ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 25, 2016

ලක්‍ෂ්මන් කිරිඇල්ලට උපදේශකයෝ 62 ක්‌

"මේ ආණ්‌ඩුවේ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා උපදේශකයෝ 62 පත්කරලා. මහජන මුදල් නාස්‌ති කරනවා. මේ සිදුවන දේවල් නැවැත්වීමට ආණ්‌ඩුවේ වගකිවයුත්තන්ට ඇස්‌කන් නැද්ද" යෑයි දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ  විමසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි කළ බව (24දා) කොළඹදී පැවැති දූෂණ විරෝධී පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වසන්ත සමරසිංහ  මෙසේද කීය.

"අපි පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා තමන්ගේ අමාත්‍යංශයට උපදේශකයන් 62 දෙනෙක්‌ පත්කිරීම ගැන.
පසුගිය ආණ්‌ඩුවේ හිටපු ඇමැති කුමාර වෙල්ගමට නඩුදාලා උපදේශකයකුට වැඩිපුර රුපියල් 50000 ක්‌ ගෙව්වා කියලා. එහෙම තියෙද්දී මේ ආණ්‌ඩුවේ කිරිඇල්ල ඇමැතිවරයා උපදේශකයෝ 62 ක්‌ පත්කරලා මහජන මුදල් ගෙවමින්. මේ සිදුවන දේවල් නැවැත්වීමට ආණ්‌ඩුවේ වගකිවයුත්තන්ට ඇස්‌ කන් නැද්ද? අපි මේ පිළිබඳව දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි කළා.
හිටපු ආණ්‌ඩුව තමන්ට අවශ්‍ය නඩු තීන්දු නොදුන්න විට අගවිනිසුරුවරිය ගෙදර යෑව්වා වගේ අද විගණකාධිපති මේ ආණ්‌ඩුවේ වැරදි හොයනවිට ඔහුට විරුද්ධ වෙලා.
ගල් අඟුරු වංචාව ගැන ශේ්‍රෂ්ඨාධිකරණය කිව්වා මේ සිදුවීම ගැන හදවත සලිතවුණු බව. ඒවගේම විධානයක්‌ දුන්නා ටෙන්ඩරය අහෝසිකර තරගකාරී මිල ගණන්වලට යළි කැඳවන්න කියලා. එජාපයේ නලින් බණ්‌ඩාර මන්ත්‍රීවරයා කියනවා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ තියලා විගණකාධිපති වාර්තාව වැරදියි ඔහු වැරදි වාර්තාවක්‌ දාලා කියලා. මන්ත්‍රීවරයාගේ ඔලුව පරීක්‍ෂා කළ යුතුයි. වාර්තාව වැරදියි නම් නඩුව යන විටම අධිකරණයට කියන්න තිබුණා.
පරණ හොරු අල්ලනවා වගේම අලුත් හොරු අල්ලන්නත් සාධාරණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.