දුර්ලභ
ගණයේ සතුන් විශාල ප්රමාණයක් දඩයම් කර මස් පිණිස සකසද්දි ගත් ඡායාරූප
පෙළක්ම සමාජ වෙබ්
වහා
අත්අඩංගුවට ගන්නා ලෙස බොහෝ දෙනෙක් ඉල්ලීම් කළහ. ඒ අනුව එම පුද්ගලයන් කවුද
යන්න අනාවරණය විමත් සමග ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පන්විල පොලීසිය මගින්
මෙහෙයුමක් ආරම්භ කලේය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු
(02) දිනයේ අත්අඩංගුවට ගත් බව පන්විල පොලීසිය පවසයි.
නකල්ස්
වනාන්තරය ආශ්රිතව සිදු කෙරෙන මෙම වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමට නායකත්වය
ලබාදුන් පුද්ගලයා සාද් ශරාෆ් නැමැත්තෙකු බවද හෙළි වුණා. ඔහු මෙම දුර්ලභ
ගණයේ වනසතුන් දඩයම් කරන ආකාරය සහ ඒ සඳහා යොදා ගන්නා ගිනිඅවි ඇතුළු ආයුධ සිය
ෆේස්බුක් ගිණුම ඔස්සේද පළ කර තිබුණා.
කෙසේවෙතත් එම
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔහු මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් ඇති
බැවින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධියට අදාලව අප වෙබ් අඩවිය පසුගියදා ඡායාරූප සහිතව අනාවරණය කළ පුවත බලන්න මෙතන ක්ලික් කරන්න