පැරිසියේ
මීගමු සංවිධානය ශ්‍රී ලංකාවේ සමාජ සත්කාර සඳහා නිරන්තරයෙන් කැපවෙන සහ ඉන්
නොනැවතී ශ්‍රී ලංකාවේ ඇතිවන හදිසි ආපදා තත්වයන් වලදීද තම සමාජ වගකීම
නොපිරිහෙලා ඉටු කරන සංවිධානයකි.
පසුගියදා
ශ්‍රී ලංකාවේ හටගත් හදිසි ගංවතුර සහ නාය යෑමෙන් පසු ක්‍රියාත්මකවූ
පැරිසියේ මීගමු සංවිධානය එහි සාමාජික සාමාජිකාවන්ගෙන් සහ පැරිසියේ වෙසෙන
පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගත් ආධාර සිඩ්නි ප්‍රනාන්දු ගේ සහ අනෝමා
ප්‍රනාන්දුගේ පූර්ණ සහයෝගය මත ශ්‍රී ලංකා යුධ -හමුදාවේ විශේෂ
කාර්යය බලකායේ කර්නල් චන්දිම පීරිස් සහ මේජර් රොනී ප්‍රනාන්දු
ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය මත 2016 ජූනි 5 වෙනී ඉරුදින කඩුවෙල, සේදවත්ත
ග්‍රාමසේවා කොට්ඨාශයේ අවතැන්වී ඇති පවුල් වලට බෙදාදෙනු ලැබීය.