ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 8, 2016

අවි ගබඩාව පුපුරුවා හැර රටේ ආරක්ෂාව අඩපණ කල ආණ්ඩුවේ මෙහෙයුම...!!!

ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප අනාවරණය සත්‍යක් ....මෙයට සෘජුවම පසුබිමේ සිට වලත්ත වල්විදානේ හෙවත් සරත් ෆොන්සේකාද සම්බන්ධ බව දැන් හෙළිවෙමින් පවතී.මේ ජාතික ද්‍රෝහියා බලයට සහ සැපයට ලොල්ව යහපාලනයට හේත්තුවී තවත් බොහෝ ජාතික ව‍්‍යසනයන් කිරීමට සුදානම්ව ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග තුළින් දැන ගැනීමට ලැබේ...... මොහුව ඒ සඳහා මෙහෙයවන්නේ රජයේ ප්‍රබල දේශපාළුවෙකී .( සිරිසේන නොවේ ) රටේ ගංවතුර ව්‍යසනයේදීත් මේ කඳවුර පිපිරීමේ සිදුවීමේදීත් වල්විදානේ නිහඬය.ඌගේ අභිප්‍රාය ලක්‍ෂ 480 බී.එම්.ඩබ්ලිව් සැප රියටද එහාය.

බව මේ වනවිට තහවුරු වෙමින් තිබේන අතරම අපගේ අනාවරණයෙන් ආරක්ෂක අමාත්‍යංශය ගිනීගෙන ඇති අතර අප කල අනාවරණය අසත්‍යක් කිරිමට ගන්නා උත්සහයන් නිසා ඔවුන් හත්පොලේ ගා ගනිමින් සිටින බව රටේ ජනතාවට දැන් නොරහසකි.
ඒ අනුව අප විසින් ඊයේ රට හමුවේ අනාවරණය කල ප්‍රශ්ණ කිහිපයකට රහස් පොලිසිය අද වනවිට තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.වීඩියෝ සහිතයි.

01. යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම.
02. කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින 10කට කලින් වෙනස් කිරිම.
03. මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.
04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද, ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද...?
05. ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?
6. මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු අතර එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූනි.
ඒ අනුව කොස්ගම අවි ගබඩාව පුපුරන්න කලින් එය බාරව සිටි මේජර් රොෂාන් පෙරේරාට දියතලාවට දඩුවම් මාරුවක් ලබාදිමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇති අතර ඉන් පසුව අප විසින් අනාවරණය කල පරිදිම ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුම මත පිපුරුම සිදුවිමට පැය 5කට පමණ පෙර හදුනා නොගත් මේජර්වරයා කඳවුරට ඇතුලත් වි තිබේ.
සාලාව යුධ හමුදා ආයුධ සහිත කඳවුරේ ගිනිගෙන පුපුරායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය, හමුදාවේ වෙඩි උණ්ඩ ගබඩා පරිපාලනයට යොදවා ඇත්තේ ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇති අතර අප ඊයේ අනාවරණය කල පරිදිම මිට දින 10කට පෙර කදවුරේ සිටි යුධ අවි සම්බන්ධයෙන් පුහුණු නිළධාරීන් සියලුම දෙනා ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
අදාළ පිපුරුම සිදුකරන අවස්ථාව දක්වාම පසුගිය දින 10 තුල කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාවේ පරිපාලන කටයුතු බාරව සිටි මේජරවරයාද හමුදාවට වාහන, ඉන්දන හා කෑමබීම සැපයුම් බාරව සිටි නිලධාරියෙකු වන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයට හිතවත් මෙන්ම මැතිවරණ කාලසිමාවේ එජාපයේ ජයග්‍රහණ වෙනුවෙන් හමුදා නිතී උල්ලංඝනය කරමින් කටයුතු කල අයෙකු බවද අනාවරණය වි තිබේ.
මේ අතර කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාවේ වූ දැවැන්ත පිපිරීමෙන් දෙදිනකට පසු ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි  සිද්ධිය පිළිබදව පළමු වරට අද මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා.
සිද්ධිය වන අවස්ථාවේ කදවුරේ උත්සවයක් පැවතියේදැයි මාධ්‍යවේදීන් අසද්දී ඒ පිළිබදව තමන් නොදන්නා බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා අදාල ගිනිගැනීම සිදුවන අවස්ථාවේ යම් විශේෂිත දෙයක් සිදුවෙමින් පැවති බවත්, ඒ පිළිබදව දැන්ම පැවසිය නොහැකි බවත් ප්‍රකාශ කළා.
video
ගින්න ඇතිවූ ආකරය පිළිබදව නිශ්චිත ප්‍රකාශයක් නොකළ ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දීමේදී යම් පීඩනයකට පත්ව සිටින බව දක්නට ලැබුණු අතර අදාල අවස්ථාවේදී කදවුරේ ගිනි නිවීමේ අභ්‍යාසයක් සිදුව ඇති බවද ප්‍රකාශ කළා.
ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ගින්නක් නොමැතිවත් ගිනි නිවීමේ අභ්‍යාස එහි නිතර සිදුවන බවත් ගිනි ගැනීමේ සිදු ඇත්තේ එවැනි අවස්ථාවකදී බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.