කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැඟිලිවල නව සී.සී.ටී.වී.
පද්ධතියක් සවි කිරීමට විරෝධය පළකරමින් ආගමන විගමන නිලධාරීහු
පෙරේදා පැයක කාලයක් ගුවන් මගී නිෂ්කාශන කටයුතුවලින්
ඉවත් වී සිටි බව ඊයේ වාර්තා වී තිබිණි. කෙසේ හෝ මේ "වර්ජනය"
නතර වී තිබෙන්නේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සවි නොකර" සිටීමට
අදාළ බලධාරීහු එකඟ වීමෙන් පසුවය.ආරක්ෂාව සම්බන්ධයෙන්
මෙන්ම රටට ගලා එන විවිධ නීති විරෝධී ද්‍රව්‍ය (මත්ද්‍රව්‍ය,
රත්රන්, මැණික්) සහ පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් විය යුතු
තැනක් ලෙස ගුවන් තොටුපළ හැඳින්විය හැකිය. එසේ තිබියදී මෙවැනි
තැනක් ආවරණය වන සේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකිරීම
වර්ජනයක් කිරීම සඳහාම වූ "බරපතළ ප්‍රශ්නයක්" බවට පත්වන්නේ
කෙලෙසද යන්න විමසා බැලිය යුත්තකි.
අපට මේ වර්ජනය පිළිබඳව ගැටලු රැසක් පැන නැඟේ. වර්තමානය වන විට
සී.සී.ටී.වී. කැමරා සවිකර නැත්තේ වැසිකිළි තුළ සහ නිදන කාමරවල
පමණක් බව අපේ විශ්වාසයයි. එහෙත් සමහර මොළේ අමාරුකාරයන් ඒවාටද
රහසිගතව කැමරා සවිකර නොයෙක් අපත වැඩ කිරීම ගැන අසන්නට ලැබේ.
එය වෙනම කාරණයකි.
ගුවන් තොටුපළක් යනු ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් වශයෙන්
වගකීමක් ගත යුතු කලාපයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ලොව
පුරා "ආරක්ෂාව" සම්බන්ධයෙන් විවිධ තර්ජන මතුව ඇති මොහොතක
මුලින්ම වසා දැමෙන්නේ ගුවන් තොටුපළය. ආරක්ෂාව සම්බන්ධයෙන්
මෙන්ම රටට ගලා එන විවිධ නීති විරෝධී ද්‍රව්‍ය (මත්ද්‍රව්‍ය,
රත්රන්, මැණික්) සහ පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් විය යුතු
තැනක් ලෙස ගුවන් තොටුපළ හැඳින්විය හැකිය. එසේ තිබියදී මෙවැනි
තැනක් ආවරණය වන සේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකිරීම
වර්ජනයක් කිරීම සඳහාම වූ "බරපතළ ප්‍රශ්නයක්" බවට පත්වන්නේ
කෙලෙසද යන්න විමසා බැලිය යුත්තකි.
විශේෂයෙන්ම මෙම නව සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සමස්ත ගුවන්
තොටුපළම ආවරණය වන පරිදි සවි කළ යුතු යෑයි උපදෙස් දී ඇත්තේ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ආගමන විගමන නිලධාරීන්ගේ
සංගමය ප්‍රකාශ කරන්නේ එම කැමරා පද්ධතිය ආගමන විගමන කාර්යාංශයේ
පමණක් එසේ ස්ථාපිත කිරීමට එරෙහිව තමන් විරෝධතාවේ නියෑළුණු
බවය. එසේම ඔවුන් ප්‍රකාශ කරන්නේ ගුවන් තොටුපළේ ඇතැම් ප්‍රදේශ
සී.සී.ටී.වී. කැමරා මගින් ආවරණය නො වන බවය.
අප විශ්වාස කරන්නේ සී.සී.ටී.වී. කැමරා නොව ඕනෑම ආරක්ෂක
ක්‍රියාදාමයක් ආරම්භ කිරීම "පටන් ගන්නා" තැන කවරෙකු වුවද
ප්‍රශ්නයක් කර ගැනීම විහිළුවට කාරණයක් බවය. ගුවන්තොටුපළ
පරිශ්‍රයේ අකටයුතුකම් සිදුවන්නේ කොතැනකද යන්න අපටත් වඩා හොඳින්
දන්නේ එම නිලධාරි මහත්වරුම බව අපේ විශ්වාසයයි. මීට පෙර රත්තරන්
හොරෙන් පන්නන්න ගිය උදවියට උදව් කිරීමට ගොස් කලිසම් කකුල්
අස්සෙන් රත්තරන් ඇදවැටුණේ ගුවන් තොටුපළේ කවර පරිශ්රයකදීදැයි
යන්නත්, ඒ අකටයුත්ත සිදු කළේ කවරෙකු විසින්ද යන්නත් නැවතත්
මතක් කර දිය යුතු කාරණයක් නොවේ. එමෙන්ම බොහෝ ජාවාරම්කරුවන්ට
නිදහසේ රටින් පිටව යැමටත්, නැවත ඒමටත් අවස්ථාව ලැබෙන්නේ කාගේ
හෝ හොඳ "සපෝට්" එකක් නිසා මිස, නො පෙනී යැමේ බලයකින් නො වන
බවද සිහිපත් කළ යුතුය. ඒ නිසාම කාගෙ කාගේ හෝ කිල්ලෝටවල හුණු
ඩිංග ඩිංග නොතිබේ නම්, සී.සී.ටී.වී. කැමරා නොව ප්‍රොජෙක්ටර්
සවි කෙරුවද කිසිවකුත් බිය විය යුතු නැත. වර්ජන කළ යුතු නැත.
සමස්ත ගුවන්තොටුපළම ආවරණය වන පරිදි නව සී.සී.ටී.වී. කැමරා
පද්ධතියක් සවිකරන්නට යෑයි කියන්නේ ආවාට ගියාට නොවේ. එය සවි
කිරීම පටන් ගත් තැන නිශ්චය කර ඇත්තේද ආවාට ගියාට නොවන බව අපේ
මතයයි.
මෑත කාලීනව බොහෝ අකටයුතුකම් සිදු වන තැන් යෑයි හඳුනාගත් ආයතන
බොහෝමයකි.
ගුවන්තොටුපළ, වරාය, රේගුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය,
ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
වැනි තවත් ආයතන රාශියකි. ඕනෑම තැනක රාජකාරිය දේවකාරිය බවට පත්
කරගත් උදවියත්, රාජකාරිය පාදඩකරණය කරගත් උදවියත් බොහෝ සෙයින්
සිටින බව කිව යුතුය. ඒ නිසාම මේ කවර තැනක වුව ආරක්ෂාව
සම්බන්ධයෙන්ද, සිදුවන අකටයුතුකම් මැඬලීම සම්බන්ධයෙන්ද ගනු ලබන
තීන්දු තීරණ බරපතළ ප්‍රශ්නයක් කරගෙන වර්ජනය කිරීම එතරම්
සුදුසු කාරණයක් නොවන බව අපේ මතයයි.
දිවයින කතුවැකියෙනි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, June 30, 2016
හොරුන්ගෙත් හොරු බිය වී සී.සී.ටී.වී. කැමරා එපා කියයි...!!!
Posted by
lankanews
at
June 30, 2016
Labels: katunayaka airport, katunayake airport yard, lankanews, srilanka airport, yahapaalanaya
හොරුන්ගෙත් හොරු බිය වී සී.සී.ටී.වී. කැමරා එපා කියයි...!!!
2016-06-30T10:40:00+02:00
lankanews
katunayaka airport|katunayake airport yard|lankanews|srilanka airport|yahapaalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...