවි කිරීම ඉලක්‌ක කර ගනිමින් ආනයනය කළ නිකොටින් අඩංගු පිළිකා කාරක දුම්කුඩු කුප්පි හැත්තෑදහසකට අධික ප්‍රමාණයක්‌ නිදහස්‌ කිරීම සඳහා රේගුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (29 දා) අනාවරණය කළේය.
වෛද්‍ය සංගමය කළ අනාවරණය තහවුරු කරමින් රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන්  ප්‍රකාශ කළේ මෙම දුම්කුඩු තොගය මුදානොහැර 2015 වසරේ සිට රේගුව භාරයේ රඳවා ගෙන සිටි බවයි. නහයට මෙම කුඩු ස්‌වල්පයක්‌ දමා ආඝ්‍රානය කිරීමෙන් මත්වන බව පැවසූ එම නිලධාරියා පාසල් සිසුන් අතර මෙය භාවිත වෙමින් තිබෙන බවද කීය. එකක්‌ අඟල් දෙකක්‌ තුනක්‌ අතර ප්‍රමාණයකින් යුත් මෙම කුප්පි මෙරටට ගෙන්වා ඇත්තේ ද්‍රවිඩ හා මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු බව පැවසූ රේගු නිලධාරියා ඉන් කුප්පි 30000 ක්‌ සාම්බ්‍රානි ගෙන්වන මුවාවෙන් ගෙන්වා ඇති බවද අනෙක්‌ කුප්පි තොගය දුම්කුඩු නමින්ද ගෙන්වා ඇති බවද කීය.

මෙම කුප්පිවල ඇත්තේ නිකොටින් අඩංගු කුඩු බවද ඒවා ලංකාවට ගෙන එද්දී නිෂ්පාදිත දිනය හා වසර කල් ඉකුත්වන දිනය හා වසර මෙන්ම සෞඛ්‍ය අවවාද සහිත ලේබල් කිසිවක්‌ නොතිබූ බවද එනිසා දුම්වැටි හා මධ්‍යසාර අධිකාරි පනතේ 34 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවද එම රේගු නිලධාරියා පැවැසීය.

මෙම කුප්පි තුළ ඇත්තේ පිළිකා කාරක කුඩු බැවින් ඒවා නිදහස්‌ නොකරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය සහ දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය උපදෙස්‌ දී තිබියදීත් රේගුව විසින් මේවා නිදහස්‌ කිරීම සඳහා පසුගිය 28 වැනිදා අදාළ සමාගම වෙත අවසර දී ඇතැයිද එකී නිලධාරියා ප්‍රකාශ කළේය.

මෙම දුම්කුඩු රඳවා තබාගෙන රේගුව විසින් පරීක්‌ෂණයක්‌ කර ඇතැයිද ඒ අනුව සාම්බ්‍රානි ලෙස ගෙන ආ දුම්කුඩු කුප්පි ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමටත් අනෙක්‌ දුම්කුඩු කුප්පි ලේබල් අලවා අලෙවි කිරීම පිsණිසත් නිදහස්‌ කිරීමටත් රේගුව තීන්දු කර ඇතැයිද හෙතෙම කීවේය.

මෙම දුම්කුඩු කුප්පි නිදහස්‌ කිරීම සම්බන්ධව අඩුම තරමේ නීතිපතිවරයාගේ අවසරයක්‌ හෝ ලබාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.

මෙම දුම්කුඩු කුප්පි නිදහස්‌ කිරීම හරහා පාසල් දරුවන් ඊට ඇබ්බැහි වීමේ දැඩි අවදානමක්‌ තිබෙන බවද පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්‌ කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.