නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක
"රටේ ආර්ථිකය කඩාවැටිලා රට ටි්රලියන් ගණන් ණයවෙලා
තියෙද්දී ජනතාවට සේවය කරන්න ආව මැති ඇමැතිවරු රුපියල් කෝටි
118 ක් වැය කරලා අති සුඛෝපභෝගී වාහන ගන්න එක බරපතළ
වරදක්" යෑයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පැවැසීය.
රටේ ජනතාවට පටි තදකර ගන්න කියලා ජනතාවට සේවය කරන්න ආව මැති
ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට රටේ ධනය වැය කිරීම
කෙසේවත් අනුමත කළ නොහැකි බවද රන්ජන් රාමනායක වැඩිදුරටත් කියා සිටියේය.
මැති ඇමැතිවරුන් තිස්දෙනකු අති සුඛෝපභෝගී වාහන මිලදී
ගැනීම සඳහා රුපියල් කෝටි 118 ක මුදලක් පරිපූරක
ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සම්බන්ධයෙන් කළ විමසීමකදී රාමනායක මේ බව කියා
සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක
මෙසේ ද කීය.
සැප වාහන ගෙන්වන එක තාවකාලිකව නතර කරන්න අග්‍රාමාත්‍යවරයා
ගන්න තීරණය ඉතාම හොඳයි. සැප වාහන ගන්න ආව යෝජනාවට මම
කැමැති වුණේ නැහැ.
අපි බලයට එන කොට ජනතාවට කිව්වෙ හැම කෙනකුටම වාහනයක් ගන්න
තත්ත්වයට ආර්ථිකය ගොඩනගනවා කියලා. ඒත් රටේ ඇතිවෙලා තියන ණය
බර සහ අනෙකුත් විපත් නිසා අද ජනතාවට පටි තද කර ගන්න වෙලා.
ඒවගේ වෙලාවක අනවශ්‍ය දේකට මෙතරම් විශාල මුදලක් වෙන් කරන
එක වැරදියි.
මම පාවිච්චි කරන්නෙ 2011 වර්ෂයේ ලියාපදිංචි කළ වාහනයක්.
ඒක මාසෙකට සැරයක් කැඩෙනවා. ඒත් මම ඒක කොහොම හරි හදාගෙන
පාවිච්චි කරනවා.
මම නිල නිවසක්වත් අරගෙන නැහැ. තාමත් ඉන්නෙ මාදිවෙල
මන්ත්‍රි නිවසෙ. රටේ ප්‍රශ්න ඇතිවෙලා තියන වෙලාවෙ අනිත්
අයත් අනවශ්‍ය වියදම් අඩු කරගන්න ඕනෙ. එහෙම නොකර පසුගිය
ආණ්ඩුව කරපු අනවශ්‍ය වියදම් අපිත් කරන්න ගියොත් යහපාලන
ආණ්ඩුවත් මිනිස්සු ප්‍රතික්ෂේප කරයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, June 10, 2016
අපේම අපතයෝ සැප වාහන ඉල්ලීම හරි කැතයි...!!!
Posted by
lankanews
at
June 10, 2016
Labels: lankanews, new Luxury vehicle, new vehicles to politikko, ranjan, ranjan ramanayaka, unp politicians, yahapalanaya
අපේම අපතයෝ සැප වාහන ඉල්ලීම හරි කැතයි...!!!
2016-06-10T22:15:00+02:00
lankanews
lankanews|new Luxury vehicle|new vehicles to politikko|ranjan|ranjan ramanayaka|unp politicians|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...