ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 16, 2016

අපේ සංගීතය ,අපේ ගීතය ලෝකයට විවර කළ ප්‍රවීණ සංගීතඥයා...!!!

 පිටරටවල සංවිධානය කළොත් අපට පුළුවන් අපේ සංගීතය අපේ ගීතය ලෝකය හමුවට ගෙන යන්න. අප තරග කළ යුත්තේ ලෝකය සමගින්."සරත් වික්‍රම" අද සංගීත ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණ සංගීතඥයෙක්‌. ඔහු මෑතකදී ජාත්‍යන්තර කීර්තියට ලක්‌වූවා පමණක්‌ නොව එමගින් ශ්‍රී ලංකාවටද කීර්තිය අත්කර දුන්නේය. ඔහු ගැමි නාද ඇසුරෙන් නිර්මාණය කළ "සංවනියක්‌" ෆෝල්ක්‌ වින්ඩ් මියුසික්‌" නමින් පසුගියදා ඉදිරිපත් කළේය. ඒ විදේශීය වාදක මණ්‌ඩලයක්‌ සමඟ කොළඹ ලයනල් වෙන්ට්‌ඩ් කලාගාරයේදීය.
සරත් වික්‍රම කඩුගන්නාවේ උපන්නෙකි. කුඩා කල සිටම ඔහු හැදුනේ වැඩුනේ තබ්ලා, සර්පිනා සහ මැන්ඩලින් සමගය. ස්‌වෝත්සාහයෙන් වාදනය පුහුණු වූ සරත් ගමේ සාදවලට එක්‌විය. ගමේ රඟදැක්‌වූ "අංගුලිමාල" නාට්‍යයට සංගීතය නිර්මාණය කිරීමට ඔහුට අවස්‌ථාව ලැබුණේ පාසල් වියේදීමය.

වික්‌ටර් රත්නායක ද කඩුගන්නාවේය. ගමේ සංගීතඥයකු ලෙස පිළිගැනීමකට ලක්‌ව සිටි වික්‌ටර් හේවුඩ්හි සංගීතය හැදැරීමට කොළඹට ආ නිසා ගමේ ඇතිවූ පුරප්පාඩුව පිරවීමට සරත්ට හැකි විය. පාසල් වියේදීම මහනුවර ඇම්. පී. ජී. සහ සරසවි ආයතනවලින් වයලින ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග කළ සරත් හින්දි චිත්‍රපට ගීතවල එන එකෝඩියන් වාදනයට සිත් බැන්දේය. එනිසාම එකෝඩියන් එකක්‌ මිලට ගත් ඔහු බටහිර සංගීතය පිළිබඳ පොත්පත් ඔස්‌සේ දිවා රෑ පුහුණුවීම් කළේය. ගමේ කුඩා සංගීත කණ්‌ඩායමක්‌ද හදා ගත් ඔහුට 1968 දී කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ වික්‌ටර් රත්නායක, සනත් නන්දසිරි සහ මිල්ටන් මල්ලවාරච්චිගේ දින දෙකක සංගීත ප්‍රසංග හයකට එකෝඩියන් වාදනය කිරීමේ අවස්‌ථාවද ලැබිණි. ඔහුට ස්‌ටැන්ලි පීරිස්‌ ප්‍රවීණ සංගීතඥයා හමුවී ෆෝචූන්ස්‌ කණ්‌ඩායමට එක්‌විය.

හැත්තැ එකේ ඇතිවූ අරගලකාරී තත්ත්වය නිසා සරත්ගේ සංගීත කටයුතු ද අඩාල විය. ඉන්පසු 'අප්සරාස්‌' සංගීත කණ්‌ඩායමේ 'රාධා' සමග එක්‌ව යාපනය පෙරියවිලාන් ඉලවාලෙයි ග්‍රාමයේ සංගීත කණ්‌ඩායමකට බැඳුනේය. එහිදී ඔහුට දෙමළ සහ කර්ණාටක සංගීතයේ රාග තාල පිළිබඳ මනා දැනුමක්‌ ලැබිණි.

හැත්තැ අටේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවට වාදකයකු ලෙස ඇතුළු වී අසූ හය දක්‌වා එහි සේවය කළ සරත්ට මුත්තුසාමි, කේමදාස, ක්‌ලැරන්ස්‌ වැනි සංගීතඥයන් සමඟ සමීපව කටයුතු කරන්නට ලැබිණි. අසූ දෙකේදි ප්‍රෙඩී සිල්වාගේත්, අසූ හතරේදී එච්. ආර්. ජෝතිපාලගේත් කැසට්‌ පටවලට සංගීතය සැපයීමට අවස්‌ථාව ලද හේ "මේ නොනිමෙන දිවි ගමනේ" ගීයේ සංගීතයද නිර්මාණය කළේය.

බුද්ධං සරණං ගච්චාමි, මායා, ෙත්‍රෙලෝනා වැනි ගීතවල සංගීතය නිර්මාණය කරමින් මොහිදින් බෙග් සමඟ විදෙස්‌ සංචාරවලට ද එක්‌වූ සරත් වික්‍රම කැසට්‌ පට සියයකට අධික සංඛ්‍යාවකට සංගීතය නිර්මාණය කර ඇත. ඊට අමතරව දමිළ ගීත කැසට්‌ පට තුනකට හා අරාබි ගීත කැසට්‌ පටයකට ද සංගීතය නිර්මාණය කරමින් අනූ එකේදි ගුවන් විදුලියේ දෙමළ අංශයේ බාහිර සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කිරීමට අවස්‌ථාව උදාකර ගත්තේය. ඉන්දියාවේ ආර්. රෙඩ්ඩිගේ චිත්‍රපටයක සංගීත අධ්‍යක්‍ෂවරයා වූ සරත් තිමති වීරරත්නගේ බඹරා ඇතුළු චිත්‍රපට පහක සංගීතය නිර්මාණය කළේය.

අභියෝගය, අරගලය, හඬන කිංකිණි, සාවිත්‍රගේ රාත්‍රිය, රාගිණි, සමන්තා යන චිත්‍රපටද, හිරුට මුවාවෙන් ඇතුළු ටෙලි නාට්‍ය එකසිය පනහක්‌ පමණ ද සරත් වික්‍රමගේ සංගීතයෙන් හැඩ විය.

"කිරිමූදු වෙරළේ" (නුවන් ගුණවර්ධන), "මගෙ පොඩි යාලු" මුතුකැට වැටෙනා (රූකාන්ත ගුණතිලක) ගීත සඳහා ද ඔහු සංගීතය නිර්මාණය කළේය. 1998 දී සාවිත්‍රිගේ රාත්‍රිය වෙනුවෙන් ප්‍රදීපා ධර්මදාස ද 2000 දී රාගිණි චිත්‍රපටයට නන්දා මාලිනියද ජනාධිපති සම්මාන ලැබුවේ සරත්ගේ සංගීතයට ගැයූ ගීත නිසාය. 2006 දී නීලා වික්‍රමසිංහ 'සමන්තා' චිත්‍රපටය වෙනුවෙන් සරසවි සම්මානයද, හොඳම ගායකයා ලෙස සේනානායක වේරලියද්ද සිරස සම්මානයෙන් පුද ලැබුවේ ද සරත්ගේ සංගීත නිර්මාණය උදෙසාය. රාගිණි චිත්‍රපටය උදෙසා සරත් වික්‍රම ද ජනාධිපති සම්මාන ලැබ ගත්තේය. ඔහු මේ වෙද්දි චිත්‍රපට හතළිහකට පමණ සංගීතය නිර්මාණය කර තිබේ. 2010 දී 'අරුංගල්' ටෙලි නාට්‍ය වෙනුවෙන් ද ඔහු රාජ්‍ය, සුමති රයිගම් ටෙලි සම්මාන ලැබ ගත්තේය.

සරත් වික්‍රම 1980 සිට 1995 දක්‌වා එංගලන්තයේ රාජකීය විද්‍යාලයෙන් බටහිර සංගීතය පිළිබඳ හදාරා පියානෝ වාදනය පිළිබඳ උපාධියක්‌ද ලබා ඇත.

ඔහු සිය ප්‍රථම සංගීත සංවනිය (සිමි µනිය) රචනා කළේ 1995 දීය. එය 2003 දී ඉන්දියාවේ ඒටීඑම් චිත්‍රාගාරයේදී නිර්මාණය කළේය. ඒ ප්‍රවීණ සංගීතඥ ඒ. ආර්. රහුමාන්ගේ වාදක කණ්‌ඩායමේ ශිල්පීන් තිස්‌පස්‌ දෙනකු සමඟ ප්‍රවීණ ගායක එස්‌. පී. බාලසුබ්‍රමනියම් ඇතුළු උතුරු, දකුණු ඉන්දීය ගායක ගායිකාවන් හා එක්‌වය. 'නාද' නමින් සංයුක්‌ත තැටියක්‌ ලෙස එය නිර්මාණය කළේය.

නවසිය අසූවේදී විශ්වනාදන් රාමමූර්ති ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී ඔහුගේ ප්‍රසංගයකට වාදනයෙන් සහාය වන්නට ද එම වාදක මණ්‌ඩලය මෙහෙයවීමේ අවස්‌ථාවද සරත් වික්‍රමට හිමි විය. එය මෙරට සංගීතඥයකු ලැබූ ගෞරවයකි.

නාද සංයුක්‌ත තැටියෙන් පසුව ඔහු 2011 දී "තාල්" සංයුක්‌ත තැටිය රචනා කළේය.

මෙවැනි කීර්තියක්‌ මෙරටට අත්කර දුන්නද නිහඬව තම ගමන ඉදිරියට යන සරත් වික්‍රම ප්‍රවීණ ශිල්පියා සමග 'දිවයින සිනමා කලා' සාකච්ඡාවකට එක්‌ වූවේය.

සංගීතඥයකුට ලෝකයේ යා හැකි දුරක්‌ තියෙනවා. ඉන්දියාවේ ඉලෙයරාජා නෞෂාද් ශංකර් ජයකිෂන් ලෝකයට ගියේ චිත්‍රපට හරහා. ඒත් අපිට එවැනි චිත්‍රපට නෑ, අපිට ජාත්‍යන්තර වෙළෙඳ පොළක්‌ නෑ. කලාකරුවන්ගේ මඟ ඇහිරිලා. අපේ අයගේ දස්‌කම් අපේ රටට විතරක්‌ සීමාවෙලා. ඒ නිසා තමයි මම කල්පනා කළේ කෑමොර දිදී ඉන්නවාට වඩා ජාත්‍යන්තරය සඳහා නිර්මාණ කිහිපයක්‌ කළ යුතුයි කියා."

සරත් වික්‍රම ප්‍රවීණ ශිල්පියා අප සමඟ සාකච්ඡාව ආරම්භ කළේ එලෙසිනි.

මොකක්‌ද ඒ වෙනුවෙන් ඔබ කළ නිර්මාණය?

මම කළේ ගැමි නාද ඇසුරින් සිම්ෆනි එකක්‌. 1995 දී මම මේ නිර්මාණය කළා. එය රැගෙන මම අපේ රටේ යා හැකි හැම තැනකටම ගියා. දේශපාලන නායකයන් ළඟටත් ගියා. ඒත් ඔවුන්ගේ පිළිගැනීමක්‌ තිබුණේ නෑ. මම මේ නිර්මාණය කළේ ගෙදර දොර පවා උකස්‌ කරලා.

සාධාරණයක්‌ වුණේම නැද්ද?

මම අධිෂ්ඨාන කර ගත්තා කවදා හරි මගේ මේ සිම්
නි එකට ලෝකයේ කොහේහරි රටකින් සාධාරණයක්‌ වේවි කියලා. මම අපේ රටේ සිම්නි ඕකස්‌ට්‍රා එකටත් මෙය දුන්නා. පිටරටින් අපේ රටට එන සංගීථත කණ්‌ඩායම් පවා විමසනවා ඔබේ රටේ සංගීතඥයෝ නැද්ද අපිත් කැමතියි ඔවුන්ගේ නිර්මාණ අහන්න කියලා. ඉතින් මගේ නිර්මාණය සමගින් මා කළ පොත් පත් අපේ සිම්නි ඕකස්‌ට්‍රා එක විසින් මේ විදේශීය සංගීතඥයන් පිරිසකට ලබාදී තිබෙනවා. මගේ මේ නිර්මාණයට ඔවුන් පුදුමවෙලා. ඒ අනුව ගැමි සංගීතය ඇසුරින් ලොව කළ නිර්මාණ ඇතුළත් ප්‍රසංගය සඳහා ඔවුන් මගේ මේ නිර්මාණය තෝරා ගත්තා. එය පසුගිය දිනෙක ලයනල් වෙන්ට්‌ඩ් රඟහලේදී පැවැත්වූවා. එදා මාව ඒ වේදිකාවට කැඳවා ඔවුන් උපහාර දැක්‌වුවා. එවන් උපහාරයක අත්දැකීමක්‌ මට මින් පෙර අපේ රටේදි ලැබුණේ නෑ. ප්‍රසංගය අවසානයේදී ඔවුන් ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවේ කෙනකුගේ නිර්මාණයක්‌ ඔවුන් වාදනය කළා කියලා. මීට මූලික වුණේ සිම්නි ඕකස්‌ට්‍රා එකේ නවීන් ප්‍රනාන්දු මහතා. ඔවුන් එය ජාත්‍යන්තර මට්‌ටමේ නිර්මාණයක්‌ බවට පිළිගත්තා. මෙමගින් සිංහල සංගීතඥයකුට ජාත්‍යන්තරය වෙත යැමට දොරටුව විවර වුණා. අවුරුදු විසිහයක්‌ තිස්‌සේ මම මේ සටන ගෙන ගියේ තනිවමයි.

ඔබේ මේ නිර්මාණයට ඉන්පසු සිද්ධ වූයේ කුමක්‌ද?

ඔවුන් එය ජපානයට රැගෙන ගියා. මේ නිර්මාණය වගේම මා කලින් කළ නිර්මාණත් ඔවුන් රැගෙන ගියා.

මොකක්‌ද ඔබේ මේ නිර්මාණයේ විශේෂත්වය?

ගැමි සංගීතයෙන් විශ්වයට ආමන්ත්‍රණය කිරීමක්‌. අනෙක්‌ නිර්මාණත් ඒ වගේමයි. මම මේ වන විට සිම්
නි පොත් හතක්‌ ලියා තිබෙනවා. පොත් නොමැතිව ඒ අය මේ නිර්මාණ පිළිගන්නේ නෑ. ලිතව තිබිය යුතුයි. ඔවුන් මේ ලිත දේ බලමින් තමයි වාදනය කිරීම කළේ. මම අවුරුදු පහක්‌ම දවසට පැය දහය ගානේ අධ්‍යයනය කරලයි මේ පොත් ලියුවේ. අපේ රටේ වෙන කිසිවෙක්‌ මෙසේ කරලා නැතිව ඇති. ආත්ම ශක්‌තිය නොමැතිව මෙවැන්නක්‌ කරන්නෙ නෑ. බටහිර සංගීතය ඉගෙනගත් පමණින් කරන්නත් බෑ. මේ පොත්වල ප්‍රධාන වන්නේ "කවුන්ටර් පොයින්ට්‌" එය තමයි විකාශනය වෙන්නේ. මේ පොත් වෙළෙඳ පොළට දැමීමෙන් පලක්‌ වෙන්නේ නෑ. සුළු පිරිසක්‌ අරගෙන ප්‍රයෝජන ගත්තා. උණු කැවුම් වගේ විකිණෙන්නේ නෑ. මට ඕනෑ වෙන්නේ ලෝකයේ නිර්මාණකරුවන් අතරට යන්නයි. ඒ යන්නේ උපන් රටට කීර්තිය ගෙන එන්න. මම වගේම තවත් ශිල්පීන් ඉන්නවා අපේ රටේ. මම දොරටුව විවෘත කළා. ඒ අවුරුදු විසි එකකට පසුව. මට සහාය දක්‌වන්න පිරිසක්‌ හිටියා නම් මීට කලින් මෙය කරන්න තිබුණා.

මෙය ඉදිරියට ගෙන යන්නේ කොහොමද?

පිටරටවල සිටින අපේ රටේ අයගෙන් මම ඉල්ලා සිටිනවා ඒ අයට මම ආරාධනා කරනවා ඒ රටවල සිම්
නි ඕකස්‌ට්‍රා සමඟ සාකච්ඡා කරන්න. ඒ රටවල සංවිධානය කළොත් අපට පුළුවන් අපේ සංගීතය අපේ ගීතය ලෝකය හමුවට ගෙන යන්න. අප තරග කළ යුත්තේ ලෝකය සමගින්.

අජිත් අලහකෝන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.