හොරා වකුගඩු රෝග නිවාරණ බලකාය ඇතුලේ..
මෙරට සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයකු ඉකුත් මාර්තු මස 29 දින සිට
අප්‍රේල් 07 දක්වා කාලය තුළ
පොල් තෙල් සමඟ කලවම් කර මෙරට තුළ අලෙවි කරන මෙම විෂ සහිත පාම් තෙල්වල හෘද රෝග සහ පිළිකා ඇතුළු මාරාන්තික රෝග රැසක් ඇති කරන මේද අම්ල වර්ග රාශියක් අඩංගුව තිබෙන බවද රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදු කර ඇති විද්‍යාගාර පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මෙම ව්‍යාපාරිකයා රේගු තීරු බදුවලින් බේරීම සඳහා “කෲඩ් පාම් ඇසිඩ්” ලෙසින් නම සඳහන් කරමින් මැලේසියාවේ සිට මෙකී විෂ සහිත පාම් තෙල් තොග මෙරටට ගෙන්වා පොල් තෙල්වලට කලවම් කර සාමාන්‍ය වෙළෙඳ පොළට බෙදා හැර ඇත.
රේගු අත්අඩංගුවේ තිබෙන විෂ සහිත පාම් තෙල් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනුව ඒ පිළිබඳ පරයේෂණ සිදු කරන විද්‍යාගාර සහ රාජ්‍ය අංශයේ පරීක්ෂණ ඒකක වෙත මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයා සිද්ධිය යටපත් කිරීම සඳහා තමන්ට ඇති ඉහළ දේශපාලන සබඳතා යොදාගෙන මේ වන විට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවද වාර්තා වේ. එම විෂ සහිත පාම් තෙල් කන්ටේනර් විසිහතර කෙසේ හෝ රේගුවෙන් මුදාගෙන රට තුළට ගැනීම මොහුගේ එකම අරමුණ වී තිබෙන බවද රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
මැලේසියාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය වන පාම් තෙල් නිෂ්පාදනයේදී ඉවත් කරනු ලබන සියයට පහක් තරම් වන මාරාන්තික විෂ සහිත මේද අම්ල කොටස් සියයට විසිපහක් පමණ පාම් තෙල්වලට යළි කලවම් කර මෙරටට ආනයනය කරමින් ඉහත කී ව්‍යාපාරිකයා මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ. මොහු විෂ සහිත පාම් තෙල් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ මැලේසියාවේ සමාගමක් සමඟ එක්ව ඉහත ක්‍රමය අනුව බව රේගු දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමටකට අනුව මැලේසියානු පාම් තෙල් පරයේෂණ මණ්ඩලය කළ විමර්ශනයක් මගින් තහවුරු කර ඇත. මෙහිදී මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයා සිදු කර ඇති තීරු බදු වංචාව රුපියල් බිලියනයකටත් අධික බවද රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මෙසේ ගෙන එන විෂ සහිත පාම් තෙල් තොග පොල් තෙල්වලට කලවම් කරමින් මෙරට සිල්ලර වෙළෙඳ පොළට මුදා හැරීමට මොහු ඇතුළු ජාවාරම්කරුවන් කාලයක සිට කටයුතු කර ඇත. මේ අන්දමින් මොහු 2016 වසරේ ගෙවී ගිය මාස කිහිපය තුළ පමණක් මෙවන් විෂ පාම් තෙල් සහිත කන්ටේනර් සියයකටත් උධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේ. ලංකාව පුරා විහිදුණු ජාලයක් ඇති කර ගනිමින් මෙම ව්‍යාපාරිකයා එම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ කිසිදු ඇසුරුමකින් තොරව කෑන් සහ මලු ලෙස විෂ සහිත පාම් තෙල් සමඟ කලවම් කළ පොල් තෙල් බෙදා හැරීමෙන් බවටද අනාවරණය වී ඇත. මෙරට වෙළෙඳ පොළේ තැන තැන ඇති කෙටි කෑම වර්ග සහ කොත්තු, රයිස් මෙන්ම බදින ලද විවිධ ආහාර වර්ග සැකසීම සඳහා මෙම ජාවාරම්කරුවන් මගින් රට පුරා බෙදා හරනු ලබන විෂ සහිත පාම් තෙල් කලවම් කළ පොල් තෙල් යොදා ගැනෙන බවටද අනාවරණය වී ඇත. සිව් වසරක් තිස්සේ මොහු එසේ විෂ සහිත පාම් තෙල් පොල්තෙල්වලට කලවම් කර මෙරට තුළ අලෙවි කළද කිසිදු අවස්ථාවක මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එය හසුවී නැත.එක් අවස්ථාවකදී මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයා පොල් තෙල්වලට පාම් තෙල් කලවම් කර අලෙවි කිරීමට සැරසෙද්දී පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇතත් ඔහුට ඇති ඉහළම දේශපාලන සබඳතා නිසා එම වැටලීමද පුළුල් විමර්ශනයකින් තොරවම නතර වී ඇත.
මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයා මෙරට පැතිර යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇති කර තිබෙන කාර්ය සාධක බළකායක ප්‍රබල සාමාජිකයකු බවද එහි ප්‍රධානියාගේ සමීප මිත්‍රයකු බව ද මේ වන විට අනාවරණය වී තිබේ. මේ පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර CIC කෘෂි සමාගමේ විද්‍යාඥයකු ලෙසද සේවය කර ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට හෘද රෝග ව්‍යාප්තිය පිළිබඳ මිනුම් අනුව දකුණු ආසියාවේ පළමු ස්ථානයට පත්ව තිබෙන අතර ඉකුත් 2012 වසරේ සිට මෙරට බෝ නොවන රෝග වර්ධනය වීමේ ඉහළ ප්රවණතාවක්ද ඇති වී තිබිණි. මෙකී විෂ සහිත කලවම් පොල් තෙල් පරිභෝජනය එයට ප්‍රධාන සාධකයක් වන්නට ඇතැයිද වෛද්‍ය ක්ෂෙත්රයේ විද්වතුන් මත පළ කරති.
සමන් ගමගේ