ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 16, 2016

මවුලානා නොඑන ගමන් යයි..

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා  කොළඹ පුද්ගලික රෝහලකදී 15
පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
හිටපු ඇමතිවරයෙක් මෙන්ම කම්කරු නායකයෙකු වූ මවුලානා
මියයන විට වයස අවුරුදු 85කි.1932 වසරේ ජනවාරි 01 වැනිදා උපත ලද මවුලානා කම්කරු හා වෘත්තීය සමිති නායකයෙක් ලෙසත් සුවිසුල් කාර්යයභාරයක් ඉටු කළ අයෙකි.ඔහු ගැන විශේෂ ලිපියක් ...
නබීතුමාගේ මුනුබුරා දෙවියන්ගේ අඩවියේ දී අතුරුදන්...! 2013/10/20

  ඉස්ලාම් දහමේ නිර්මාතෘ මුහම්මද් නබි තුමාගේ පවුලේ පරපුරෙන් පැවතෙන 34 වැනි පරම්පරාවේ මුනුබුරෙකු සෞදි අරාබියේ මදීනා නගරයේ  හජ් වන්දනාවේ යෙදෙමින් සිටින අතරතුරදී අතුරුදහන් වූයේ යැයි ඔහුගේ පවුලේ ඥාතීහු  කලබල වූහ.
මේ අතුරුදහන්වීම ගැන ඔවුහු එරට ආරක්ෂක අංශවලට දැනුම් දුන්හ. එසේ ම ඔවුන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ අතුරුදහන්වීම පිළිබඳ දැනුම් දී ඒ ඔස්සේ ද සෞදි බලධාරීන් රාජ්‍යතාන්ත්‍රිකව දැනුවත් කරන ලදී.
මුහම්මද් නබිතුමාගේ පරපුරේ මුනුපුරාගේ අතුරුදහන්වීම ගැන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මැදිහත්වීමට සිදුවූයේ ඒ ඔහු ශ්‍රී ලංකාවේජ්‍යෙෂ්ඨ හා වගකිවයුතු පුරවැසියෙකු බැවිනි. හෙතෙම බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා ය. ඔහු නබිතුමාගේ පරපුරට අයත්වන්නේ කෙසේ දැයි කුතුහලයක් ඇතිවන මුත් මුලින් ම වැදගත් වන්නේ මදීනා නගරයේ දී ඔහුට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීම ය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මෙවර මක්කම හජ් වන්දනාවේ යෙදුණේ 15 වැනි වතාවට ය. ඔහු සමඟ ගිය නඩයට අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි හා මවුලානාගේ පුතෙකු වන නජීබ් මවුලානා ඇතුළු පිරිසක් අයත් වූහ.
අලවි මවුලානා මුලින් ම හජ් වන්දනාවේ යෙදී ඇත්තේ වර්ෂ 1986 දී ය. සෑම ඉස්ලාම් බැතිමතෙකුගේ ම ප්‍රාර්ථනය මක්කම හජ් වන්දනාවයි. ඒ ඔවුන්ට ආගමෙන් මේ ගමන අනිවාර්ය කර ඇති නිසා ය. මේ නිසා සෑම ඉස්ලාම් බැතිමතෙක් ම මක්කම යාමට උත්සාහ දරයි. කෙසේ වුව සෞදි රජය මක්කම වන්දනාව සඳහා අවසර දෙන්නේ නිශ්චිත බැතිමතුන් ප්‍රමාණයකට ය. එක් වන්දනා සමයක අවසරය ලැබෙන්නේ ලක්ෂ හතළිහක පමණ බැතිමතුන් පිරිසකට වේ.
ඊට හේතුව වන්දනාවේ දී ඇතිවන තදබදය වැනි දුෂ්කරතා මග හැරීමත් බැතිමතුන් සඳහා අවශ්‍ය ආහාර, ජලය හා නවාතැන් පහසුකම් ආදිය සපයාදීමේ දුෂ්කරතා නිසා ය. එසේ ම සෞදි රජය ලෝකයේ සෑම රටකම වෙසෙන ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ඒ ඒ රටවල ඉස්ලාම් ජනගහනය අනුව හජ් වන්දනාවට නිශ්චිත කෝටා ප්‍රමාණයක් නිකුත් කරයි. එයට අනුව ලොව ඕනෑ ම රටක මුස්ලිම්වරුන්ට මක්කම වන්දනාවට යාමට ලැබෙන්නේ එම රටට ලැබී ඇති කෝටා ප්‍රමාණයට අනුව ය.
ශ්‍රී ලංකාවට ලැබෙන කෝටා ප්‍රමාණයට අනුව මෙරටින් හජ් වන්දනාවේ යන ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ගේ දුක සැප සොයා බැලීම සඳහා මෙරට රජය විශේෂ කමිටුවක් ද පත් කර තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මීට පෙර වසර 8 ක් එම කමිටුවේ සභාපති ධූරය දරා ඇති අතර මෙවර අමාත්‍ය ඒ.එච්‍.එම්. ෆවුසි සමඟ එහි සම සභාපතිත්වය දරයි. ඔවුන් දෙදෙනාම එක්ව මෙවර හජ් වන්දනාවේ ගියේ ඒ අනුව ය.
ඉකුත් 09 වැනිදා සෞදි අරාබිය බලා ගිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා ඇතුළු නඩය මක්කම වන්දනාව ප්‍රධාන වශයෙනුත් ඊට අමතරව මදීනා, මිනා හා මුස්තලිෆා යන නගරවල පූජනීය ස්ථානත් වන්දනා කිරීමට අරමුණු කරගෙන සිටියහ. මුලින් ම ‘මක්කම’ ගිය පිරිස අනතුරුව ඉකුත් 11 දා රාත්‍රියේ මදීනා නගරයට පැමිණ ‘දල්ලා තයිබා’ නම් හෝටලයේ නවාතැන් ගත්හ.
ඉස්ලාම් දහමේ නිර්මාතෘ මුහම්මද් නබි තුමාගේ දේහය තැන්පත් කර තිබෙන්නේ මදීනා නගරයේ ‘මස්ජිදුල් නබවි’ දේවස්ථානයේ ය.
එම දේවස්ථානය ලොව නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැති මතුන්ට ඉඩ ලබාදීම සඳහා අක්කර 50 කටත් වැඩි භූමි ප්‍රමාණයක පැතිරුණු අතිවිශාල ගොඩනැඟිලි සංකීර්ණයකි. අලෙවි මවුලානා ඇතුළු පිරිස නවාතැන් ගත් හෝටලයේ සිට එම දේවස්ථානයට කිලෝමීටර් භාගයකට වැඩි දුරක් පයින් ගමන් කළ යුතු විය. එසේ ම දේවස්ථානය තුළ වතාවත්වලදී ද තවත් කිලෝමීටර් ගණනාවක් පයින් යා යුතු විය‍.
අලවි මවුලානා හා ඇමැති ෆවුසි හජ් වන්දනාව අතරතුරදී
මදීනා නගරයට ගිය ශ්‍රී ලංකා නඩයේ අරමුණ වී තිබුණේ පසුදින උදෑසන 5.30 ට දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිත වූ පූජාවට සහභාගි වීම ය. මේ ගමනට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා ද යාමට සූදානම් වූයේ ය. එහෙත් ඔහු එනවාට ඔහුගේ පුත් නජීබ් මවුලානා හා අමාත්‍ය ෆවුසි ඇතුළු නඩයේ සෙසු අය කැමැත්ත දැක්වූයේ නැත. ඊට හේතුව දැනට වයස අවුරුදු 82 ක් වන අලවි මවුලානාට එම ගමන දුෂ්කර වනු ඇතැයි ඔවුන් සිතූ බැවිනි.
“තාත්තා උදේ පූජාවට එන්න ඕනෙ නෑ. තාත්තා කාමරේට වෙලා යාඥා කරන්න අපි ගිහින් එන්නම්. නජීබ් මවුලානා කීවේ ය. සෙසු අය පැවසුවේ ද හෝටලයට වී පෙරදින මක්කම සිට මදීනාවට පැමිණි ගම‍ෙන් වෙහෙස නිවාගෙන සිටීම සුදුසු බව යි. එහෙත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ තමන්ට ද පල්ලියට යාමට අවශ්‍ය බව ය.
ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව මදීනාවේ ‘මස්ජිදු නබවි’ දේවස්ථානය නමැදීම මහා පුණ්‍යකර්මයකි. ඔවුන් කතාවට කියන්නේ එම දේවස්ථානයේ නිදාගත්තත් පින් ලැබෙන බව ය. එවන් පුද බිම උදෑසනින් ම වන්දනා කිරීම ආණ්ඩුකාරවරයාගේ අදහස විය. එහෙත් අවසානයේ ආණ්ඩුකාරවරයාගේ පුත් නජීබ් මවුලානා හා නඩයේ සෙසු පිරිස ආණ්ඩුකාරවරයාව හෝටලයේ ම නවත්වා දේවස්ථානයට ගියේ ය. ඔවුහු උදෑසන 5.30 පූජාව අවසන් වී තවත් පැයක පමණ කාලයකින් පසු නැවත තමන් නතර වී සිටි හෝටලයට පැමිණියහ. එසේ පැමිණ සිය පියාගේ කාමරයට ගිය නජීබ් මවුලානා දුටුවේ පියා කාමරයේ නොමැති බව ය.
ඔහු සිය පියා කොහේ දැයි සොයා බැලූ නමුත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය. හෝටලයේ නිලධාරීන් ද කිසිත් දැන සිටියේ නැත. ඔහු මේ ආරංචිය නඩයේ සෙසු පිරිසට ද දැන්වූ පසු අමාත්‍ය ෆවුසි ඇතුළු එම පිරිස ද ආණ්ඩුකාරවරයා සෙවීමට එක් වූහ. ඔවුහු තමන් නැවතී සිටි හෝටලයෙන් පිටතට පැමිණ අවට මංමාවත්වල ඇවිද ආණ්ඩුකාරවරයාව සෙවූහ.
එය මදීනාව වන්දනාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ම ඉදිවූ දැවැන්ත හෝටල් අතිවිශාල ප්‍රමාණයක් සහිත ප්‍රදේශයක් විය. එසේ ම ශ්‍රී ලංකා නඩය නවාතැන් ගෙන සිටි හෝටලයේ නමට සමාන තවත් හෝටල තුනක් ඒ අසල ම පිහිටා තිබුණේ ය. ආණ්ඩුකාරවරයා වැරදීමකින් එම හෝටලයකටවත් ගොස් ඇත්දැයි පිරිස සොයා බැලූහ. එහෙත් ආණ්ඩුකාරවරයා සිටියේ නැත.
මෙසේ ටිකෙන් ටික කාලය ගෙවෙන්නට පටන් ගත්තේ ය‍. ආණ්ඩුකාරවරයාගේ අතුරුදහන්වීම ශ්‍රී ලංකාවේ සිටින නෑ හිතමිතුරන්ට ද ආරංචි විය. ඔවුන්ගෙන් මදීනාවේ සිටි පිරිස වෙත ආණ්ඩුකාරවරයා පිළිබඳ තොරතුරු විමසා දුරකථන ඇමතුම් අඛණ්ඩව ගලා එන්නට පටන් ගෙන තිබිණි‍.
මෙසේ ටිකෙන් ටික කාලය ගෙවෙද්දී අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි හා නජීබ් මවුලානා ඇතුළු පිරිස තීරණය කළේ තවත් බලා නො සිටිය යුතු බවත් සිද්ධිය ගැන ආරක්ෂක අංශවලට දන්වා ආණ්ඩුකාරවරයා සෙවීම ආරම්භ කළ යුතු බවත් ය.
මේ අතරේ අමාත්‍ය ෆවුසි ජනාධිපති මහින්ද රාජපක්ෂට ද සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද ආණ්ඩුකාරවරයාගේ අතුරුදහන්වීම පිළිබඳ දන්වා සෞදි බලධාරීන්ට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිද්ධිය පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේ ය. අනතුරුව පිරිස හෝටලයෙන් නික්ම සෞදි බලධාරීන්ට මේ පිළිබඳව දැන්වීම සඳහා පිටත්ව ගියහ. එම කටයුත්ත අවසන් කර ආපසු හෝටලයට පැමිණි විට ඔවුන්ට දැකගන්නට ලැබුණේ හජ් වන්දනාවේදී ඉස්ලාම් බැතිමතුන් අඳින ‘ඉහ්රාම්’ නමැති ශ්වේත වස්ත්‍රයෙන් සැරසී සිනා මුසු මුහුණින් සිටින අලෙවි මවුලානා ආණ්ඩුකාරවරයා ය.
“තාත්තා අපට කියන්නෙ නැතුව කොහෙද ගියෙ?”
ආණ්ඩු කාරවරයාගේ පුත් නජීබ් මවුලානා සිය පියාව සෙනෙහසින් වැලඳ ගනිමින් විමසුවේ ය.
“ඇයි පුතා ඔයා මට පල්ලියට එන්න එපා කිව්වනෙ. ඉතින් මම උදේ ඔයාල ගියාට පස්සෙ තනියම පල්ලියට ගියා. ඒ ගමන් එතනම නැවතිල දවල් පූජාවටත් ඉඳල යාඥා කරලයි මේ ආවෙ” ආණ්ඩුකාරවරයා සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය. ඒ වනවිට උදෑසන සිට ඔහු අතුරුදහන් වී සිටි කාලය පැය 8 ක් පමණ විය‍. එහෙත් ආණ්ඩුකාරවරයා තමන් අතුරුදහන් වී ඇතැයි සිතා නඩයේ අය කලබල වී සෙවූ බවක් දැන සිටියේ නැත. අනතුරුව තමන් පල්ලියට ගොස් යාඥා කළ කාලය අතර සිදුවූ දේ දැනගත් ආණ්ඩුකාරවරයා සිනාසුනේ ය.
“ඔයගොල්ලො හිතා ඉන්නවට වැඩිය මට ශක්තිය තියෙනවා.‍ ඒකයි මම පල්ලියට ගියේ” අලවි මවුලානා කීවේ දසක ගණනාවක් පු‍රා වෘත්තිය සමිති ව්‍යාපාරය වෙනුවෙන් තමන් කළ කැපකිරීම නිසා ලැබූ ජවය හා පන්නරය නඩයේ අයට සිහිපත් කර දෙමිනි. අනතුරුව සියල්ලෝම සතුටින් මදීනාවේ දී කිරීමට අපේක්ෂා කළ සෙසු ආගමික කටයුතුවල නිරත වූහ. ඔවුහු එදින හවස්වරුවේ ද නැවත නබිතුමාගේ එනම් මවුලානා පරපුරේ ආදිතමයාගේ දේහය තැන්පත්කර තිබෙන ‘මස්ජිදුල් නබවි’ දේවස්ථාන වතාවත්වල නිරත වූහ.
ආණ්ඩුකාරවරයා හා ඉස්ලාම් දහමේ නිර්මාතෘ මුහම්මද් නබි තුමා අතර නෑ කම ‘මවුලානා’ නමැති ගෝත්‍ර නාමය හරහා පැහැදිලි කරගත හැකි ය. මුහම්මද් නබිතුමා අයත් වූයේ අර‍ාබියේ ‘ජමල්ලාලෙයිල්’ (Jamallallail) ගෝත්‍රයට ය‍. මීට වර්ෂ 1400 කට පමණ පෙර මේ ගෝත්‍රයට අයත් කණ්ඩායමක් සෞදි අරාබියේ සිට යේමනයට වෙළෙඳ කටයුතු සඳහා සංක්‍රමණය වී තිබේ.
පසුකාලීනව මේ පරම්පරාවේ සාමාජිකයෝ ආසියාවට ද සංක්‍රමණය වූහ. ආසියාවේ දී ඔවුන්ව හැඳින්වුණේ ‘මවුලානා’ නමිනි. අලවි මවුලානාගේ මුත්තා යේමනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ මීට වසර 300 කට පමණ ඉහතදී ය.
මවුලානාවරුන්ගේ මේ පරම්පරා විස්තරය යේමනයේ හා සෞදි අරාබියේ මදීනා විශ්ව විද්‍යාලවල තැන්පත් කර තිබේ. ලෝකයේ සෙසු මුස්ලිම්වරු නබිතුමාගෙන් පැවතෙන පරම්පරාව යන අර්ථය ඇති ‘ආලුල්බයිත්’ (Aalulbaith) යන වචනයේදි මේ පරපුර හඳුන්වති. අපේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා ඉස්ලාම් දහමේ නිර්මාතෘ මුහම්මද් නබි තුමාගේ මුනුපුරෙකු වන්නේ මේ අනුව ය. ශ
්‍රී ලංකාවට පැමිණෙන බොහෝ ඉස්ලාම් රාජ්‍යතාන්ත්‍රිකයන් අලෙවි මවුලානාව විශේෂයෙන් හමුවීමට එක් හේතුවක් වන්නේ ද ඔහු නබිතුමාගේ පරම්පරාවෙන් පැවතෙන්නෙක් වීම ය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, අමාත්‍ය ෆවුසි ඇතුළු නඩය මදීනාවේ සිදුවූ අකරතැබ්බයෙන් පසු නැවතත් සිය කාල සටහනට අනුව මක්කම බලා ගියහ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මක්කම ගියවිට සාමාන්‍යයෙන් නවාතැන් ගන්නේ එහි වාසය කරන සිය දියණියගේ නිවසේ ය. දියණියගේ සැමියා වන ෆායිස් මවුලානා මක්කම පිහිටි සෞදි රජුගේ මාලිගයක් වන ‘මැකා ගෙස්ට් පැලස්’ හි ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරයි. ඒ වනවිට අලවි මවුලානාගේ අතුරුදහන්වීමෙන් කැලඹීමට පත්ව සිටි ඔවුන් සිය පියාව නිවසේදී පිළිගත්තේ මල් මාලයක් ද පලඳවා ය.
 නුවන් ගන්කන්ද

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.