ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා
කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය
ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (18) නියෝග කළ අතර ඒ හරහ යහපාලනයේ දේශපාලන බද්ධ වෛරය යලිත් මතු කල අතර
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18ක්
පැරණි නඩු නිමිත්තකට බවත් මෙය සම්පුර්ණයෙන්ම දේශපාලන උවමනාව මතයි.
රටට සතුරු ව්‍යවස්ථාව සූදානම්.. ඊට පෙර විරුද්ද නායකයන් සිරගත කරනවා.. ගම්මන්පිල පලමු ගොදුරයි..
අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
සිරගත කිරීම තරයේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස්
පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
විරවංශ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙසේය.
අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට උදය ගම්මන්පිල සිරගත කිරීම තරයේ හෙළා දකිනවා…
පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
අසත්‍ය පැමිණිල්ලක් පදනම්කොට ගෙන අත් අඩංගුවට ගෙන සිරගත කිරීම, ජාතික
නිදහස් පෙරමුණ තරයේ හෙළා දකින්නෙමු.
එක් අතකින් රටේ ජාතික ආරක්ෂාව බිඳ වට්ටවා බෙදුම්වාදයට යළි හිස එසවීමට
හැකි වාතාවරණයක් නිර්මාණය කරමින් අනෙක් අතින් රටේ ආර්ථිකය බිඳ වට්ටවා ජනතාව
මත අධික බදු බර පටවමින් ගෙන යන මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී – දේශද්‍රෝහී
පාලනයට එරෙහිව පොදු ජනතාව මේ වනවිට ස්වයංව වීදි බසින තත්වයක් ඇතිව තිබේ. ඒ
නිසා ආණ්ඩුවට ජනතා අවධානය වෙනතකට හැරවීමේ දැඩි උවමනාවක් ඇති අතර තමන්ට
එරෙහි ජන බලවේගයක් ඒකරාශීවීම වැළික්වීමටද අවශ්‍යව තිබේ.
එසේම නුදුරේදීම රටටත්, ජනතාවටත් සතුරු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙසේ
හෝ ගෙන ඒමටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත්, රණවිරුවන්ට
එරෙහිව නඩු ඇසීමේ දෙමුහුන් අධිරකරණයක් පිහිටුවීමට අදාළ නීති ගෙන ඒමටත් මේ
ආණ්ඩුවට අවශ්‍යය.
මේ අනතුරුදායක තත්වය පිළිබඳව ජනතාව කල් තියා දැනුවත් කරන, ඊට එරෙහි ජන
බලවේග ඒකරාශී කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් නිහඬ කිරීම කඩිනමින් කළ යතුතක්
ලෙස මේ ආණ්ඩුව දකී. ආණ්ඩුවේ එකී ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දඩයම් කිරීමේ
මෙහුයුමේ පළමු ගොදුර ලෙස උදය ගම්මන්පිල මහතා මේ ඉරණමට ලක්ව තිබේ.
වසර 17කට පෙර සිදු වූ සිදුවීමකට අදාළව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත්
කරවා, සැලසුම් සහගතව සිදු කළ මේ දේශපාලන දඩයම මේ රටේ ප්රජාතන්ත්රවාදය,
නීතියේ ආදිපත්‍යය අගයන සියලු ජන බලවේග තරයේ හෙළා දැකිය යුතු අතර ඊට එරෙහිව
නැගී සිටිය යුතුය.
මෙසේ පිළිකුල් සහගත ලෙස තම දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කරන යහපාලන ආණ්ඩුවේ මේ නින්දිත ක්‍රියා පිළිවෙත යළිත් තරයේ හෙළා දකින්නෙමු.
විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, June 19, 2016
උදය ගම්මන්පිල අත්අඩංගුවට..!!!
Posted by
lankanews
at
June 19, 2016
Labels: lankanews, ranil wickramasinge, udaya, udaya gamman pila, udaya gammanpila remand, unp corruptions, yahapalanaya
උදය ගම්මන්පිල අත්අඩංගුවට..!!!
2016-06-19T16:09:00+02:00
lankanews
lankanews|ranil wickramasinge|udaya|udaya gamman pila|udaya gammanpila remand|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...