ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 8, 2016

සජිත්ගේ යහපාලනය යාලේ කොටි මරා දත් ගලවලා...!!!

නිධන් හෑරීමේ ඔස්තාර් දේශපාළුවෙකු ලෙසින් ප්‍රසිද්ධ  සජිත් ප්‍රේමදාසගේ  තවත් අපත වැඩක්...!!!
තම රාජකාරියට බාධා කරමින් යහපාලන රජයේ අමාත්‍යවරුන්ගෙන් දිගින් දිගටම එල්ලවූ අනිසි බලපෑම් හේතුවෙන් තව දුරටත් රාජකාරී කළ නොහැකි බව දන්වමින් වනජීව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය  ඉල්ලා අස්වී ඇත.
දැනට ලෝකයේ වන ජීවී විෂය පිලිබඳව සිටින ඉහළම බුද්ධිමතුන් 10 දෙනා අතරට ගැනෙන චරිතයක් ලෙස සැලකෙන ආචාර්ය සුමිත් පිලපිටිය  ලෝක බැංකුවේ වන ජීවී ව්‍යාපෘති බාර කලමනාකාරවරයෙක් ලෙස ඉතා ඉහළ වැටුපකට සේවය කරමින් සිටියදී මෙරට වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාව අනුව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ රාජකාරි භාරගනිමින් මෙරට රාජ්‍ය සේවයට එක් වූ අතර ඉන් පසු මෙරට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔහුට අත්වීඳීමට හැකි වී ඇත්තේ ඉතා අප්‍රසන්න සිදුවීම් මාලාවකටය.

කෙසේ නමුත් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ යාල වනෝද්‍යානයේ සිටි කොටියෙකු ඝාතනය කර එම සත්වයාගේ දත් ගලවමින් සිටි පිරිසක් පසුගියදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඇතිවූ සිද්ධියකි.
අදාල දඩයක්කරුවන් පිරිස ඇමති සජිත් ප්‍රේමදාසගේ සමීපතම සගයන් බව අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් කුපිත වූ ප්‍රේමදාස  තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අමතා ඒ බව පවසා ඇත. ඉන් පසු ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන සුරංග රත්නායක , අමතා වහාම අදාළ චෝදනාව නිවැරදි කරන ලෙසත් සජිත් ප්‍රේමදාස ගෙන් සමාව ගන්නා ලෙසත් ඉතා දැඩිව නියෝග කර තිබේ.
අදාළ බලපෑම හේතුවෙන් යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන සුරංග රත්නායක  මේවන විට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බවත් ඔහුගේ රැකියාව අහිමිවේය යන බිය හේතුවෙන් ඔහු මෙසේ පැමිණ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් සමාව ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ ගැටුම හේතුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය  ඊයේ (06) සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.