ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 12, 2016

වත්මන් දේශපාළු කුප්පිතයන්ගේ රථ ගාය....!!!


රටේ ජනතාවගේ ඉවසීම ඉතාම පුදුමාකාරය. එකා බැගින් තනි තනිව ඒ ඉවසීම ගැන පුදුම විය යුතුය. ඊළඟට එළැඹෙන මැතිවරණයේදී ඉවසීමෙන් යුතුවම මේ කපටි රැල නැවත පාර්ලිමේන්තුවට යෑවීම සඳහා ජන්දය පාවිච්චි කළ යුතුය. මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා, සුපිරි

වාහන දෙන්නට තදියම් වීම ගැන කතාව දැන් තරමක්‌ පරණය. සමහර කතාවලින් රටේ ජනතාවට අමුතු ආවේගයක්‌, දුකක්‌ කනගාටුවක්‌ ඉපැදෙන්නේ නැත. බඩුමිල ඉහළ යනවිටත්, වැට්‌ බදු වැඩි කරන විටත්, පොහොර සහනාධාරය කපන විටත් ආණ්‌ඩුව කී ආකාරයටම කීකරු වී "පටි තද කරගත්" අපට ඒවාත් කඡ්ජක්‌ද...?මේ ආණ්‌ඩුව බලයට ආ දා පටන්ම මැති ඇමැතිවරුන්ගේ දීමනා වැඩි කිරීමට, කෝටි ගණනින් නව නිවාස මිලදී ගැනීම්, අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම් වැනි කාරණාවලට ප්‍රමුඛත්වය ලබාදෙන බව කීවේය. වියදම නාස්‌තිය අඩු කරන්නට පොරොන්දු දී පැමිණි ආණ්‌ඩුවකින් ජනතාව මෙවැනි දෙයක්‌ බලාපොරොත්තු වන්නේ නැත. මේ වන විට රටේ ජනතාවට තද කරගන්නට කී පටිවල තද කරගන්නට ඇති හිල් අහවරය. කරුණාකර ඒ හිල් ටික විද දීමට කාරුණික වන්න.
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනාට ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ බැගින් වූ තීරු බදු රහිත වාහන බලපත්‍ර (වාහන පර්මිට්‌) දෙන්නට යන කතාවට වඩා ඇඟ හිරිවැටෙන කතාවක්‌ පසුගිය සතිය අවසාන වන විට අසන්නට ලැබිණි. ඒ ඇමැතිවරුන් 30 දෙනකුට කෝටි 118 පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ මගින් වාහන ගන්නට යන කතාවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ණය වශයෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.5 ක මුදලින් ඩොලර් මිලියන 168 ක්‌ ලබාදීමට තීරණය කර ඇතැයි පසුගිය සතියේ ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. කෝටි 118 ක්‌ මේ ණය ගනුදෙනු අස්‌සේ වාහනයට යට කරන විට ජනතාවට ඇඟ හිරිවැටී නතර වුණොත් වාසනාවකි.

මැති ඇමැතිවරුන්ට කෝටි 118 ක
කාර් සුදුස්‌සන් තේරුවේ ජෝන්


රුපියල් කෝටි ගණනින් වියදම් කර අමාත්‍යවරුන්ට වාහන ලබාගන්නේ "කඩිනමින් ජනතාවට සේවය සැලසීමට " බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා කියා තිබිණි.

එමෙන්ම දුෂ්කර මාර්ගවල සහ කඳු සහිත මාර්ගවල යැමට වැඩි වටිනාකමකින් යුත් ෙµda වීල් වාහන වුවමනා බවද ඇමැතිවරයා අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය අනුමත කරන තවත් බොහෝ මැති ඇමැතිවරු සිටිති. ඉතාම මෑතකදී තම තමන් ගිය දුෂ්කරම මාර්ගය කුමක්‌දැයි අප ඒ උදවියගෙන් අහන්නේ නැත. කාපට්‌ පාරේ ගෙදරටම යන මේ සියලු දේශපාලනඥයන් නිවසේ " මහජන හමු" පවත්වා නැවත කොළඹට එන එක හැර වෙනත් දෙයක්‌ කර නැති බව ඔප්පු කර ඒ උදවිය ලඡ්ජාවට පත් කිරීමට අප සූදානම් නැත.

එක අතකින් මේ හදිසියේ වාහන වුවමනා වන්නේ මොනවාටදැයි අසන එකම වුවමනා නැති මෝඩ ප්‍රශ්නයකි. ඔය කියන දුෂ්කරතා මැද මහජන සේවයට කැප වී සිටින උදවිය විඳින දුක රටේ ජනතාවට තබා වනේ වන හතුරෙකුටවත් විඳින්නට නොලැබේවාය යන්න අපේ ප්‍රාර්ථනාවය. මේ මැති ඇමැතිවරු යනෙන දිලිසෙන්නට ඔපදමා Full කන්ඩිෂන් පිට ඇති වාහන ඇත්තටම අබලන්ය. රාජිත සේනාරත්න ඇමැතිවරයාම කියන පරිදි මේ බොහෝ වාහන වසර 20 කටවත් වඩා පරණය. තුන්හතර දෙනකුට එක්‌ව එම වාහනවල ගමන් කරන්නට හැකියාවක්‌ නැත. තවමත් බොහෝ දේශපාලනඥයන් ගමන් ගන්නා රථ සමඟ "බැකප්" වාහනයක්‌ ගන්නේ සමහර මෝඩ තකතීරු මිනිසුන් සුපිරි වාහන යෑයි සිතා සිටින ඇමැතිවරුන්ගේ වාහන කැඩුණු පසු තල්ලු කිරීමට හෝ අලුත් වැඩියා කිරීමටය. එසේ නම් "බැකප්" වාහන හොඳම තත්ත්වයේ තිබේ දැයි ගොන් ප්‍රශ්න අසන්නට කවුරුත් ඉක්‌මන් විය යුතු නැත.

80 දශකයට පෙර මේ රටේ මෙවැනි විගඩම් තිබුණේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භාවිත කළේ පොදු ප්‍රවාහන සේවාවය. එකල පාරවල් මීටත් වඩා දුෂ්කරය. එකල කිසිදු දේශපාලනඥයෙකු බෙන්ස්‌ - කැඩිලැක්‌ තබා අත්ට්‍රැක්‌ටරයක්‌වත් ඉල්ලුවේ නැත. එහෙත් 80 දශකය අවසන් වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් පැජරෝ ජීප් රථ ලබා දුන්නේය.

ඒ යුගයේ පැජරෝ යනු සුපිරි වාහනයකි. ඇමැතිවරුන්ට සුපිරි නිල වාහන ලැබිණි. වසර පහකට වරක්‌ තීරු බදු රහිත වාහන බලපත්‍රයකට හිමිකම් කීවේද ඒ යුගයේය. මේ කමකට නැති ක්‍රමය ආරම්භ වන්නේ එසේය. ආණ්‌ඩුව බලයට පැමිණියේ එවැනි ක්‍රම නැති කරන බව කියමිනි. පුදුමයකට මෙන් මේ වාහන ඉල්ලන මැති ඇමැතිවරුන්ගෙන් වැඩි කොටසක්‌ පසුගිය ආණ්‌ඩුවෙත් ඇමැතිකම් දැරූ උදවියයි. ඒ ආණ්‌ඩුවෙන්ද තීරුබදු රහිත සුපිරි වාහන ගත් අයයි. එසේ නොවේ නම් මේ අය කියන "දුෂ්කර ප්‍රදේශවල ජනතා සේවය" ට ඒ දිනවල ගියේ බර කරත්තවලින් දැයි අපි අසන්නට කැමැත්තෙමු.


අපි මුලින් කීවා සේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පත් වූ පසු තීරු බදු රහිත ඩොලර් 62,500 ක සුපිරි වාහන බලපත්‍රයකට හිමිකම් ලැබේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් කෝටි පහක්‌ හයක්‌ අතර වටිනාකමකි. රේගු ගාස්‌තුව රුපියල් 1050 කි. ඊළඟට මේ මහජන නියෝජිතයන් කියන දේශපාලනඥයා ඇමති හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ විට අමාත්‍යාංශ වාහන සංචිතයේ වාහනද ඇති පදමින් භාවිත කරන්නේය. එපමණක්‌ නොවේ. වාහන දීමනා, ඉන්ධන දීමනා, දුරකථන, කාර්ය මණ්‌ඩල වැටුප්, ඔවුන්ගේ ඉන්ධන දීමනා මේ ආදී බොහෝ දේ මැති ඇමැතිවරුන්ට හිමිය. 1977 අංක 01 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතට අදාළව වසර පහක අවම සේවා කාලයෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයන්ට විශ්‍රාම වැටුපකටද හිමිකම ලැබේ. මේ සියලු දෙනා නඩත්තු කිරීමටත්, කෝටි ගණනින් වාහන ගෙන්වීමටත් කවර අණ පනත් ඇස්‌තමේන්තු සම්මත කරගත්තද ඒවාට වැය කරන්නේ රටේ ජනතාවගෙන් සෘජුව හා වක්‍රව අය කරගන්නා බදු මුදල් බව කිසිවෙකුටත් අමුතුවෙන් මතක්‌ කළ යුතු කාරණා නොවේ.

සතිය අවසන් වන විට වාර්තා වී තිබුණේ ගංවතුර, නායයැම් සහ කොස්‌ගම විපත්වලින් ආපදාවට ලක්‌වූ ජනතාවට සහන සලසන තෙක්‌ මැති ඇමැති වාහනවලට මුදල් වෙන් නොකරන බවය. ඉන් අදහස්‌ වන්නේ සහන සැලසූ පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවය. ආණ්‌ඩුව පුන පුනා 118 වාරයක්‌ මන්තර ජප කරනවා සේ කියන්නේ රට ආර්ථික අර්බුදයක ඇති බවය. "ආපදාවට ලක්‌වූ ජනතාවට සහන සලසන තෙක්‌" යන කතාව "රට ආර්ථêක අර්බුදයෙන් ගොඩ එනතෙක්‌" යනුවෙන් සංශෝධනය කරන්නට මේ උදවියට හැකියාවක්‌ නැත්තේ ඇයි? මෙවර එජාපයේ මැයි දින තේමාව වූයේ "කැපකරන ජනතාවගේ මැයි දිනය" යන්නයි. මේ කැපකිරීම පාර්ලිමේන්තුවේ 225 දෙනාට අකැපද? රටේ ජනතාව දස අතේ හිඟමින් මහරගම පිළිකා රෝහලට පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රයක්‌ ගැනීමට වෙහෙසෙති. ඒ වෙහෙස ඇත්තෙන්ම දැරිය යුත්තේ ආණ්‌ඩුවය. ඊට අඩු තව ලක්‍ෂ 5 ක මුදලක්‌ පමණි. කෝටි 118 ක්‌ තම සුඛ විහරණය වෙනුවෙන් වැය කරන්නට හදන උදවියට මේ ගැන දැනෙන්නෙවත් නැති බව හැබෑය.

ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ කටේ මසුරං ඔබන්නටත්, මොළේ ඇළේ දමන්නටත් වටින්නේය. ඇති හැකි එකාටම කෝටි ගණන් ගෙවා වාහන ගන්නට ක්‍රමවේද සකස්‌ කරන විට නැති බැරි මිනිහාට foot බයිසිකලයක්‌ ගන්නට බැරි ආකාරයට වැට්‌ බදු, ආනයනික බදු බෙල්ල හිර වෙන්නටම ගහන විට රටට ඇත්ත කීවේ ජෝන් ය. එය මෝඩකමට කී කතාවක්‌ නොවේ. ඔහු කී පරිදිම වාහන ගන්නට "සුදුස්‌සන්" දැන් හෙළිවී තිබේ. "ඕනෑ එකයි එපා එකයි සේරම වාහන ගන්න නිසා බදු වැඩි කරනවා" යෑයි ජනතාවට කෝචොක්‌ කර සතියක්‌ ගත වන විට කෝටි 118 ක්‌ ඇමැති නඩයකට වෙන් කිරීම රටේ ජනතාව ගැන මේ උදවියගේ තක්‌සේරුව පෙන්වා දෙන්නකි.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ මේ රටට ඩොලර් බිලියන 1.5 ක ණයක්‌ ලබාදීමේ කොන්දේසි කිහිපයක්‌ වේ. ඉන් එකක්‌ වන්නේ "රාජ්‍ය මූල්‍ය අවකාශය පුළුල් කර ගැනීම සඳහා බදු ප්‍රතිපත්තිය සහ බදු කළමනාකරණය සඳහා මූලික හා පුළුල් ප්‍රතිසංස්‌කරණ හඳුන්වා දීමයි. තේරෙන භාෂාවෙන් කියතොත් "රජයේ ආදායම වැඩිකර ගැනීමට නම් බදු ආදායම වැඩි කරගත යුතුය" යන්නයි.

තවත් වැදගත් කොන්දේසියක්‌ද එහි සඳහන්ව තිබේ. ඒ රජයේ වියදම් කපා හැරීමය. රජයේ වියදම් ලෙස අප හඳුනාගත යුත්තේ රජයේ නාස්‌තියට හේතුවන වියදම් ලෙස වරදවා තේරුම්ගත යුතු නැත. මේ කියන්නේ ජනතාවගේ සුබසාධනය සහ සමාජ ආරක්‌ෂණ සේවාවන් සඳහා වන ප්‍රතිපාදන කප්පාදු කිරීමය. බදු වැඩි කිරීමද ඒ ආකාරයෙන්මය. දැනටමත් සමස්‌ත රාජ්‍ය ආදායමින් බදු නොවන ආදායම් ඇත්තේ සියයට දහයක ප්‍රමාණයක්‌ පමණි. රජයේ මුළු ආදායමින් සියයට 90 ක්‌ම බදු ආදායම්ය. මේ බදු ආදායමෙන් සුපිරි ආදායම් ලාභීන්ගේ ආදායම මත අයකරන සෘජු බදු ඇත්තේ 22% ක්‌ පමණි. රජයේ සමස්‌ත ආදායමෙන් සියයට 80 ක්‌ පමණ උපයා ගන්නේ ජනතාවගේ භාණ්‌ඩ හා සේවා මත පටවන බදු හරහාය.


රටේ සංවර්ධනය උදෙසා යෙදවිය යුතු මුදල් මේ ආකාරයෙන් මහ දවාලේ කොල්ල කන්නේ අප මත ඒ සා විශාල බදු බරක්‌ පටවමින් බව ඉන් ඉඳුරාම පැහැදිලි වේ.

පහුගිය ආණ්‌ඩුවෙන් ගත් සුඛෝපභෝගී වාහන ගැන මේ ආණ්‌ඩුවේ උදවිය නිතර කතා කරනවා ඇසේ. අලුත්ම අලුත් පැකිං නොකඩපු වාහන නොමැති වුවද, සැප පහසුවට ඕනෑම දුෂ්කර ප්‍රදේශයකට යා හැකි වාහන ආණ්‌ඩුව සතුව තිබේ. ආණ්‌ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වන පාලිත තෙවරප්පෙරුමට ලබාදීමට තීරණය කළ කෝටි දෙකයි අසූවක වාහනය ඔහු ප්‍රතික්‌ෂේප කර තිබේ. ඒ මුළු මුදල කලාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්න යෑයි කිසිදු පැකිළීමක්‌ නැතිව ඔහු කියා තිබේ. එවැනි සෘජු තීරණ ගන්නට හැකි තවත් ඇමැතිවරු සිටී දැයි සැක සහිතය.

මේ ආණ්‌ඩුව බලයට ආ දා පටන්ම මැති ඇමැතිවරුන්ගේ දීමනා වැඩි කිරීමට, කෝටි ගණනින් නව නිවාස මිලදී ගැනීම්, අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම් වැනි කාරණාවලට ප්‍රමුඛත්වය ලබාදෙන බව කීවේය. වියදම නාස්‌තිය අඩු කරන්නට පොරොන්දු දී පැමිණි ආණ්‌ඩුවකින් ජනතාව මෙවැනි දෙයක්‌ බලාපොරොත්තු වන්නේ නැත. මේ වන විට රටේ ජනතාවට තද කරගන්නට කී පටිවල තද කරගන්නට ඇති හිල් අහවරය. කරුණාකර ඒ හිල් ටික විද දීමට කාරුණික වන්න.


 උදේශ සංජීව ගමගේ
 මෙන්න ඒ හොරහැත්තේ ලැයිස්තුව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.