එළිසබෙත් මහ රැජින ස්වකීය අත්වැසුම් ගලවා අතට අතදීමේදී ජනාධිපතිවරයාට
දැනුණු සනීපය රටට දැනී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
පවසයි.
ලොව ජයගත් බවට පම්පෝරි ගැසූවද අවසානයේ සිදුව ඇත්තේ අපේ නායකයින් ඒ රටවල
ගොස් කා බී විනෝදවී පැමිණීමත්, ඒ නායකයින් අපේ රටට පැමිණ කා බී විනෝදවීමත්
පමණක් බව මන්ත්‍රීවරයා කියා සිටියේ (06)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ජනපති හා අගමැති තරඟයට මෙන් රට සවාරි යන බවත්,අගමැති ලෝක ආර්ථික සමුළුවට
යනවිට ජනපති ජී-07 සමුළුවට යන බවත්,ලෝක නායකයනුත් පෙළගැසී ලංකාවට පැමිණියත්
රටට ප්‍රයෝජනයක් වී නොමැති බව ඔහු සඳහන් කළේය.
මේ ආණ්ඩුව විසින්ම නිකුත් කළ 2015 මහබැංකු වාර්තාව ගෙන බැලීමේදී මෙම තත්ත්වය තහවුරු වන බව හෙතෙම අවධාරණය කළේය.
2013 වසරේදී ඩොලර් මිලියන 10,394ක්ව පැවති අපනයන ආදායම 2014 දී මිලියන
11,130 දක්වා ඉහළගොස් 2015 දී මිලියන 10,505ක් දක්වා පහත වැටුණු බව
මන්ත්‍රීවරයා කියා සිටියි.
2013 දී 293,218ක් වූ ,2014දී 300,703ක් වූ විදේශීය රැකියා ගණන 2015 දී
263,307ක් දක්වා පහත වැටුණු බවත්,එය 2010 න් පසු වාර්තාවූ අඩුම විදේශ
රැකියා ගණන බවත් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
2014 දී ඩොලර් මිලියන 894ක් වූ සෘජු විදේශ ආයෝජන 2015දී 681ක් වී ඇති
බවත්,රාජපක්ෂවරුන් කොමිස් ඉල්ලන බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට අකමැති
විදේශීය ආයෝජකයින් ඒජාප ආණ්ඩුවක් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින බවට ඒ
දිනවල කළ ප්‍රකාශ දැන් පුස්සක් බවට පත්ව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2014 දී ලංකාවේ කොටස් වෙළඳපලට රුපියල් බිලියන 22ක විදේශ ආයෝජනයක් ගලා ආ
නමුත් 2015දී බිලියන 4.4ක ආයෝජනයක් කොටස් වෙළඳපලින් ඉවත්කර ගැනීමට කටයුතු
කර ඇති බවත්,2014 දී බිලියන 10.6ක් වූ ප්‍රදාන ලැබීම බිලියන 5.3 දක්වා පහත
වැටී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, June 6, 2016
“රැජිණගේ අත අල්ලනකොට සිරිසේනට දැනුන සනීපෙ ජනතාවට දැනිලා නෑ..” – ගම්මන්පිල
Posted by
lankanews
at
June 06, 2016
Labels: british parliment, corruptions ravi, lankanews, meithreepala sirisena, srilanka economy, udaya gamman pila, yahapalanaya
“රැජිණගේ අත අල්ලනකොට සිරිසේනට දැනුන සනීපෙ ජනතාවට දැනිලා නෑ..” – ගම්මන්පිල
2016-06-06T23:40:00+02:00
lankanews
british parliment|corruptions ravi|lankanews|meithreepala sirisena|srilanka economy|udaya gamman pila|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...