ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 13, 2016

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ සමහර අපතයෝ ජරාව කා මාට්ටු...!!!

තානාපති කාර්‍යාලයේ සඟවා තිබූ ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර 300 අධික ප්‍රමාණයක් තමන් සොයාගත් බව
තානාපති තිලක් රණවිරාජා  ප්‍රකාශ කර සිටියේ ඊයේ 2016 ජූනි 10 ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ පැවති උත්සවයකදීය.
යහපාලන රජයක් බිහිකිරීම වෙනුවෙන් එක්වූ ප්‍රංශයේ ස්ථාපිත දේශපාලන සහ සිවිල් සංවිධාන සහ සිවිල් වැසියන් විසින් ආරම්භ කල පැරිස් එකමුතුව, නව රජයෙන් සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයෙන් ඉල්ලා සිටියේ පසුගිය රජය සමයේ පැවති අභූත නීති වෙනස් කොට විදේශ ගුවන් බලපත්‍රය ලබා ගැනීමේ සහ ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ, ප්‍රංශයේ ඉපදුණු දරුවන් හට ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය ලබාගැනීමේ ක්‍රමවේදය නිශ්චිත ක්‍රමවේදයෙන් කරනා ලෙසය.
මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති  තිලක් රණවිරාජා  යහපත් ප්‍රතිචාර දක්වා  ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට ආගමන විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුන් සහ ශ්‍රී ලාංකිකයින් සමග රැස්වීමක් පැවැත්වීය. එහිදී ඉදිරිපත්වූ සමහර කරුණු සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබුණු අතර නිසි ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉතාමත්ම කෙටිකලක් තුලදී විධාන සියළුම ශ්‍රී ලංකා තානාපති කාර්‍යාල වලට චක්‍ර ලේඛයක් මගින් ලබාදෙන ලදි. එහි ප්‍රතිලාභ සියළුම විදේශ රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලැබේ.
නව ක්‍රමවේදය නිල වශයෙන් දැනුම් දීමට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ පැවති උත්සවයේදී තානාපති ඉහත හෙලිදරව්ව කලේය. විශේෂත්වය නම් තානාපතිම මේ හෙලිදරව්ව සිදුකිරීමය.
කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ තානාපති කාර්‍යාලයේ නිලධාරීන් පිරිසක් විසින් කාලයක සිට මෙය සංවිධානාත්මකව කරගෙන ගිය කූඨ ව්‍යාපාරයක් බවයි. නිසි ක්‍රමවේදයෙන් නව ගුවන් බලපත්‍රයක් සඳහා අවශ්‍ය ලියකියවිලි බාරදුන් පසු එය ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකරන අතර නැවත නව ගමන් බලපත්‍රය තානාපති කාර්‍යාලයට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පසු අදාල පුද්ගලයින්ට බෙදා හැරේ. මේ සඳහා සති පහක පමණ කාලයක් ගතවේ.
වංචාව සිදුවන්නේ නව ගුවන් ගමන් බලපත්‍රය තානාපති කාර්‍යාලයට ලැබුණු පසුවය. තම ගුවන් ගමන් බලපත්‍රය ගැන විමර්ශනය කරණ අයදුම්කරුවන්ට එය නොලැබුණු බව දන්වා කිහිප වතාවක් ඔවුන් හරවා යැවීමෙන් පසු. තැරැව්කාරයන් මගින් අයදුම්කරුවන්ට දන්වන්නේ සන්තෝසමක් දීමෙන් එය සතියක් ඇතුලත් ගෙන්වා දිය හැකි බවය.

සැබැවින්ම සිදුවන්නේ ඒ වෙනකොටත් තානාපති කාර්‍යාලයේ ඇති ගුවන් ගමන් බලපත්‍රය සතියක දෙකක කල් මැරීමෙන් පසුව අයථාලෙස මුදල් ලබාගෙන ඔවුනට ලබාදීමය.
මේ අසාධාරණයට ලක්වන බොහෝ දෙනෙකු දෙමල අය වන අතර යහපාලනය රජය කෙරෙහි

එපමණක්ද නොව තානාපති කාර්‍යාලයෙන් සිදුවිය නීත්‍යානුකූල ලියකියවිලි සහතික කිරීම්, උප්පැන්න ලියාපදිංචිය, සහ වෙනත් සේවාවන්ද වංචනිකලෙස මුදල් ලබාගෙන සිදුකරනු ලැබේ. මෙයට තානාපති කාර්‍යාලයේ කිහිපදෙනෙකු සම්බන්ධ බවද ඔවුන් පසුගිය රජය සමයේදී ප්‍රංශයේ වෙසෙන අයවලුන්ගෙන් බඳවාගත් අය මෙන්ම එවකට පැවති රජයේ සම්බධතාවයන් මත තානාපති කාර්‍යාලයේ සේවයට ශ්‍රී ලංකාවෙන් බඳවාගත් අයය.
ගරු ජනාධිපති, ගරු අගමැති ,  විදේශ කටයුතු ඇමති, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති යන ඔබලාටයි . මේ  පිළිබඳව ඔබගේ අවධානය සහ වරදකරුවන්ව සොයාබලා දඬුවම් කර යහපාලනය ස්ථාපිත කිරීමේ වගකීම ඉටු කිරීමට ඇති අවස්ථාවයි..
ප්‍රදීප් වීරතුංග

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.