පෞද්ගලික බස් ගාස්තුව ලබන මස 01 දා සිට සියයට
හයකින් ඉහළ දැමීමට 12 වැනිදා රැස් වූ කැබිනට්
මණ්ඩලය තීරණය කරන ලද බව ඊයේ වාර්තා වී තිබිණි. ඒ අනුව මෙතෙක්
රුපියල් අටක්ව තිබූ අවම බස් ගාස්තුව රුපියල් නවය දක්වා ඉහළ
දැමේ. වඩාත් නිවැරැදිව කිව්වොත් නැගලා බැස්සත් රුපියල් නවයයි.
මාරු කාසි පිළිබඳව කොහෙත්ම ගැටලුවක් ඇතිවන්නේ නැත. ඒ,
කොන්දොස්තරවරයා කොහොමත් රුපියල් දහයම අය කර ගැනීම අනිවාර්ය
බැවිනි. අවම බස් ගාස්තුව එසේ රුපියලකින් වැඩිවන අතර ඊට පසු
ගාස්තුව වන රුපියල් 12 ගාස්තුව රුපියල් 13 ක් වනු ඇත.
රුපියල් 15 ගාස්තුව රුපියල් 16 ක් බවට පත් වේ. රුපියල් 18
ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි වේ. රුපියල් 20 ට වැඩි
ගාස්තු 6% ක ප්‍රතිශතයකින් වැඩිවේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න
රූපවාහිනි නාලිකා සඳහා ප්‍රකාශ කර සිටියේ තවත් මාස දෙකකින් පමණ
අනිවාර්යයෙන්ම මේ ගාස්තු ද වැඩි විය හැකි බවය. පෞද්ගලික බස්
සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියන්නේ මේ
ගාස්තු වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවය. ඒ කතා දෙකම අහන විට
තවත් මාස දෙකකින් පමණ මේ ගාස්තු වැඩි කිරීමට නියමිත බව ඉඳුරාම
කිව හැකිය. මෙවැනි "ප්‍රයිවට් බස්" කතා ජනතාවට දැන් හොඳහැටි
පුරුදු දේවල්ය. හරියටම කියන්නට බැරි ඊළඟ බස් වර්ජනය
පැවැත්වීමට නියමිතව ඇත්තේ කවදා ද යන්න පමණකි.
පසුගිය වැට් බදු වැඩිවීමත් සමගම බස් ගාස්තුවක්
අනිවාර්යයෙන්ම ඉහළ යන බව ජනතාව තේරුම් ගෙන තිබිණි. ඒ ජනප්‍රිය
ජ්යෙතිෂඥයකු හෝ අනාවැකිකරුවකු කී කතා නිසා නොවේ. "හරකා ඊළඟට
පොල් පැළය කා දමන්නේ යෑයි" පෙනෙන්නටම තිබුණු නිසාය.
වැට් වැඩි කළ සැණින් බස් ව්‍යාපාරික කාට කාටත් ගාස්තු වැඩි
කිරීමේ කතන්දරය මතක් විය "ව්‍යාපාරික ගැමුණු" ඒ ගැන කීවේ
මෙසේය.
"වැට් බද්ද සියයට 4 කින් වැඩි කිරීමත් සමගම පෞද්ගලික බස් රථ
කර්මාන්තයට අදාළ පිරිවැය ඉහළ යැමක් සිදු වේ. ඒ අනුව ජුලි 01
වැනිදා සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තු
වැඩිවීමක් අපේක්ෂා කෙරේ".
මේ ටික කියා සතියක් යන විට පෞද්ගලික බස් රථ වර්ජනයක් ද
කැඳවීමට කටයුතු සංවිධානය විණි. ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයට
මැදිහත් වූයේ ඒ අතරය. කතාව පෙළගැහෙන හැටියට දැන් රටේ ජනතාව
රුපියල් විස්සේ හතළිහේ දුරට ත්‍රිරෝද රියකින් යැම බස්රියේ
යනවාට වඩා ලාභදායකය. පහසුය. බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලන
උදවිය අඩුම තරමින් මගියනට පහසුවෙන් සිය ගමනාන්තය දක්වා යැමට
ඉඩකඩ සලසා දෙන්නේ නම් සාධාරණය.
අවම ගාස්තුව හැටියට ගැනෙන රුපියල් නවයක දුර යන මගියකු විඳින
අපහසුතා ගැන අමුතුවෙන් කිව යුතු නැත. කොන්දොස්තරවරයාගෙන් අමු
තිත්ත කතා අසමින් ඉදිරියටත් පසුපසටත් තල්ලු වෙමින් යන ගමනට වඩා
පයින් යැම ඊට වඩා ගුණදායක බව අපි විශ්වාස කරමු. කොහොමත් මේ
වැඩිවීම සෑහුනත් නැතත් බසයකට පැටවිය හැකි ප්‍රමාණයට වඩා තුන්
හතර ගුණයක සෙනඟ පටවා ගැනීමත් ඒ සෙනඟ කිටි කිටියේ හිර කරමින්
කොන්දොස්තර ඒ මැදින් ගමන් කිරීමත් අනිවාර්ය ය. එසේ මගීන්
පටවාගෙන යන අතරවාරයේත් බස් නැවතුම්වල අධික වේලාවක් "ගල්"
වීම් ද, කොට කොටා යැමද පෞද්ගලික බස් රථ මෙරටට ගෙන්වන විටම
වැළඳෙන බෝවන රෝගයකි. එය රියෑදුරුගේ, කොන්දොස්තරගේ හෝ
හිමිකරුවාගේ වරදක් නොවේ. පෞද්ගලික බස් සංගම් පුප්පන විට
හැකිලෙන වගකිවයුත්තන්ට ලංගම දියුණු කර මේවාට උත්තර සපයන්නට
ඉස්පාසුවක් නැත. ඒ උදවිය කියන පරිදි ලංගම පාඩුය. එහෙම බලන
විට ලංගමටත් පාඩුය. ගැමුණුලාටත් පාඩුය. රටේ ජනතාවට කිසිදු
අඩුපාඩුවක් නැත. වරද ඇත්තේ බැණ බැණ ම පෞද්ගලික බස් රථවලට ගොඩ
වන අප අතේය.
උපුටා ගැනීම දිවයින කතු වැකියෙනි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, July 13, 2016
පෞද්ගලික බස් ගාස්තුව අගෝස්තු 01 දා සිට සියයට හයකින් ඉහළ දමයි..!!!
Posted by
lankanews
at
July 13, 2016
Labels: lankanews, mayithi, ranil wickramasinghe, sri lankan people and bus, vat, yahapaalanaya
පෞද්ගලික බස් ගාස්තුව අගෝස්තු 01 දා සිට සියයට හයකින් ඉහළ දමයි..!!!
2016-07-13T20:44:00+02:00
lankanews
lankanews|mayithi|ranil wickramasinghe|sri lankan people and bus|vat|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
