ජනතාවාදී යැයි කියමින් ජනතාව රවටා බලයට ආ මේ හොර නඩය උන් උන්ගේම සුඛ විහරණය ගැන පමණක් වෙහෙසෙති.රටේ අන්ත අසරණ ජනතාවගේ පීඩා ,දරුණු විපත් ගැන උන්ට වගේ වගක් නැත.උන් ජනතාවට බදු ගසති ,රට පාවා දෙමින් ණය හිඟාකති ඒ මුදල් වලින් කෝටි ගණන් වටිනා අධි සුඛෝපභෝගී වාහන ගනිති.නීතියද උන්ගේ වාසියට හරවාගෙන ඇත..පහතින් ඇසෙන්නේ පසුගියදා කඳවුර පිපිරවීමෙන් අගතියට පත් ජනතා හඬයි.
ඒත් අපි ගැන බලන්න නිකමටවත් කව්රුත් ආවේ නැහැ. අද අපට ඉන්න
හිටින්න තැනක් නැහැ. අපේ දුක බලන්න කව්රුත් එන්නේ නැහැ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ මෙසේද පැවසූහ.
අපි අවුරුදු ගාණක් හරි හම්බකරපු දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. කෑම්ප් එක කිට්ටුව තියෙන රණවිරුගම පදිංචි අය ගැන විතරයි ආමි එක හොයල බලන්නේ. ඒ අය ආමි එකේ හිටිය අය නිසා වැඩි සැලකිල්ලක් දක්වනවා.
ඒත් අපි ගැන බලන්න නිකමටවත් කව්රුත් ආවේ නැහැ. අද අපට ඉන්න හිටින්න තැනක් නැහැ. අපේ දුක බලන්න කව්රුත් එන්නේ නැහැ.
රජයේ නිලධාරීන් වාහනවල ඇවිත් මාධ්‍ය සංදර්ශන තියලා යනවා. දැන් දවස් තුනක් වෙනවා අපිට ඉන්න හිටින්න තැනක් තාවකාලිකව හරි හදලා දීලා නැහැ.
කෑම්ප් එක අවට පදිංචිවෙලා හිටිය අයගේ ගෙවල් 450 ක් විතර විනාශ වෙලා. සමහර ගෙවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින්. මුරුතගම, කටියගම, ආනන්දගම ඇතුළු තවත් ගම්මාන කීපයක මිනිස්සු අද ඉන්නේ මහ පාරේ. අපට කන්න බොන්න ටික විතරක් ලැබෙනවා. අනිත් කිසිවක් ලැබිලා නැහැ.