ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 6, 2016

කොස්ගම පලමු ප්‍රහාරය LTTE යෙන්ද...?,නිකන්ම පුපුරන්න කවදාවත් බෑ....!!!

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඊයේ දිනයේ සිදු වූ පිපිරීමෙන් අනපෙක්ෂිත සිදුවිමක් නොවන බව මේ

වනවිට ඉතාවමත් වගකිමෙන් තහවුරු කිරිමට අප  වාර්තාකරු සමත්ව තිබේ.
ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ අදාළ කදවුර තුල අනපේක්ෂිතව යම් පිපිරුමක් සිදුවිමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන් අහුරා තිබුන බව ආරක්ෂක ප්‍රධානින් තහවුරු කර ඇති අතර ඒ හේතුවෙන් යම් පලමු පිපුරුමක් බාහිරින් සිදුකර ඇති අතර ඒ අනුව අවි ගබඩාව පිපුරුම ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බවයි තහවුරු වි ඇත්තේ.
මේ අතර අදාළ කදවුරේ ආරක්ෂාවේ වෙනසක් මිට දින 10කට පෙර සිදුකර ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ හමුදා බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් බවද අප  වාර්තාකරු සදහන් කළා.
මේ අතර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය රැස්විමක් ආරම්භ කර ඇති අතර එය මේ වනවිටත් අවසන්ව තිබුනේ.

 කොස්ගම හමුදා කඳවුර සහ රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ ලිට්මස් පරික්ෂාව —
කොස්ගම හමුදා කඳවුර හුදෙක් හමුදා කඳවුරක් පමණක් නොවේ, ලංකාවේ හමුදාව සතු සුවිශේෂ ඝණයේ කඳවුරකි.
රත්නපුර කොළඹ මාර්ගය මේ අසලින් වැටි ඇතිනිසා කඳවුර වැදගත්කම නිසාම LTTE යුද සමයේ මාර්ගය කඳවුරෙන් 1Km ඇතට වන්නට අලුතෙන් නිමකරන්න යෝජනා පවා පැවතිනි. (ඒ වෙනුවෙන් මුලික සැලසුම් සිදුකර ක්‍රියාත්මක කිරීම පවා ඇරඹුණි. පසුව පුනරින් මෙහෙයුමෙන් ඔබ්බට ලැබූ සීග්‍ර ජයග්‍රහණ නිසා මාර්ගය ඉවත්කිරීමේ ක්‍රියාමාර්ගය නතරවිනි.)
කලක මෙහි ප්‍රධානියා මිතුරෙක් වූ අතර, ඔහුට අනුව මෙම කඳවුරට සිදුවන සෘජු බලපෑමක් මගින් ලංකාවේ ආරක්ෂාව කණපිට පෙරලිය හැකි බවයි.
කෙටියෙන්ම කියනවා නම්, LTTEට කොස්ගමට ගහගත්තා නම් යුද්දය හමුදාවට හුදෙක්ම සිහිනයක් වීමට ඉඩ තිබිණ. එවන් බරපතල අවධානම් තත්වයන් යටතේත් සුරකිව පවතී කොස්ගම හමුදා කඳවුරේ ගින්න හුදෙක් අහම්බුවකට ලඝු කල හැකිද…?
සාමාන්‍ය මට්ටමේ ඕනෑම ගින්නකට පෙර සුදානමේ ඇති කොස්ගම කඳවුර ඉන් ඔබ්බට ආයුධ ගබඩාවට පැතිරෙන්නේ හුදෙක් අහම්බුවකට නම් විය නොහැකිය. මක්නිසාද යත්, සපයා ඇති ආරක්ෂක විධිවිදාන අනුව, පොලව මට්ටමේ සහ ඊට පහලින් ඇති ආයුධ ගබඩාව හුදෙක් සරල ගින්නකට බලපෑම් කළහැකි මට්ටමේ නොවන නිසාය…තවද එයට සිදුවන හානියකදී අරය 1-2Km අතර වන වපසරියකට බරපතල සෘජු  බලපෑම් එල්ල විය හැකිය.
ගින්න කඳවුරේ ආයුධ ගබඩාවටත් ඉන් භූගත ගබඩාවටත් පැතිරුනොත් සිදුවිය හැකි විනාශය සිතාගත නොහැකිය…ඉතාම බරපතල ආරක්ෂක විදිවිදාන යටතේ තිබු කොස්ගම කඳවුර සිදුවන මෙම හානිය, රාජ්‍ය ආරක්ෂාව, ඊට ඇති අවධානමේ තරම සහ ඊට දී ඇති ප්‍රමුඛ තාවය පිලිබඳ කැඩපතකි…මහබැංකු බෝම්බය සහ බරපතල ත්‍රස්ත ක්‍රියා සිදුකල නිදහස් සමාජයට අනුගත කළනොහැකි කළුකොටි නිදහස් කර ඇති පසුබිමක මෙය සාමාන්‍ය සිදුවීමක් හෝ අත්වැරද්දක් විය හැකිද…?
සතුරා වැඩ අල්ලන්නේ රාජ්‍ය ආරක්ෂාව අදාළ නිල මිරිකමින් බව සිදුවෙමින් පවතින සිදුවීම් අනුව පෙනී යයි. බුද්ධි අංශය ළදරු පාසලක් කිරීම, කොමාන්ඩෝ සහ විශේෂ බලඝන සදහා නඩත්තු බරපතල ලෙස සිමාකිරීම, 21 සියවසට සැලසුම් කල ආරක්ෂක සේවා මුලස්ථාන සැලසුම අහෝසි කිරීම සහ අතිදක්ෂ නිලධාරීන් දඩයම මෙහිම තවත් එක් ක්‍රියාවලියකි. කොස්ගම හානිය බරපතල නම් ලංකාවේ ආරක්ෂක හමුදාවම බැටන් පොල්ලක් දරන පොලිස් නිලධරියාගෙන් ඔබ්බට නොයනු ඇත.
සිදුවීම හුදෙක්, සාමාන්‍ය සෙබෙලෙක් හෝ නිලධාරියෙක් දෙසට දිශානති කරමින් පරීක්ෂණ අවසන් වනු ඇත. නමුත් සත්‍ය ලෙසම රටට හිතැති ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ මේ වනවිට සිදුවෙමින් ඇති දේ ගැන විපරිතභාවය කෙසේ පියවා ගනීදැයි සිතන විට කෙටියෙන්ම එය රට කරවන ඇත්තන්ගේ යහපතට නම් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය…

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.