ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 13, 2016

හොරා නැවත ඇතුළේ....!!!


අර්ජුන මහේන්ද්‍රන් යළිත්
පත් නොකිරීමට හේතුවක්‌ නෑ

ඔහු ගැන රජයේ විශ්වාසය කඩවී නෑ

- ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල

මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  යළි එම ධුරයට පත් නොකිරීමට හේතුවක්‌ නැති බව සභානායක, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල  ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කළ ද එය විභාගයටවත් නොගෙන ඉවත දැමූ බව ද හෙතෙම කීය.
උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේදී ඊයේ සවස පැවැති මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ කිරිඇල්ල  මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන්  පත් කළේ රජය විසින් බවත් ඒ විශ්වාසය තවම කඩවී නැති බවත් කීය.වීඩියෝ සහිතයි

දිගින් දිගටම ඔහුට චෝදනා එල්ල කරමින් ඔහු වැරැදිකරු කරවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටියත් මෙතෙක්‌ ඔහුට එරෙහිව ඇත්තේ චෝදනා පමණක්‌ යෑයිද කිරිඇල්ල අවධාරණය කළේය.
මෙම චෝදනා වැඩිවශයෙන්ම පාර්ලිමේන්තුවේදි හා ඇතැම් මාධ්‍ය මගින් එල්ල කරමින් සිටින බව ලක්‍ෂ්මන් කිරිඇල්ල  වැඩිදුරටත් කීය.

 මේ වසලයාගේ පෙර හොරකම් අනන්තවත් ඇතත් ඒවා ඉදිරිපත් කිරීමට තරම් දැනුමක් තේරුමක් ඇති මාධ්‍ය වේදීන් කිරිඇල්ලගේ මාධ්‍ය හමුවේ නොසිටීම ගැන කණගාටුවිය යුතුය .මේ පට්ට හොරා ගැන ඇතැම් අඩවි තුළ පළවූ සාක්කි සහිත පෙර පුවත් පහතින්...
.
 මහ බැංකු අධිපති බෑනාගේ සමාගම ක‍්‍රියා කළ හැටි අසාමාන්‍යයි- විමර්ශන කමිටුව කියයි
 සුරැුකුම්පත් වෙන්දේසියේදී ඒවා ලබාගත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් පර්පචුවල් ට‍්‍රෂෙරීස්‌ නමැති සමාගම ක‍්‍රියාකර ඇති ආකාරය අසාමාන්‍ය බවත් මේ පිළිබඳ සොයා බැලීමට නිසි රාජ්‍ය අධිකාරියකින් සම්පූර්ණ විභාගයක්‌ පැවැත්විය යුතු බවත් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කමිටුව නිර්දේශ කර ඇත.


මහ බැංකුව විසින් 2015 වසර සඳහා නිකුත් කළ භාණ්‌ඩාගාර බැඳුම්කර පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල  ඊයේ (19 දා* පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත් කළ මෙම ත‍්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා වශයෙන් නීතිඥ ගාමිණී පිටිපන මහතා ද සාමාජිකයන් ලෙස නීතිඥ මහේෂ් කළුගම්පිටිය සහ නීතිඥ චන්දිමාල් මෙන්ඩිස්‌ද කටයුතු කළහ.

පර්පචුවල් ට‍්‍රෂෙරීස්‌ සමාගම සුරැුකුම්පත් වෙන්දේසියේදී ක‍්‍රියාකර ඇති ආකාරය කරුණු දෙකක්‌ මත අසාමාන්‍ය බව ද බැඳුම්කරයක වටිනාකම රුපියල් කෝටි 100 ක්‌ වෙද්දී එය රුපියල් කෝටි දෙසීයකට ඉල්ලූ‍ම් කිරීම සැලකිල්ලට බඳුන් වූ බව ද කමිටුව සිය වාර්තාවේ දක්‌වා තිබේ.

එමෙන්ම ප‍්‍රකාශයට පත් බැඳුම්කරයේ වටිනාකම රුපියල් කෝටි දහසක්‌ වෙද්දී ඉහත සමාගම රුපියල් කෝටි එක්‌දහස්‌ තුන්සියයක්‌ වටිනා බැඳුම්කර ඉල්ලූ‍මක්‌ සඳහා ලංකා බැංකු සහාය පැතීම ද අසාමාන්‍ය කරුණක්‌ බව කමිටු වාර්තාවේ දැක්‌වේ.

මෙම ගනුදෙනුවේදී මහජන මුදල් වැය කර ඇතැයි ද එනිසා රාජ්‍ය මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය වී ඇද්දැයි සොයා බැලීමට නිසි රාජ්‍ය අධිකාරියක්‌ මගින් සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීම සුදුසු යෑයි ද කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.

කමිටුවට ලද තොරතුරු මත ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතුවල කිසිදු විනිවිදභාවයක්‌ නොමැති බව කමිටුව නිරීක්‍ෂණය කළ බව ද ප‍්‍රාථමික ගැනුම්කරුවන් සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අතර සිදුකෙරෙන කාර්යයන් පිළිබඳ කිසිදු විධිමත් අධීක්‍ෂණයක්‌ සිදු නොවන බව ද කමිටු වාර්තාවේ සඳහන් වේ.

මෙම කාර්යයන් අධීක්‍ෂණය කිරීමේ විධිමත් යාන්ත‍්‍රණයක්‌ නොපමාව ක‍්‍රියාත්මක කළ යුතු බව ද මහ බැංකුවේ සංඛ්‍යා දත්ත රැුගත් ඉහත රහසිගත ලියකියවිලි පවා මහජනතාව වෙත අනාවරණය වී ඇතැයි ද කමිටුව සඳහන් කර ඇත.

මෙම ගනුදෙනුවට අදාළ ලියවිල්ල මාධ්‍ය සහ පුද්ගලයන් අතරේ මහ බැංකු නිලධාරීන්ගේ අත්සන සහිතව හුවමාරු වන බව දැකීමෙන් මහ බැංකුවේ ඉතා ආරක්‍ෂිත වපසරියක තිබිය යුතු රහසිගත තොරතුරු පිටවීමෙන් සහ මහ බැංකුවේ පාරිශුද්ධභාවය ගැන සැකයක්‌ මතුවන බව ද අදාළ ලියවිල්ල ජනතාව අතරට පත්වීම පිළිබඳ මෙතෙක්‌ කිසිදු අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ කර නැති බව ද පවසන කමිටු වාර්තාව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු, එහි නිලධාරීන්, මහ බැංකුවේ අනෙකුත් දෙපාර්තමේන්තු සහ ඒවායේ නිලධාරීන්ගේ කටයුතු පිළිබඳව ද සොයා බැලීමට ක‍්‍රියා කළ යුතු බව ද සඳහන් කරයි.

නිකුත් කරන ලද සුරැුකුම්පත් කිසිදු විටක අවසන් කර නොතිබූ බව ද අවුරුදු ගණනාවකට පෙර නිකුත් කළ කල් ඉකුත් වූ සුරැුකුම්පත් ඒවායේ කල් පිරීමේ කාලය මත නැවත සකස්‌ කොට වසර ගණනාවකට පසුව පෞද්ගලික ඉල්ලූ‍ම් ලෙස තබා ඇතැයි ද මෙම ක‍්‍රියාමාර්ගය විනිවිදභාවයෙන් තොර, සැක සහිත ක‍්‍රියාවක්‌ සිදුකිරීමට අනුබලයක්‌ බව ද පවසන ත‍්‍රිපුද්ගල කමිටුව තමන් හෙළිදරව් කර ඇති කරුණුවලට පිළියම් යෙදීමට සහ එවන් දේ වැළැක්‌වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව ද සිය කමිටු වාර්තාවෙන් දැනුම් දී තිබේ.

මහ බැංකු අධිපති බෑනාගේ සමාගම ක‍්‍රියා කළ හැටි අසාමාන්‍යයි- විමර්ශන කමිටුව කියයි



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.