ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 30, 2016

පාද යාත‍්‍රාව කොළඹට ඇතුළු වීම තහනම් කරන්නැයි වාරණ ඉල්ලා පොලීසිය උසාවි යයි..!!! ලැජ්ජයි...නින්දිතයි...!!!

ජන සටන පාද යාත‍්‍රාවට කොළඹ නගරයට ඇතුළු වීම වළකාලන්නැයි වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි

පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර  විසින් එම ඉල්ලීම ඉවත දමනු ලැබුවේ මෙතෙක් පා ගමන නිසා මහජනයාට බාධාවක්, නීති කඩ කිරීමක් හෝ අනර්ථවත් සිදුව නැතැයි ඒකාබද්ද විපක්‍සය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බලමිනි.කෙසේ වෙතුදු මහින්දගේ ජනතා කැමැත්ත කෙළෙසු ජාතික සොරෙකුවූ හොර පෙරකදෝරූ නාමල් ද නිර්ලජ්ජිතව පෙළපාලියේ යන අයුරු විදහා පාන්නේ නැවත සිය පියා රජවුවහොත් නවතපු තැනින් යළි හොරකම් ආරම්භ කරන සැටි මනෝමයෙන් මවාගෙන දෝ අපට නම් සිතේ...!!!

මේවා තුට්ටු දෙකේ වැඩ හාල්පාරුවනී...!!! ලැජ්ජයි...නින්දිතයි...!!!


කොලඹට ළගා වන ජනසටන පාද යාත‍්‍රාවේ ජනරැුළිය පැවැත්වීම සඳහා වෙන් කර තිබූ හයිඞ් පිටිය ලබා දීමට නොහැකි බව පොලීසිය විසින් දන්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර  විසින් මෙම පිටිය වෙන් කර තිබූ අතර එය ලබා දිය නොහැකි යයි පොලීසිය විසින් දන්වා ඇත්තේ මන්ත‍්‍රිවරයාගේ කාර්යාලයටයි.

Friday, July 29, 2016

“රණවිරු රියල් ස්ටාර්ස්” සිරිසේනගේ දුවට විකුණයි...!!!

රණවිරු රියල් ස්ටාර්ස් නාමය අපේ දෙසවනට ඇසෙන්න පටන් ගත්තේ මීට වසර 6කට පෙරාතුව. ඒ අපේ

රණවිරුවන්ගේ විජයග්‍රහණයත් සමඟ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් අනුව ඇරැඹි රණවිරු රියල් ස්ටාර්ස් ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී රියැලිටි වැඩසටහන බවට පත්වුවා පමණක් නොවේ රණවිරුවන් සම්බන්ධයෙන් රජයක් දක්වන සැලකිල්ල පිළිබඳව ජාත්‍යන්තරව පවා දැඩිලෙස කතාබහට ලක්කිරිමට “රණවිරු රියල් ස්ටාර්ස්” තරගාවලියට හැකි වු බව නොරහසකි.
මේ අතර ආරක්ෂක අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ යුධ හමුදාව පාවාදිමේ ක්‍රියාවලිය හේතුවෙන් රජය කෙරෙහි යුධ හමුදාවට ඇතිවි තිබේන අප්‍රසාදය හේතුවෙන් නැවතත් රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහන් ආරම්භ කිරිමට ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර ඇති අතර වැඩසටහන නිෂ්පාදනය කිරිම සදහා සිය දියණිය වන චතුරිකා සිරිසේනට අයත් Media Gang Advertising (PVT) Ltd ආයතනයට පැවරිමටද කටයුතු කර තිබේ.

ප‍්‍රබලයින් 11කට පාද යාත‍්‍රවේ අවසන් දිනය අහිමි වෙන ලකුණු....!!!

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම ගැන අගෝස්තු පළමුවැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 11 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

ජිනීවා නියෝජිතයෙක්‌ කොළඹ සිට වැඩ...!!!

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙරට මානව හිමිකම් කටයුතු විමර්ශනය සඳහා මානව හිමිකම්

නිලධාරියකු පත් කිරීමට තීරණය කර ඇත.
මේ සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇති අතර එම නිලධාරියා කොළඹ ස්‌ථානගත කෙරේ.
මාස 11 ක කාලසීමාවක්‌ සඳහා මෙම මානව හිමිකම් නිලධාරියා පත් කෙරෙන අතර අවශ්‍ය වූවොත් ඔහුගේ සේවා කාලය දීර්ඝ කෙරෙන බවද මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ හා මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයන් මත් දුම්කුඩු කුප්පි 70000ක්‌ රේගුවෙන් පනින්න හදයි...!!!

ඉලක්‌කය පාසල් සිසුන්
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිට ලිඛිතව දන්වයි...

 පාසල් සිසුන්ට අලෙවි කිරීම ඉලක්‌ක කර ගනිමින් ආනයනය කළ නිකොටින් අඩංගු පිළිකා කාරක දුම්කුඩු කුප්පි හැත්තෑදහසකට අධික ප්‍රමාණයක්‌ නිදහස්‌ කිරීම සඳහා රේගුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (29 දා) අනාවරණය කළේය.
වෛද්‍ය සංගමය කළ අනාවරණය තහවුරු කරමින් රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන්  ප්‍රකාශ කළේ මෙම දුම්කුඩු තොගය මුදානොහැර 2015 වසරේ සිට රේගුව භාරයේ රඳවා ගෙන සිටි බවයි. නහයට මෙම කුඩු ස්‌වල්පයක්‌ දමා ආඝ්‍රානය කිරීමෙන් මත්වන බව පැවසූ එම නිලධාරියා පාසල් සිසුන් අතර මෙය භාවිත වෙමින් තිබෙන බවද කීය. එකක්‌ අඟල් දෙකක්‌ තුනක්‌ අතර ප්‍රමාණයකින් යුත් මෙම කුප්පි මෙරටට ගෙන්වා ඇත්තේ ද්‍රවිඩ හා මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු බව පැවසූ රේගු නිලධාරියා ඉන් කුප්පි 30000 ක්‌ සාම්බ්‍රානි ගෙන්වන මුවාවෙන් ගෙන්වා ඇති බවද අනෙක්‌ කුප්පි තොගය දුම්කුඩු නමින්ද ගෙන්වා ඇති බවද කීය.

Thursday, July 28, 2016

පිච්චමල් ජූජාවේ ගිය උපාසක ඇත්තො තැබෑරුමේ ගිලන්පස පෝළිමේදි මාට්ටු...!!!

වර්ෂයක්‌ පාසා අනුරාධපුර මහමෙව්නා උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් රුවන්වැලි මහ

සෑයටත් පවත්වනු ලබන පිච්ච මල් පූජාවට ලංකාවේ නන්දෙසින් මහජනයා යාන වාහනවලින් පැමිණ සහභාගි වෙති.
මෙවරද ඒ සඳහා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව සහභාගි වූහ. මල් පූජාකොට බුද්ධාලම්භන ප්‍රීතියෙන් උදම්වුන බෞද්ධ යයි කියාගත් ඇතැම් පිරිස්‌ නැවත තම ගම් බිම් බලා යන අතරේ කුරුණෑගල ඇල්ල හරහා මාර්ගයේ තලාව සහ තඹුත්තේගම නගරවල මත්ද්‍රව්‍ය අලෙවි කරන මත්පැන්හල් අසල සුදු පැහැති ඇඳුමින් පේලි ගැසී සිට අරක්‌කු මිලදී ගන්නා අසුබ දර්ශන දැකගන්නට ලැබුණි.

කාර් රේස්‌ තරග පවත්වමින්, දළදා භූමිය අපවිත්‍ර කළ කාළකණ්නි තවත් ජනතාව අන්දනවාළු...!!!

මහනුවර පුණ්‍ය භූමිය අපවිත්‍ර කිරීමට ඉඩ නොදී පාගමන් ආරම්භ කිරීම වැළැක්‌වීම පිළිබඳව අධිකරණයට ස්‌තුතිවන්න වන බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවසීය. මහනුවර දංගොල්ල ප්‍රදේශයේ  (28 දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමින් එසේ කියා සිටියේය.
මෙම පා ගමන් සංවිධානය කර තිබූ අය පසුගිය පාලන සමයේ මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම් පවා නොතකමින් කාර් රේස්‌ තරග පවත්වමින්, දළදා භූමිය අපවිත්‍ර කළ බවද කිරිඇල්ල  පැවසීය.

අපතයෙක් ගිය උඩ...!!!

මාධ්‍යයට වල්බුරු නිදහසක් දෙන්න බෑ.. පනතක් ඉක්මනින්ම ගේනවා..

 මාධ්‍යවලට බලපෑම් කරන්නට රජය කටයුතු නොකරන නමුත් මාධ්‍යයන්ට වල් බූරු නිදහසක් ලබා දීමට සූදානම් නැතැයි ඇමති මහින්ද සමරසිංහ කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

පාද යාත්‍රාවට කවර්වී ඵන හොර තක්කඩියා නාමල් රාජපක්‍ෂ අත්අඩංගුව ගන්නැයි අධිකරණයෙන් නියෝග කෙරේ..

කොළඹ අතිරේක මහේත‍්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබේ.
මුල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ මන්ත‍්‍රිවරයාට ගොනු කර තිබූ චෝදනාවක් සලකා බලමින් මෙම නියෝගය කර ඇත.

බුද්ධි අංශ පාවාදිමේ තවත් පියවරක්! හමුදා බුද්ධි අංශ තොරතුරු රහස්‌ පොලිසියට ඉල්ලයි...!!!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වර්ෂ 2008 ජනවාරි 01 වැනිදා සිට 2009 ජනවාරි 31 වැනිදා තෙක්‌ කාලය තුළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ විස්‌තරයක්‌ ලබාදෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදා නීති අංශයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

නපුංසක සංහිඳියාවක බෝඩ් ලෑල්ල යටින් ඵන ද්‍රෝහී පාවාදීම්...!!!

රටට කොළේ වසා කරන මහා පාවාදීම ගැන පක්‍ෂ පාට සිහිනයෙන් මිදී වහා කියවන්න...!!!

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය පනත් කෙටුම්පත් මේ වන විට අග්‍රාමාත්‍යතුමාගේ නියෝගය පරිදි පළකොට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත්කර තිබේ. එවන් කාර්යාලයක් පිහිටුවීම තුළින් අප රටේ ජාතික ආරක්ෂාවට අති විශාල තර්ජනයක් වන අතර, එමඟින් ත්‍රස්තවාදීන්ට එරෙහිව අප කළ යුද්ධයට සහභාගී වූ රණවිරුවන් සහ ඒ සඳහා වූ දේශපාලන නායකත්වය, අතිශය සාවද්‍ය චෝදනා මත වුවද දඬුවමට භාජනය කිරීමේ මහත් වූ අවධානමකට ලක්වීම වැළැක්විය නොහේ.
එසේම මෙම පනතේ තිබෙන තුච්ඡතම සහ පිළිකුල්සහගත තත්ත්වය නම් රටේ අහිංසක ජනතාවට මර බියෙන් තොරව ජිවත්වීමේ නිදහස ලබාදීමට තම ජිවිතය කැපකරමින් සටන් කළ රණවිරුවා සහ අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදියා සම ස්ථානයේ ලා සැළකීමයි. එබැවින් මෙවන් පනතක් සම්මත කිරීමට සිහි බුද්ධියෙන් යුතුව ඡන්දය දෙන සෑම අයෙක්ම දේශයට ද්‍රෝහී වන්නන් බවට පත්වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සම්බන්ධයෙන් අදාළ කරුණු පනතේ යොමු පරිච්ඡේද සහිතව සංක්ෂිප්තව මෙසේ ඉදිරිපත් කරමි.

Wednesday, July 27, 2016

“ඔය ඔක්කොම මගේ විරුද්ධ වාදින්” කාදිනල් තුමාට සිරිසේන දුරකතනයෙන් තරවටු කරලා...!!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  දුරකතනය ඔස්සේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කල

ප්‍රකාශයක් හේතුවෙන් උන්වහන්සේ දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටින බව අගරදගුරු නිළ නිවසේ විශේෂ ප්‍රකාශකයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.
බුදු දහමට හිමි තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු වී තිබිය යුතු බවත් අන්‍යාගමික රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකි බවත් බටහිරින් පැමිණි මානව හිමිකම් නැමැති සංකල්පයට ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය යටපත් කිරීමට ඉඩදිය නොහැකි බවටත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසමින් ඇමතුමක් ලබාදි ඇති ජනපති පවසා ඇත්තේ අදාළ වැඩසටහන සංවිධානය කල හා එම ස්ථානයට පැමිණී සංඝා වහන්සේලා තමන්ගේ විරුද්ධවාදින් බවයි.

කෝ බල්ලෝ රැළ අද ....!!!

මාධ්‍ය නිදහස වෙනුවෙන් උස් හඩින් මොරදුන් අමන NGO බල්ලන් අද කෝ...!! මාධ්‍ය නිදහස පිළිබ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය නිවේදනය

මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට අගමැති විසින් පසුගිය සතියේ කරනලද ප්‍රකාශ වලට අපගේ බලවත් විරෝධය පළකරන අතර, එය පැහැදිලිව පුරවැසියාගේ ශුද්ධවූ අයිතීන් වලට එරෙහිව කරන ලද ප්‍රකාශයන් බව නිසැකය.
මාධ්‍ය නිදහස වෙනුවෙන් උස් හඩින් මොරදුන් අමන NGO බල්ලන් අද කෝ...!!
මෙරට ජ්‍යෙෂ්ඨ හා ගෞරවයට පාත්‍ර වූ  මාධ්‍යවේදියකු සෘජු ගොදුරක් බවට පත්කරගත් අගමැතිවරයා, එම කතුවරයා ඉල්ලා අස්වන ලෙස බලකිරීමෙන් නොනැවතී එසේ නොකරන්නේ නම් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවට කරනුලැබු තර්ජනය සීලාචාර සමාජයේ පිළිකුලට භාජනය වීතිබේ.
සිය මාස 18 ක ධූර කාලය තුල අගමැතිවරයා විසින් මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට කරන ලද පළමු තර්ජනය මෙය නොවන නිසා, වර්ධනය වන මෙම තත්වය සමාජයේ ඉහළම අවදානය හා හෙළාදැකීම උචිත වේ.

මොරගහකන්ද ජලාශයේ අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු යැයි විග්නේෂ්වරන් කියයි...!!!


මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කියයි.
ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව උතුරේ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමට 26 දා  ජපානයේ ජයිකා ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද උතුරු පළාත් සභාවේ මැති ඇමති වරු පිරිසක්ද සහභාගි වූහ.

ඩිජිටලයා පෝර්ට් සිටියේ නම වෙනස් කරයි...!!!



කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මින් ඉදිරියට මූල්‍ය නගරය ලෙස හඳුන්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් සේවා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පැවසීය.
  (26)  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ   මාධ්‍ය හමුවක දී ඒ බව කියා සිටියේය.

බුදු දහම රටේ ඉතිහාසයත් සමඟ බැඳී පවතින ආගමක්‌. ...!!!


බුදුදහමට හිමි තැන හා ගෞරවය
ව්‍යවස්‌ථාවකින් අහිමි නොකළ යුතුයි

- මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා
බුදු දහමට හිමි තැන හා ගෞරවය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකින් අහිමි නොකළ යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
එතුමා එසේ ප්‍රකාශ කළේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ පැවැති 
පුණ්‍ය උත්සවයකදීය. අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ජිනරතන හිමියන් ප්‍රමුඛ අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක, ලේඛකාධිකාරි සහ විහාරාධිපති හිමිවරුන්ට උපහාර පිදීම නිමිත්තෙන් සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන් විසින් මෙම පුණ්‍ය උත්සවය සංවිධානය කර තිබිණි.
එහිදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රද ගුරුතුමෝ මෙසේ ද කීහ.

පළවෙනියා බැඳුම්කර හොරා.. දෙවැනියා ගල් අඟුරු හොරා.. – වාසු

විදුලි බල මණ්ඩලය සදහා ගල් අගුරු මිලදී ගැනීමේදී මහා වංචාවක් සිදුවූයේ චම්පික රණවක ඇමති වී සිටියදී බවත් දැන් ඔවුන් වැරැද්ද විගණකාධිපති පිට දාන්නත් අධිකරණ තීන්දුවද නොපිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

Monday, July 25, 2016

යුරෝපා ගමනාන්ත තුනක ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතී...!!!


ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ප්‍රධාන යුරෝපා ගමනාන්ත තුනකට පවත්වාගෙන යන ගුවන් ගමන් නතර කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව ෆ්‍රැන්ක්ෆර්ට් , රෝමය සහ පැරිස්‌ යන නගරවලට සිදුකෙරෙන ගුවන් ගමන් නතර කරන බවත් එම ගුවන් ගමන් කලක සිටම ශ්‍රී ලංකන් ආයතනය මගින් පාඩුවට පවත්වාගෙන ගොස්‌ ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්  පවසයි.

ලක්‍ෂ්මන් කිරිඇල්ලට උපදේශකයෝ 62 ක්‌

"මේ ආණ්‌ඩුවේ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා උපදේශකයෝ 62 පත්කරලා. මහජන මුදල් නාස්‌ති කරනවා. මේ සිදුවන දේවල් නැවැත්වීමට ආණ්‌ඩුවේ වගකිවයුත්තන්ට ඇස්‌කන් නැද්ද" යෑයි දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ  විමසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි කළ බව (24දා) කොළඹදී පැවැති දූෂණ විරෝධී පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වසන්ත සමරසිංහ  මෙසේද කීය.

පස්‌වැනි ඊළාම් යුද්ධයේ කීටයෝ...!!!

තවත් ජාතියක සංස්‌කෘතිය නොඉවසා මාරාන්තිකව ප්‍රහාර එල්ල කරන නරුමයින් ඇස්‌ පනාපිට

සිටියදී අමුතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුළු කළ යුතුද..? අප වෙත ලැබී ඇති නිල නොලත් ආරංචි ප්‍රකාරව, පළමුව පහර දුන්නේ අපි යෑයි සාවද්‍ය ප්‍රකාශ කරවා ගන්නා තැනට ඊනියා සංහිඳියා හැව ඇඟලාගෙන සිටින ජාතිභ්‍රෂ්ටයන් නොපමාව කටයුතු කර ඇත. මේ ප්‍රහාරය යළිත් දලුලා වැඩෙන ඊළාම් යුද්ධයට සූදානම් වන ත්‍රස්‌ත කීටයන්ගේ සිත්වල පැසවන සිංහල විරෝධයේ දිග පළලද, රතු කමිස හැඳ සිටින ලොක්‌කන්ගේද උන්ගේ අඩිපාරේ යන සොක්‌කන්ගේද වියළි හෘද සාක්‌ෂියේ කළු පැහැයද, යහපාලනයේ නෝංජල්කමද සපථ කර ඇත. ඒ කෙසේ වෙතත් අපට දැනෙන සංවේගය නම් විශ්වවිද්‍යාලයක බල්ලෙක්‌, බළලෙක්‌ මළද ප්‍රකාශ නිකුත් කරන, ශිෂ්‍ය ව්‍යාපාර යන නාමය පිටුපසට වී සිය දේශපාලන මඩි තර කර ගන්නා සහෝදරවරුන්ට මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදැකීමට තරම් පිටකොන්දක්‌ නැතිකම ගැනය.

Saturday, July 23, 2016

ජනප්‍රිය හොරුන් අතර කරුපයියාට පළමු තැන.!!!

ලංකානිව්ස් මගින් රටේ ජනප්‍රියම හොරා තේරීමේ තරඟයෙන් මේ වන විට මුල් වටයේ ප්‍රථම ස්ථානය හොර මුදල් ඇමති කරුපයියා ලබා ඇති අතර දෙවැනි තැන සාටක සුණඛයාට ලැබී ඇත.අපගේ පාඨකයන් අතර මේ වන විට ජනප්‍රියවී ඇති මෙම තේරීමේ තරඟයෙන් අනු පිළිවෙලට තෙවැනි තැන සජින්වාස් හොරා ලබා ගෙන ඇති අතර සිව්වැනි තැනට අර්ජුණ රණතුංග හොරා ලබා ඇත.මහා පරිමාණ ලාබාලතම හොරෙකු වු හොර නාමල් රාජපක්‍ෂට පස්වන තැන ලැබී ඇත.මෙම ජනතා තේරීම් අනුව ප්‍රධාන හොරුන් සැමට ජාතික හොරු විරු සම්මානයෙන් පිදීමට කටයුතු යොදා ඇත....
 ඔබගේ තේරීමද වහා අප වෙබ් අඩවියේ දකුණු පස තීරුවේ ඇති .මෙම විශේෂාංගයට ඵක්වී ලබා දෙන්න.

ජනවාරි අට පෙරළියෙන් දෙමළ සන්ධානය බලාපොරොත්තු වන දේ

පැවැති මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සහ වර්තමාන සිරිසේන - වික්‍රමසිංහ පාලනය යුද අපරාධ

චෝදනා සහ වගවීම සම්බන්ධයෙන් තම තමන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුය.හිටපු ජනපතිවරයාට ලැදි ඒකාබද්ධ විපක්‍ෂය ජනවාරි 15, 2015 පෙර, එම රජය යුද අපරාධ චෝදනා සහ වගවීම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව අනිවාර්යයෙන්ම පසු විපරමක්‌ කළ යුතුමය. එම රජය පරාජය වී වසර 1 1/2 ගතවී ඇතත් එම කණ්‌ඩායම (පොදු විපක්‍ෂය) සහ විදේශීය අතපෙවීම්වලට එරෙහි රටට හිතැති සංවිධාන පවා සිදුවූ අඩුපාඩු පිළිබඳව පසු විපරමක්‌ කරන බව නොපෙනේ.
මෙම තත්ත්වය ඉතාම කනගාටුදායකය.
යෝජිත අධිකරණ ක්‍රියාවලිය මොනයම් මුහුණුවරක්‌ ගත්තත් ඊට මුහුණදීමට අවැසි කරුණු කාරණා පෙළගස්‌වන බවක්‌ අදටත් නොපෙනේ. දැනට සිදුවන්නේ රජය කරනු ලබන මේ සම්බන්ධ සියලු යෝජනා ප්‍රතික්‌ෂේප කිරීම පමණි.

සංහිඳියාවට යෝජනා දෙමළ ඩයස්‌පෝරාවෙනුත් ඉල්ලයි...!!!

සංහිඳියා කාර්යසාධන බළකාය විදේශ රටවල පුරවැසියන් වූ ඩයස්‌පෝරාවෙන්ද වගවීමේ යාන්ත්‍රණය සඳහා අදහස්‌ එවන ලෙස ඉල්ලා ඇත.

ද්‍රවිඩ ඩයස්‌ පෝරාවට සම්බන්ධ සංවිධාන විස්‌සක්‌ ලොව පුරා ක්‍රියාත්මක වේ. මේ ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් විදේශ රටවල පුරවැසියන් නිසා ඔවුනට වගවීමේ යාන්ත්‍රණය හා කරුණු දැක්‌වීමට හිමිකමක්‌ නැතැයි විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයෝ පවසති.

ජඩපාලකයන්ගේ රෙද්ද අස්සේ සඟවාගත් සංහිඳියාව ....!!! ලැජ්ජයි බොලව්...!!!

ඇතැම් කාළකණ්නීන්  මේ වේලාවේද කළදුටු කළ වළ ඉහගැනීමට සමාජ

ජාලා තුළින් අපගේ හමුදාවට පහර ගැසීම අප ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු..සමාජ ජාලා අඩවි වලින් හුවමාරු කරවන මේ බොළඳ මඩ ගැසීම සඳහා යොදාගෙන ඇත්තේද ඵදා ඒ පහර දුන් ජඩයන්ගේම ෆොටෝ වීම තුළින්ම මේ බොරු මඩ ගැසීම නිෂ්ප්‍රභා වේ.... අද යහපාලනයේ සිට බෙදුම්වාදයේ පිටකසමින් රට පාවා දෙන්නට දඟලන බොහෝ ඇත්තෝද මේ අතීතය දැන සිටින්නාහ. සත්‍යය එය ය. එහෙත් අටපාස්‌ දේශපාලනයට නම් මෙකී අතීත කතා මැජික්‌ වන්නටද බැරි නැත.
 

කෙසේ වෙතත් එකී දුෂ්ට වූ දෙමළ බෙදුම්වාදය දැනුදු යළි යළිත් හිස ඔසවමින් තිබෙන බව ඇස්‌පනාපිට තිබියදී අද සංහිඳියාව සහ සහජීවනය නමැති වල්ගයේ එල්ලී දිව්‍යලෝකයට යන්නට දඟලන යහපාලකයන් පසුගියදා ඇතිවූ යාපනය සරසවියේ සිසු ගැටුම දෙස බලා බයිලා කියමින් සිටිනුයේ අතීතය අපට මෙසේ පාඩම් කියා දී තිබියදී නොවේද...?

රට කෑ බල්ලන් දෙදෙනෙකු ගැන ලියැවෙන කථාවක්....!!!



 ඇමෙරිකාවේ  පුරවැසියෙකුව සිට ලංකාවට පැමිණ මහින්දගේ පවුල් හවුල් ගසාකෑමට ඵක්වූ  මහා පාපතරයාවූ  සාටක සුණඛ බැසිල් කළ තවත් මහා පරිමාණ අපරාධයක් හෙළිව ඇත.අප රටට කළ මේ මහා විනාශයට ඒ කාළකණ්නීන් ඵල්ලා මරා දැමුවද කමෙක් නැත. ජනවාරි 8 මෛත්‍රී ගේ ආගමනයෙන් පසුව ඌගේ ගැහැණියද සමග පැදුරටද නොකියා
නැවත ඌ හරිහම්බ කරගත් කෝටි ප්‍රකෝටී  ධනයද රැගෙන පිටව ගොස් නැවත මෙරටට ආවේ මේ නපුංසක යහපාලන රජයට ඌව අල්ලා ගන්නට නොහැකි බව දන්නා  නිසයි.
 මෙම වනාන්තර විනාශය පිටුපස සිටි යෝධ හස්‌තය එවක නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ  රිෂාඩ් ඇමැතිවරයාගේ රැකවරණයට යෝධ සෙවණැල්ල සේ ක්‍රියා කළ අතර, මන්නාරම් මහ දිසාපති මොවුන්ගේ සෙවණැල්ලට පෑගුණු ලිලිපුට්‌ටකු පමණක්‌ විය.


දැන් ට්‍රෝජන් අශ්වයෙකු කිරීමට කැස කවන අජානීය සොරදෙටුවා...!!!

මෙන්න නියම ජාතික ආලය...බලනු මැනවි නිරුවත් දෙනෙත් තුළින් මේ යථාර්ථය
දෙස...Naked Truth of Fake Sataka's

 මේවා පුළුවන්නම් බොරු කියපල්ලා...!!!

ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.

පිට පිට ධන යෝග ලැබෙන කිරිඇල්ල ගේ වංචා රැසක් කරළියේ...!!!

කිරිඇල්ල දුවගේ අනියම් පෙම නිසා අමාතංශයේන් එක පවුලට පඩි තුනක්....!!!<විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා වු කිරිඇල්ල සිය දියණිය වන චාමී කිරිඇල්ල (Chami Kirella) හදිසියේම අටවාගත් කැන්ඩි කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අමාත්‍යංශයේ ව්‍යාපෘති හා කොන්ත්‍රත් භාරගෙන ඉදිකිරිමි කටයුතු පවරන බවත් පසුව කුඩා ඉදිකිරිම් හා ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩයම් සදහා කොමිස් මුදල් ලබාදිමේ ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති පැවරිමට කටයුතු කරන බව  අනාවරණය කිරිමත් සමග තවත් තොරතුරු රැසක්  ලැබී තිබේ.

අද රටේ පාලකයන් අපි කියන දේවත් අහන්නේ නෑ.. – මල්වතු මහ නාහිමි [Video]

අද මෙරට පාලකයන් තමන් වහන්සේලා කියන දේවත් අහන තත්වයක නැති බව මල්වතු පාර්ශවයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ ‘එට්කා’ ගිවිසුම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන්ට කරුණු දැකුවීමට දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

යාපනයේදී ගුටි දුන්නේ සම්ප‍්‍රදාය කැඩුව නිසා.. – කැබිනට් ඇමති අපතයා කියයි..

පසුගියදා යාපනය සරසවියේ ගැටුමක් ඇති වූයේ සම්ප‍්‍රදාය කඩකිරීම නිසා යයි නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන අමාත්‍ය එම්. ස්‌වාමිනාදන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ශ්‍රීලංකාව ඇමරිකාවේ කොළනියක් කිරීමට හදන කාලකණ්නි දේශපාලුවෝ...!!!

එක්සත් ජනපද කොළණියක් ශ‍්‍රි ලංකාව නිර්මාණය කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික සංවිධාන එකමතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර  කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.අමෙරිකානු ‘මැරීන් කෝප්ස්’ නම් දරුණුම හමුදා කඳවුරක් මෙරට තුල පිහිටුවීමට අක්කර හයක ඉඩමක් දී ඊට උවමනා නැව් දෙකක්, ගුවන්යානා 2ක්ද මිලදී ගෙන ඇතැයි ඔහු සඳහන් කලේය.

කළු ජූලියේ අඳුරු මතක සටහන්...!!!

1983 ජුලි 23 දා මෙරට සිදු වු කළුජූලිය හෙවත් අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව එම සිදුවීම් නොඳුටු පාර්ශව විවිධ තොරතුරු හෙළි කිරීමේ යෙදී ඇත.එහෙත් සිදු වූයේ කුමක්‌ද යන්න අපි එදා සියෑසින් දුටුවෙමු. මෙයට වසර 33 කට පෙර සිදු වු එකී විනාශකාරී සිද්ධියට හේතු වූයේ පලාලි තිරුනවලි මාර්ගයේ දී හමුදා භටයන් රැගත් වාහනයක්‌. බිම් බෝම්බයකට ගොඳුරුවීම නිසාය. එදා බිම්බෝම්බවලට ඔරොත්තු දෙන බපල් රථ හමුදාවට තිබුණේ නැත.මෙම බිම්බෝම්බ පිපිරීමට දින අටකට පෙර එනම් 1983 ජුලි 15 දා ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ චාල්ස්‌ ලූකස්‌ ඇන්තනී හෙවත් සීලන් යාපනයේ මේසාවලි ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත් විය. සිලන් යනු ප්‍රභාකරන්ගේ විශ්වාසවන්ත සගයායි සීලන්ගේ මරණයෙන් කෝපයට පත් ප්‍රභාකරන් ඊට පලි ගැනීමක්‌ ලෙස හමුදා භටයන් රැගත් වාහනය බිම්බෝම්බයක්‌ අටවා විනාශ කළේය.

Friday, July 22, 2016

කිරිඇල්ලගේ දුව මාර්ග සංවර්ධනයට විදී..!!! මෙන්න තවත් ජාතික හොරෙක්...!!!

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල සිය අමාත්‍යංශය හරහා සිදුකරන ඉදිකිරිම් කටයුතු සියල්ලම සිය දියණියගේ සමාගමට පැවරිම හේතුවෙන් ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සමාගම් බරපතල අර්බුදයකට මුහුණ දි තිබේන බව  අනාවරණය වේ.
ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා වු කිරිඇල්ල සිය දියණිය වන චාමී කිරිඇල්ල (Chami Kirella)හදිසියේම අටවාගත් කැන්ඩි කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අමාත්‍යංශයේ ව්‍යාපෘති හා කොන්ත්‍රත් භාරගෙන ඉදිකිරිමි කටයුතු පවරන බවත් පසුව කුඩා ඉදිකිරිම් හා ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩයම් සදහා කොමිස් මුදල් ලබාදිමේ ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති පැවරිමට කටයුතු කරන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

පාදඩ ජාතිවාදී සත්ගුණ රාජාගේ කතාව ...!!!..

යාපන සරසවියේ දී දෙමළ ජාතිවාදීන්ගේ පහරදීම් වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන

සිසුවාගේ සුව දුක් සොයා බැලීම සදහා පැමිණි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල  මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.මේ දරුවන්ට ආරක්ෂාව සලසන්න රජයට බැරිනම් , යාපනය කියන්නේ සහජීවනය නොදන්න තැනක් නම් ඒක ලෝකෙටම පෙන්නල මේ දරුවො ටික වෙනත් විශ්ව විද්‍යාලයකට ගෙනල්ල ඔවුන්ට ආරක්ෂිතව අධ්‍යාපනය ලබන්න ඉඩ සලස්වන්න කියල අපි රජයට කියනවා.
පසු ගිය ජනාධිපති වරණය සමයේ සිරිසේන  ජනපති උනොත් අපි ආණ්ඩුවේ සිටින තුරා සිංහල ජනතාවට අසාධාරණයක් වෙන් අපි ඉඩ තියන් නෑ කියමින් පුවත්පත් වල පිටු පුරා දැන්වීම් දාපු පිරිස් අද කියනවා රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ අයට බලය දුන්නේ අපි ට නීතිය කියාත්මක කරන්න ද? මේ රටට ජාතියට කල අපරාධයට ඒ අය සමාව ගත යුතුයි. නැත්නම් ජනාධිපති වරණයේදී පොරොන්දු වූ ආකාරයට සිංහල ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ වගකීම ඔවුන් කරට ගත යුතුයි.  නැතිනම් මේ සිදුවීමේ වගකීම භාර අරගෙන ඇමති මස්කටු සූප්පු කිරීම වහාම අත් හල යුතුයි.

ජඞ පාලන ඊනියා සංහිඳියාව සිංහල සිසුන්ට විතරද....!!!


ආරක්‍ෂාව තහවුරු කරන තෙක්‌
යාපනය සරසවියට දරුවන් යවන්නේ නෑ


- විද්‍යාපීඨ සිසුන්ගේ දෙමාපියෝ 
යාපනය විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ හා ඉන් පිටතත් පූර්ණ ආරක්‌ෂාව තහවුරු කෙරෙන තෙක්‌ සිය දරුවන් එම විශ්වවිද්‍යාලයට නොයෑවීමට එහි විද්‍යාපීඨ සිසුන්ගේ දෙමවුපියෝ තීරණය කර සිටිති.සිසුන්ගේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මැදිහත් වීමක්‌ මෙතෙක්‌ සිදු වී නොමැති බවද එම දෙමාපියන් ප්‍රකාශ කළේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ  (21 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

යාපනයේ තවමත් ඇති ඊළාම් උසාවි…?

යාපනයේ සරසවියේ ඇති වුණු ගැටුමේ දී උසාවිය කටයුතු කළ ආකාරය අතිශයින්ම ප්‍රශ්නකාරියි.  තමන්ට පහර දීමට නායකත්වය දුන්නේ කවුද පහර දුන්නේ කවුද කියලා පහර කෑ සිසුන් පොලීසියට ප්‍රකාශ කරලා තිබුණා.  පහර කෑමට ලක් වුණු දරුවන්ගේ ප්‍රකාශ වල නම් සඳහන් අය අත්අඩංගුවට ගන්න එපා ඒ අය උසාවියට භාර වේවි කියලා පොලිස් නිළධාරින්ට ඉහළින් උපදසේ ලැබුණු බවට මට දැනුම් දුන්නා. කිව්වා වගේම අන්තවාදි කොටි හිතැති ශිෂ්‍ය නායකයෙකු වන සසිදරන් තනකේශ්වරන් උසාවියට භාර වුණා.  සාමාන්‍යයෙන් මෙවැනි පහර දීමක දී සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ නෑ.  ඇප පනතේ ඇප නොදීමට දක්වන හේතු හතරෙන් තුනක්ම සසිදරන්ට අදාළයි.  පහර දීමක දී නොවේ හදිසි අනතුරක දී වුණත් ගොදුරු වුණු තැනැත්තා බරපතල තත්වයක සිටින බව වෛද්‍යවරු සනාථ කරනවා නම් ඇප දෙන්නේ නෑ.  ඒ ජීවිත හානියක් වුණොත් අධිකරණය මග හැර සිටීමට හැකි බැවින්.  දෙවන හේතුව වන්නේ ශිෂ්‍ය නායකයෙකු වගේම මැර පසුබිමක් තිබෙන අයෙකු වන හෙයින් අනෙකුත් සිසුන් සාක්ෂි දීමට බලපෑම් කරන්න පුළුවන්.  තෙවන හේතුව වන්නේ මහජන කැළඹිලි වලට තුඩු දෙන සිදුවීම් වල දී ද ඇප දෙන්නේ නෑ.

මත්තල ගුවන්තොටද විකුණයි.. ගැණුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවයි..


මත්තල ගුවන් තොටුපළ විකුණා දැමීම සඳහා අයදුම්පත් කැඳවන බව ජාත්‍යන්තර ෆෝබස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එන අගොස්තු මස 12 වැනි දින දක්වා මෙසේ අයදුම් පත් කැඳවා ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

විකිණීමට ඇත...!!!

නව ආයෝජකයකුට ශ්‍රී ලංකන් පවරා දෙනවා
- ඇමැති කබීර් හෂීම්

 පාඩු ලබන ශ්‍රී ලංකන් ආයතනය ඉදිරියට පවත්වාගෙන යැම සඳහා නව ආයෝජකයකු සොයාගෙන එහි කළමනාකාරීත්වය එම ආයතනයට මුළුමණින්ම පවරා දීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්  (21 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
ඒ අනුව රජය එයාර් ලංකා ආයතනයේ කළමනාකරණයෙන් ඉවත් වන අතරම එයාර් ලංකා ආයතනය සඳහා රජය ඉදිරියේදී කිසිදු මුදල් ආයෝජනයක්‌ කිරීමට අපේක්‍ෂා නොකරන බවද ප්‍රකාශ කළ ඇමැතිවරයා ඒ අනුව එයාර් ලංකා පාඩුවේ බර මහජනතාව පිට පැටවීම නවත්වන බවද සඳහන් කළේය.

Thursday, July 21, 2016

ජනතාවට වැටෙන්නම දුන් වැට් බද්ද ...!!!

වැට්‌ විවාදය පරක්‌කු කරන්නේ තවත් ජංජාලයකට දැයි අසන්නට නොව කල්පනා කරන්නටවත් අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් ඒ කවර තීරණයක්‌ වුව ජනවාරි 08 ජනවරමට පිටුපා යන එකක්‌ නොවිය යුතු බව අපේ විශ්වාසයයි. මේ ආණ්‌ඩුව පත්කළේ මේ රටේ ජනතාව බව ආණ්‌ඩුවේම උදවිය කියන විට අප කියන කාරණය සාධාරණ බව වැටහෙනු ඇත.වැට්‌ බදු සංශෝධන කෙටුම්පත 20 දා විවාදයට ගැනීමට නියමිතව තිබුණද එසේ වූයේ නැත. පසුගිය මැයි 02 වැනිදා සිට අයකර ගැනීමට කටයුතු කරන ලද වැට්‌ බද්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එසේ බදු අයකිරීම වැරදි බව පෙන්වා දෙමිනි. එහෙත් ඒ වනවිටත් වෙන්නට ඕන හරිය වුවමනාවටත් වඩා හොඳින් සිදුවී තිබිණි.

හොරාගේ අම්මගෙන් පේන ඇසු වගයි...!!! මෙන්න ජඩපාලනයේ සහජීවනය, පොලීසියත් අසරණ කරයි..!!!

යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන් පිරිසකට පහරදී 25 දෙනකුට තුවාල සිදුකළ ශිෂ්‍ය කණ්‌ඩායමට නායකත්වය දුන් බවට සැක තනකේෂ්වරන් සිසිදරන් නමැති නුතන ප්‍රභාකරන්  රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස යාපනය මහෙස්‌ත්‍රාත්වරයා 20 වැනිදා නියෝග කළේය.මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජීවන් මධුරංග නමැති විද්‍යා පීඨ ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට මෙලෙස ඇප ලබාදී තිබේ.
සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිට ඇත්තේ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
එම්. සුමන්දිරන්ය.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු ශිෂ්‍යයකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින නිසා සැකකරුට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් යාපනය මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර සැකකාර ශිෂ්‍යයා මෙසේ ඇපමත මුදාහැර තිබේ.

අල්ලස් කොමිසමේ ලොක්කීට අල්ලස්..... වැටුප් දෙකක් ගෙවන්න කැබිනට් අනුමැතිය...!!!

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රැක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහගේ වැටුප් වැඩ කිරිම සදහා වූ යෝජනාවක් අනුමැතිය සදහා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ  රනිල් වික‍්‍රමසිංහ විසින් වන අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පෞද්ගලික වනසේ විශේෂ වැටුප් ගෙවීමට එම යෝජනාවෙන් ඉල්ලා ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට හිමි මාසික වැටුප් හා දීමනා මෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට හිමි දීමනාව දුරකථන දීමනාව, ඉන්ධන දීමනාවද රජයේ නිවාස කුලී දීමනාවද ඇයට ගෙවිය යුතු යයිද යෝජනාවේ දැක්වෙයි

Tuesday, July 19, 2016

සීනි, ලූණු ඇති ආහාරවලට තවත් බදු පැනවිය යුතුයි...!!!

රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 68 ක් මියයන බෝනොවන රෝග පාලනය කිරීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක ෙවි. එහිදී පාසල් පෝෂණ වැඩසටහන ඉන් ප‍්‍රධාන වෙයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වයස අවුරුදු 06-10 දක්වා වයස් සීමාෙවි දරුවන් සිටින පාසල් 400 කට පෝෂණය පිළිබද දැනුම ලබාදීම සදහා වූ කරුණු ඇතුලත් පොත් ලක්ෂ 10 ක් ඉදිරියේ දී බෙදාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සකස් කොට ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන අතර, පාසල් අපනශාලා ප‍්‍රතිපත්තිය ද අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි.

ගුටි දෙන්න ආ යාපනේ සරසවි සිසු සංගම් සභාපති ඊලාම, කොටි සමරන සාක්‍ෂි.. [Photo]

යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.
“යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.

හිරේ දැමූ විගස රෝහල්ගත වන කපටි සාටක සුණඛයා...!!!

මුලින්ම හිර භාරයට පත්වූ මොහොතේද ලේ බඩ යන බව පවසා රෝහල් ගතවිය.ඉහෙන් බහින ලෙඩක් නොමැතිව සිටි මේ ලෝකෝත්තර කපටියා සිරගත කළ විගසින්ම බොරු ලෙඩ ගෙන රෝහල් ගතවේ...
රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි කියයි.

Monday, July 18, 2016

රට්ටුන්ට තේරුණත් මැට්ටන්ට නොතේරුණදේ...!!!

ඇමරිකානු සහකාර රාජ්‍යලේකම්වරු දැන් මෙරටට පැමිණෙන්නේ දෙදෙනා බැගිනි. මෙයට පෙරද සහකාර රාජ්‍ය ලේකම්වරියවූ නිශා බිස්‌වාල් මෙරටට පැමිණියාය. මෙවර ඇයත් සමඟ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිතොවස්‌කි ඒකාබද්ධවී ශ්‍රී ලංකාවට පැමිණියහ.මොවුන් දෙදෙනා ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් හමුවූයේ ඇමරිකානු තානාපතිගේ නිල නිවසේයි.
ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා, එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සෙල්වම්, අඩෙයිකලානන්දන් මෙන්ම හිටපු මන්ත්‍රි සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ද එම සාකච්ඡාවට සහභාගි වූහ.මෙහිදී ද්‍රවිඩ සිරකරුවන් මුදාහැරීම සඳහා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලීමක්‌ කෙරුණි.

දැන් මත්තල හොඳද...!!! අනේ යකෝ...!!!

ආණ්‌ඩුවට මේ දිනවල සෑහෙන ප්‍රශ්නය. කරන්නට පටන් ගන්නා හැම වැඩකටම කොක්‌කක්‌ වැටේ. ඒ අලකලංචි මැදම ආණ්‌ඩුව වුවමනා නැති වැඩ කරන්නට යන බවක්‌ ද පෙනේ. එනම් ලබන වසරේ 2017 වර්ෂයේදී කටුනායක ගුවන්තොටුපළ මාස තුනක්‌ වසා දැමීමට ගන්නා තීරණය එවැනි වුවමනා නැති වැඩකි. ආරංචියේ හැටියට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාස තුනක කාලයකට වසා දමන්නේ ප්‍රධාන ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා බව කියෑවේ. කටුනායක මාස තුනකට වසා දමන කතාව කොහොම වෙතත් ඒ කාලය තුළ "මත්තල" ඒ සඳහා යොදා ගන්නා බව කීම අමුතුම වර්ගයේ, හිත සසල කරන ආරංචියකි. එය කොහොමටවත් සිදුවිය නොහැක්‌කකි. ඒ නිසාම ගුවන් තොටුපළ බලධාරීන්ට අමු කැවිලා දැයි අපට අසන්නට සිදුවේ. මත්තල "ගුවන් තොටුපළක්‌" ඇති බව 2015 ජනවාරි 08 වැනිදායින් පසු අපට දකින්නට අසන්නට ලැබුණේ ඊයේ දිනයේය.

යහපාලකයන් ජාතියේ අවමඟුල ලියන හැටි අකුරෙන් අකුර පහදයි…

‘2015 ජනවාරි 08 වැනිදා ඇරඹුණේ සමත් රාජ්‍යයක් ලෙස පැවැති මේ රාජ්‍යය ත්‍රිවිධාකාරයකින් බෙලහීන කිරිමේ මෙහෙයුමයි’
විමල් වීරවංශ

2015 ජනවාරි 08 වැනිදා අරඹුනේ සමත් රාජ්‍යයක් ලෙස පැවති ශ්‍රී ලංකාව ආර්ථික බෙලහීන කිරීම, දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම හා ජාතික ආරක්‍ෂාව බිඳ වැට්ටවීම යන ත්‍රිවිධාකාරයෙන් බෙලහීන කිරිමේ මෙහෙයුමක් බවත් එමගින් ශ්‍රී ලංකාව යළි අසත් රාජ්‍යයක් බවට පත් කිරිමේ බටහිර බලවතුන්ගේ ඉන්දියාවේ උවමනාව ඉටු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ  පෙන්වා දෙයි.
පසුගිය 14 වැනිදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැති ‘ව්‍යවස්ථා මරඋගුල සහ ජාතියේ අවමංගුල’ යන තම දේශන මාලාවේ පළමුවැන්න සිදු කරමින්  මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  මෙසේද සඳහන් කළේය.
“මේ මොහොතේ ඉතිහාසය විසින් අපට අප ඉදිරියේ කැනෙමින් තිබෙන වලේ ගැඹුර හා පරිමාව වහාම හඳුනාගන්න කියා බල කරනවා නම් ඒ වෙනුවෙන් හඬ නඟනවා හැරෙන්නට කිරීමට වෙන කිසිවක් අප ඉදිරියේ ඉතිරි වී නැහැ. හතුරු බලවෙගවල න්‍යාය පත්‍රයට ඇද වැටිලා ඒ උගුලේ හිරවෙලා ගොඩ ඒමට බැරි ප්‍රපාතයකට අද මේ රට වේගයෙන් ඇදගෙන යමින් තිබෙනවා. මෙවැනි අවස්ථාවලදි අප ඉතිහාසය පුරාම ඊට එරෙහිව නැගී සිටියා. අද නැවතත් එවැනි නැගී සිටීමක්, ලක්මාතාවගේ දූ පුතුන්ගෙන් ඉතිහාසය ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි ඒ අනතුර තේරුම් ගෙන ඊට එරෙහිව නැගී සිටිය යුතු වෙනවා.

ගුටි කාගෙන සංහිඳයාව රකින්නැයි ගුටි කෑ සිසුන්ට කියයි.

පෙරේදා දිනයේ යාපන විශ්වවිද්‍යාලයේ ඇති වූ ලැටුම නිසා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට  අතුලත් කර සිටින සිසුවාගේ සුව දුක් බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  ඊයේ පස්වරුවේ ගියේය.
මේ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන නිසා ඒවා නිම වන තෙක් අදහස් පළ නොකළ යුතු බවත් මෙම සිද්ධිය හරහා ජාතික සමගියටත් සංහිදියා වැඩපිළිවෙලටත් බාධා කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.

‘මිලේනියම් සිටි’ මහ විපතෙන් දිවි බේරාගත් එකම හමුදා බුද්ධි නිලධාරියා රිමාන්ඞ් කරයි..

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයා එන 27 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙසේ රිමාන්ඞ් කර ඇති හමුදා බුද්ධි නිලධාරියා 2002 මිලේනියම් සිටි සිදුවීමෙන් දිවි බේරාගත් එකම නිලධාරියා යයද වාර්තා වෙයි.

උන්ම පහරදී පාහර ලෙසින් සිංහල සිසුන්ට වරද පටවන දෙමළ වෙබ් අඩවි...!!!

බෙදුම්වාදී පාහර කොටි හිතවාදි සිසුන්ගේ තර්ජන හමුවේ යාපන විශ්වවිද්‍යාලයේ සියලුම සිංහල සිසුන් ඊයේ රාත්‍රීයේම යාපනයේන් පිටකර යැවිමට යාපන පොලිසිය කටයුතු කර තිබේ.ඊයේ ඇතිවු ගැටුමේන් පසුව පොලු රැගත් දමිළ කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන් නවාතැන් ගෙන් සිටින ප්‍රදේශයේ නිරන්තර ගෑවසිම හේතුවෙන් එම ස්ථාන වල ආරක්ෂාව සදහා පොලිසිය යොදවා තිබේන අතර ඊයේ රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා යාපනයෙන් පිටත් කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.