ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 30, 2016

ඡන්දෙ දුන් ජනතාවට අමතක නොවෙන්න සළකන යමපාළුවෝ...!!!

එදිනෙදා පරිභෝජනයට ගන්නා හාල්, පිටි, සීනි මිල මෙන්ම එළවළු, පොල්, මාළු මෙන්ම තවත් බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ ගොස්‌ තිබේ. "වැස්‌ස ගංවතුර නිසා එළවළු කොහොමත් ගණන් යනවාය" කියන සුපුරුදු කතාව ජනතාවට දැන් තිත්තය. මාළු ගණන් යන්නේ වාරකන් නිසාය. ඉතිං අපි හිත හදා ගත යුතුය. ඒවා එසේ නම් අතිරික්‌තයක්‌ තිබේ යෑයි කියන හාල් ගිනි ගණන් යන්නේ ඇයි දැයි කියන්නට කෙනෙක්‌ නැත. පාරිභෝගිකයා එසේ උලා කන විට වෙළෙන්දා සිය ආදායමෙන් කොටසක්‌ බදු ගෙවන්නට වෙන් කරන විට ආණ්‌ඩුව කිවූ ආර්ථික කළමනාකරණය කොහේදැයි අසන ජනතාවට කෝචොක්‌ කිරීම ආණ්‌ඩුවකට එතරම් හොඳ නැත. වැට්‌ බදු වැඩි නොකර රටේ ආර්ථිකය ගොඩ ගැනීමට වෙනත් මඟක්‌ නැතැයි ආණ්‌ඩුව කියා තිබේ.
බදු බර සහ බඩු මිල

පසුගිය වර්ෂයේ (2015) අවසානය වන විට 2016 වර්ෂයට නියමිත අයවැය වත්මන් ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඊට පසු කිහිපවතාවක්‌ම ඊට සංශෝධන ද එකතු කරන ලදී. එම සංශෝධනවලදී ඉදිරිපත් කරන ලද බදු වැඩි කිරීම් බදු එකතු කිරීම් ආදිය රටේ ජනතාව කිසිවිටෙකත් මේ ආණ්‌ඩුවෙන්a බලාපොරොත්තු වූ ඒවා නොවීය. අර්බුදය උග්‍ර වන විට ජනතා විශ්වාසය දිනා ගැනීම වෙනුවෙන් ආණ්‌ඩුව පරණ උත්තරයක්‌ අලුත් කර ඉදිරිපත් කරන ලදී.

ඒ උත්තරය බොහෝ සරල සාමාන්‍යයෙන් අලුත් ආණ්‌ඩුවක්‌ කියාවියෑයි විශ්වාස තැබිය හැකි උත්තරයකි. ඒ අනුව ස්‌ථිර වශයෙන්ම මේ අර්බුදයට හේතුව, පසුගිය ආණ්‌ඩුව රටේ ආර්ථිකයට කර ඇති විනාශය නිසා රට ආර්ථික අවපාතයකට වැටී ඇති බවය. එහෙත් ආර්ථික කළමනාකරණය ගැන මේ ආණ්‌ඩුව කියන කතා අහන විට ජනතාවට මේ අර්බුදය සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ "අදාළ නැත" යන්න පමණි.

දැන් රටේ ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරනවා වෙනුවට ව්‍යාපාරික ප්‍රජාව පාරට බැස උද්ඝෝෂණය කිරීමේ අපූරු තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. සරල ලෙස සැලකිය යුතු නැත. අපට පෙනෙන්නේ තත්ත්වය බරපතළ බවය. ව්‍යාපාරික ප්‍රජාව වැට්‌ බද්දට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ දිනෙන් දින උග්‍ර වේ. දිනපතාම එවැනි උද්ඝෝෂණයක්‌ ගැන වාර්තා වේ. සියලුම ප්‍රධාන නගර මෙන්ම නාගරික නොවූ ප්‍රදේශවල ද ව්‍යාපාරික ප්‍රජාව මේ උද්ඝෝෂණවලට සහභාගි වේ. බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන මේ උද්ඝෝෂණ නිසා සිය පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පැමිණෙන බොහෝ දෙනකුට විවිධ අපහසුතාවලට මුහුණපෑමට සිදු වෙති. එහෙත් ඒ සියල්ල මැදහත් සිතින් ඉවසමින් ව්‍යාපාරිකයන්ගේ "වැට්‌ බදු උද්ඝෝෂණ" සඳහා සහාය දක්‌වන බව බොහෝ දෙනෙක්‌ කියා සිටිති. එලෙස සම සමව මේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ වැට්‌ බදු නිසා අධික බඩු මිල ඉහළ යැම හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් ද බොහෝ සෙයින් අපහසුතාවට පත්ව සිටින නිසාය. මේ සියලු දෙනා එකහඬින් ආණ්‌ඩුවට කියා සිටින පොදු කාරණයක්‌ වේ. ඒ, ව්‍යාපාර අඩාළ නොවන පාරිභෝගිකයාට දරා ගත හැකි ප්‍රායෝගික මට්‌ටමේ බදු ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරන ලෙසය. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බොහොමයකට වැට්‌ බදු පනවන්නේ නැති බව ආණ්‌ඩුව කීවද වෙළෙඳපොළට යන කවරෙකුට වුව මිල ඉහළ ගිය බඩු මිලක්‌ මිස වෙනත් දෙයක්‌ දකින්නට ලැබෙන්නේ නැත.

එදිනෙදා පරිභෝජනයට ගන්නා හාල්, පිටි, සීනි මිල මෙන්ම එළවළු, පොල්, මාළු මෙන්ම තවත් බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ ගොස්‌ තිබේ. "වැස්‌ස ගංවතුර නිසා එළවළු කොහොමත් ගණන් යනවාය" කියන සුපුරුදු කතාව ජනතාවට දැන් තිත්තය. මාළු ගණන් යන්නේ වාරකන් නිසාය. ඉතිං අපි හිත හදා ගත යුතුය. ඒවා එසේ නම් අතිරික්‌තයක්‌ තිබේ යෑයි කියන හාල් ගිනි ගණන් යන්නේ ඇයි දැයි කියන්නට කෙනෙක්‌ නැත. පාරිභෝගිකයා එසේ උලා කන විට වෙළෙන්දා සිය ආදායමෙන් කොටසක්‌ බදු ගෙවන්නට වෙන් කරන විට ආණ්‌ඩුව කිවූ ආර්ථික කළමනාකරණය කොහේදැයි අසන ජනතාවට කෝචොක්‌ කිරීම ආණ්‌ඩුවකට එතරම් හොඳ නැත. වැට්‌ බදු වැඩි නොකර රටේ ආර්ථිකය ගොඩ ගැනීමට වෙනත් මඟක්‌ නැතැයි ආණ්‌ඩුව කියා තිබේ. එහෙත් බොහෝ දෙනෙක්‌ කියන පරිදි මේ ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකි. ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්‌ටේ පැවැති ජනහමුවකදී වැට්‌ බදු අඩු කරන බව කියා තිබීම තරමක්‌ සතුටට හේතුවන කාරණයක්‌ වන නමුත් ඉහත කී බොහෝ කාරණා නිසා එය ප්‍රායෝගිකව සිදු කළ හැක්‌කක්‌ද යන්න සැක සහිතය. එහෙත් මේ අධික බදු බර ජනතාව පිට පැටවීම සාධාරණ නැති බව නැවතත් සිහිපත් කළ යුතුය. 

 දිවයින කතු වැකියෙනී

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.