තමා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නේ තාවකාලික
ස්ථාවරත්වයක් වෙනුවෙන්
තමන් මින් ඉදිරියට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා නොවන බවද පැවසූ වල්විදානේ ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවන්නේ නැතැයිද එය එක්සත් ජාතික පෙරමුණ සමඟ ඒකාබද්ධව තිබෙන බවද කියා සිටියේය.වල්විදානේ මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම අනෝමා ෆොන්සේකාද, දනුන තිලකරත්න, පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලින් ප්‍රදීප් උඩුවෙල, රවීන්ද්‍ර යසස් යන අපතයන්ද ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයෝ පිරිසක්ද ඊයේ අගමැතිවරයා අතින් එජාප සාමාජිකත්වය ලබාගත්හ.
එහිදී රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා සුබ මොහොතින් විශේෂ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූහ. ඒ අනුව 2010 වසරේදී තමා දේශපාලනයට ගෙන ඒමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ එක්සත් ජාතික පක්ෂය සමඟ සතුටින් එක්වී එහි නායකත්වයට ශක්තියක් වී 2020 දී එජාප රජයක් පිහිටුවා ගැනීමට කැපවන බවද ෆොන්සේකා කියා සිටියේය.