ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 7, 2016

පසුබිම සහ ඇත්ත ...!!! ‘අවි ගබඩාව පුපුරුවා හැරියාද...?’

සාලාව හමුදා කඳවුර පිපිරීම ගැන ආණ්ඩුව හංගන දේ විමල් කියයි

යුද හමුදා බුද්ධි අංශ, සාලාව ප‍්‍රදේශය අවි ගබඩාව පිපිරීමට අදාළ හේතු සොයා බලන පරීක්‍ෂණවලින් ඉවත් කරනු ලැබුවේ කුමක් නිසාද? එවැන්නක් සිදු කරන්නේ ආණ්ඩුවට මෙහිදී සැගවීමට යමක් ඇති නිසාද....? යන ප‍්‍රශ්න රට හමුවේ තබන බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ  පවසයි.
විමල් මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. වීඩියෝ සහිතයි...!!!

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  මෙසේ ද පැවසීය.
කාලතුවක්කු උණ්ඩ ඇතුළු පුපුරන ද්‍රව්‍ය මෙහිදී පිපුරුණා. ගිනි ගැනීමට ලක් වුණා. එමගින් අවට ප‍්‍රදේශවල නිවාස සහ දේපළවලට විශාල හැනියක් ද සිදු වුණා. අදාළ ප‍්‍රදේශයේ ජන ජීවිතය ද අඩාල වුණා.
‘මෙම සිදුවීම හට ගත්තේ කොසේද?’ කියා මෙතෙක් නිවැරදි කරුණු අනාවරණය වීමක් සිදු වී නැහැ. අපි මෙම සිදුවීම දිහා බලන්නේ හුදකලා, තනි සිදුවීමක් ලෙස නොවෙයි. ඔබ දන්නවා මේ ආණ්ඩුව බලයට පැමිණි මොහොතේ සිටම ජාතික ආරක්‍ෂාව දුර්වල කරනු ලැබුවා. මංගල සමරවීර විදේශ ඇමතිවරයා ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිිරිපිට, තමන්ගේ හමුදාව දෙමළ ජනතාවට හිරිහැර කළ බවට චැනල් 4 විඩියෝ පටයේ තිබෙන අසත්‍ය රූප රාමු සත්‍ය ඒවා බවට පිළිගනු ලබනවා. ඒ විතරක් නොවෙයි අද උතුරේ ආරක්‍ෂක හමුදා කඳවුරු තුළට ගාල් කරලා. සම්බන්ධන්ලා කඳවුරු තුළට කඩා වදින විට නිවට නියාලූව බලා සිටින තත්වයකට අපේ ආරක්‍ෂක හමුදා පත් කරලා තිබෙනවා. තමන්ගේ ඉහළ නිලධාරියකුට බැණ වැදුණු නැගෙනහිර මහ ඇමතිවරයා නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයට ගෙනවිල්ලා දිවා භෝජන සංග‍්‍රහයක් පවත්වලා මහ ඇමතිවරයාගේ සිතත්, බඩත් පිනවන ආකාරයේ තත්වයකට නාවික හමුදාව ඇදවට්ටලා තිබෙනවා.
අවි බලය අතිනුත් හමුදාව දුර්වල කිරීමක්ද....?’
ඒ අනුව අපට පෙනෙනවා අපේ රටේ ආරක්ෂක හමුදාවන් මානසිකව බිඳ වට්ටමින් තිබෙන බව. ඒ විතරක් නොවෙයි මේ ආණ්ඩුව මහා බි‍්‍රතාන්‍යයෙන් පවුම් දහස් ගණනක මුදලක් අරගෙන ආරක්‍ෂක හමුදාවන් කුඩා කරන්න, හකුළුවන්න ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. අද ආරක්‍ෂක හමුදා මානසිකව බිඳ වැට්ටවීම ප‍්‍රමාණයෙන් කුඩා කිරීම යන උපායමාර්ගය අනුව ඉදිරියට යමින් ආරක්‍ෂක හමුදා අවි බලය අතිනුත් දුර්වල කිරිමේ පියවරක් ලෙස ද අපි මේ සාලාව අවි ගබඩාව පිපිරීම වටහා ගත යුත්තේ....? කියන ප‍්‍රශ්නය අපි මතු කරන්නේ ඉතාම සාධාරණ හේතු ඇතිව. මෙම පිපිරීමට අදාළව සිදු කරන පරික්‍ෂණවලට යුද හමුදා බුද්ධි අංශ සම්බන්ධකර නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. රහස් පොලීසිය ඇතුළු අනෙකුත් බුද්ධි අංශ වගේම යුද හමුදා බුද්ධි අංශත් මෙම පිපිරීමට හේතුව සොයන පරික්‍ෂණවලට සම්බන්ධකර ගැනීමේ වරද කුමක්ද...? යුද හමුදා බුද්ධි අංශ මෙම පරික්‍ෂණවලින් ඉවත් කරන්නේ ආණ්ඩුවට යමක් හංගන්න තිබෙන නිසාද? ආණ්ඩුවට හංගන්න දෙයක් නැතිනම් කරන්න තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශය ඇතුළු සියලූ බුද්ධි අංශවලට ‘සිදු වූයේ කුමක්ද?’ කියා සොයා බැලීමට විවෘත ඉඩකඩක් නිර්මාණයකර දීම. එසේ නොකොට ඇයි යුද හමුදා බුද්ධි අංශ මෙම පරික්‍ෂණවලින් ඉවත් කරන්නේ.?
‘අවි ගබඩාව පුපුරුවා හැරියාද...?’
අපි දන්නවා අවුරුදු 20කට පමණ ප‍්‍රමාණවත් අවි තොගයක් මේ ස්ථානයේ ගබසා කොට තිබූ බව. මේ පිපිරීම මගින් ආරක්‍ෂක හමුදාවන්හි අවි බලයට සිදුවුණු හානිය සුළුපටු හානියක් නොවෙයි. එම හානිය මුදලින් තක්සේරු කරලා පමණක් තේරුම් ගැනීමට බැහැ. යුද හමුදා බුද්ධි අංශයට තමයි මේ් පරික්‍ෂණවලදී වැඩි මෙහෙයක් ඉටු කළ හැක්කේ. අපි දන්නවා, සතුරා මෙවැනි අවි ගබඩාවක් අත්පත් කර ගත්තාම එය විනාශකර දැමීමට විකල්ප ක‍්‍රමෝපායක් ඕනෑම ආරක්‍ෂක හමුදා කඳවුරක තිබෙනවා. මෙතැනදී සිදු වූයේ ඒකද? නැතිනම් වෙනත් දෙයක්ද? මේ බව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන්නේ තවත් මෙවැනිම අවි ගබඩා කිහිපයක් මේ රටේ තිබෙන නිසයි.
‘ආණ්ඩුවට හංගන්න දෙයක් තිබෙනවාද?’
වත්මන් යුද හමුදාපතිවරයා යුද හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරියෙක්. ඒ නිසාම ඔහු යුද හමුදාපති ධුරයට පත් වුණාම මෙවැනි අවි ගබඩා පිළිබඳව සැලකිළිමත් වෙන්න ඇති. කෙසේ වුවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ කාලයේ මෙම කඳවුරෙන් අවි ඉවත් කිරිමේ වැඩපිළිළෙක් ආරම්භ කරලා තිබුණා. මා දන්නා අන්දමින් මේ අවි ගබඩාවේ තිබුණු අවි ප‍්‍රමාණයෙන් 50%ක් පමණ ඒ අනුව වෙනත් ස්ථාන වෙත ගෙන ගොස් තිබුණා. 2016 ජනවාරි 08 වැනිදා ආණ්ඩු පෙරළියෙන් පසුව එම ක‍්‍රියාවලිය ඉදිරියට ගියේ නැහැ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි පශූසම්පත් සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් දෙකක් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා යුද හමුදාවට පවරා ගෙනයි මෙම කඳවුරේ තිබුණු අවි ප‍්‍රමාණය 50%කින් පමණ අඩුකර තිබුණේ. එහෙම නොකළා නම් මේ සිදු වූ විනාශය දෙගුණ, තෙගුණ, සිව්ගුණ වෙන්න තිබුණා. අපට පැහැදිලි නැත්තේ, ‘යුද හමුදාපතිවරයාට මේ පිළිබඳව අවබෝධයක් තිබියදීත් 2015 ජනවාරි 08 වැනිදායින් පසුව මෙම කඳවුරෙන් අවි ඉවත්කර ගැනීමේ කටයුතු නතර වුණේ ඇයි?’ කියලයි. මෙම ප‍්‍රශ්නය සමග අපි කලින් මතු කළ ‘යුද හමුදා බුද්ධි අංශ මෙම පිපිරීමට හේතු සොයා බලන පරික්‍ෂණවලින් ඉවත් කළේ ඇයි  ?’ කියන ප‍්‍රශ්නය නිසා මතුවන සැකය විසින් තමයි අපට හිතෙන්නේ ‘ආණ්ඩුවට මේ ගැන හැංගීමට දෙයක් තිබෙනවා’
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.