කෙසේ නමුත් මෙම
තොරතුරු බොහෝමයක් මේ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතට පත් වී තිබේ.
මේ මස අවසානයේදී සිය සේවා කාලය අවසන් වන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය තව දුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිස ඒකමතිකව තීරණය කර තිබේන බව වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති හමුවකදී වන අතර ජනාධිපතිවරයාද ඊට එකඟතාව පලකිරිම කැමත්ත දක්වා ඇති බවද වාර්තා වේ.
මේ තර බැදුම්කර නිකුතුවේ දත්ත මැකිමේ උත්සාහයක් ඇති බවත් එම නියෝගය එන්නේ මහ බැංකුවේ උඩම තැනකින් බව රනිල්ගේ කුක්කන් වන දුෂණ විරෝධී පෙරමුණද සදහන් කර තිබේ.
විවාද සම්පන්න භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවට අදාළ සියළු පරිගණක දත්ත මකා දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ ට දැනගන්නට ලැබි ඇත.
මහ බැංකුවේ ඉහළම නිලධාරියෙකු මෙම දත්ත මකා දැමිම සදහා සේවකයින් දෙදෙනෙකුට නියෝග ලබා දී ඇති නමුත් ඔවුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම ප්‍රතිකේෂ්ප කර ඇත.
විවාද සම්පන්න දෙවන බැදුම්කර නිකුතුවේ විස්තර දින 36 ක් යන තුරු ලබා ගැනීමට නොහැකි ලෙස පරිගණක පද්ධතියට අගුලු දමා තිබූණි. කෙසේ නමුත් මෙම තොරතුරු බොහෝමයක් මේ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතට පත් වී තිබේ. එයින් එක් වැදගත් තොරතුරක් වන්නේ බැදුම්කර නිකුතුව අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර (පෙ.ව. 10.50) ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාශයන් ට දැඩි හානි සිදුවන ආකාරයෙන් ලංසුවක් ඉදිරිපත් කිරීමය. රජයේ බැංකුවක් හරහා එම ලංසු තැබීම සිදු කොට ඇත.
අර්ජුන මහේන්ද්‍රන් හට භාණ්ඩාගාරයේ අධිපති ධූරය දැරීම සදහා තවත් අවස්ථාවක් හිමි නොවිය හැකි තත්වයක් තුල අනාගත විමර්ශන සදහා පාදක තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් පැවතිය හැකිය.
මෙවැනි දත්ත විනාශ කිරීමක් සදහා දායක වන සියලු පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට දුෂණ විරෝධී පෙරමුණ කිසි ලෙසකින් හෝ පසුබට නොවන බව අප අවධාරණය කරමු.
ලංකානිව්ස් පෙර පුවත්
http://www.lankanews.org/2016/05/blog-post_32.html
http://www.lankanews.org/2016/03/blog-post_6.html
http://www.lankanews.org/2016/06/blog-post_10.html
http://www.lankanews.org/2016/05/blog-post_23.html
http://www.lankanews.org/2015/04/20-10-1025.html