
Participating for Forum 75 in Moscow Russia
එකල මුදල් වංචා රැසක් ආයතනයේ සිදු වී ඇති නමුත් ආයතනයේ විගණනයට මේවන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මැය විසින් ආදායම් මාර්ග සියල්ල බිද වැටීමට සලස්වා ආයතනය පාඩු ලබන බව රජයට ඒත්තු ගන්වමින් ලංකාපුවත් ආයතනය වසා දැමීමට කටයුතු කළේය.
ඇය යහපාලන ආණ්ඩුව පැමිණිමෙන් පසු පත්වු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානගේ මිතුරියක් ද වේ. එම නිසාම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිගේ නිබද ආරක්ෂාව ලැබු මැය සේවක විරෝධය හමුවේද ආයතනයේම තවමත් රැදි සිටියි.
ලලිත් ද සිල්වා නම් හිටපු මුද්‍රණාල සභාපතිවරයාද මෙම ලංකාපුවත් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර මොහු විසින් පවත්වා ගෙන ගිය බාල අංශයේ වෙබ් අඩවිය ඉවත් කොට නව වෙබ් අඩවියක් මාස කිහිපයක් ද දක්නට ලැබුණද එයද මේ වන විට අක්‍රියව පවතින බවක් දක්නට ලැබේ. පසුව පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේද මිතුරෙකු යැයි ඔහු විසින්ම පවසන නිතීඥ නන්ද මුරුත්තෙට්ටුව ලංකාපුවත් ආයතනයට සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. ඔහු ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) ආයතනයේද සභාපති ලෙස කටයුතු කරයි.
ඔහුද මේවන විට මැයගේ හැට හතර මායම් වලට රැවටී ඇති බව හොදින්ම දක්නට ලැබේ. ඒ අතර නන්ද මුරුත්තෙට්ටුවගේ හිතසතුටු කිරීම වෙනුවෙන් පරිපාලන නිලධාරියනියකව සිටි මැයට විධායක තනතුරක්ද හිමිවිය.
එසේම ඇයට ලැබුණු උපන් දින තෑග්ග ලෙස ලංකා නිව්ස් කාස්ට් (LNC) 2016 වසරේ දිග හැරුණේ ලංකාපුවත් ආයතනයේ සියළු සම්පත් භාවිතා කරමින්ය.
නන්දගේ අනුදැනුම පරිදි ඔහුගේ සහචරයින්ද කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව ලංකාපුවත් සහ LNC ආයතනයට අනුයුක්ත කර ගැනීමට කටයුතු කර ඇති අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ලංකාපුවත් ආයතනය තුළම මෙම පෞද්ගලික ආයතනය පවත්වා ගෙන යයි.
මේ පිළිබදව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති හොදින්ම දන්නා කරුණකි. එසේම රාජ්‍ය ආයතනයක නිලධාරියෙක් විදෙස්ගතවන විට තම ඉහළ නිලධාරියාට ඒ පිළිබඳ වාර්තා කළ යුතු අතර ඉහළ නිලධාරීන්ද විදෙස් ගතවන විට අමාත්‍යාංශයද දැනුවත් කළ යුතුය. එහෙත් කිසිදු දැනුම්දීමකින් තොරව නන්ද මුරුත්තෙට්ටුව විසින් ලංකාපුවත් ආයතනයට ලැබී ඇති වාර්ෂික විදෙස් සමුළුව සඳහා යැයි කියමින් මැය සමඟින් පසුගිය (05) දින විදෙස් ගත වී ඇත.