ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 16, 2016

සෝමවංශ අමරසිංහ කළ මෙහෙවර කෙටියෙන්...!!!

දශක පහකට ආසන්න කාලයක්‌ මුළුල්ලේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් නොනවතින

දේශපාලන අරගලයක යෙදුණු ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ   (15 දා) උදේ අභාවප්‍රාප්ත වූහ.  හදිසි හෘදයාබාධයකින්  (15 දා) අලුයම කොළඹ රාජගිරියේ පිහිටි සිය ඥති නිවසකදී අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු හැත්තෑ තුනකි.
පසුගිය දින කිහිපයේ දී සෝමවංශ අමරසිංහ  තරමක්‌ අසනීප තත්ත්වයකින් පසුවූ අතර හදිසි හෘදයාබාධයක්‌ හටගෙන ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.
1943 දී කළුතර පයාගලදී උපත ලැබූ ඒ. කේ. සෝමවංශ අමරසිංහ  සහෝදරයන් සිව්දෙනකුගෙන් සහ සහෝදරියන් තිදෙනකුගෙන් සමන්විත පවුලක බාලම දරුවාය.

1971 කැරැල්ලට මෙන්ම 88/89 කැරැල්ලට සක්‍රීයව දායක වූ සෝමවංශ අමරසිංහ  1971 කැරැල්ලෙන් පසු බිහිවූ ජනතා විමුක්‌ති පෙරමුණ නව දේශපාලන මණ්‌ඩල සාමාජිකයන් දහතුන් දෙනාගෙන් දිවි ගලවාගත් එකම සාමාජිකයාද විය.

1969 වසරේදී කොළඹ කාසල් වීදියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දනෝරිස්‌ අයියාගේ ජනතා විමුක්‌ති පෙරමුණු පංතිවලට පළමුවරට ගිය සෝමවංශ අමරසිංහ  පසුව ජ.වි.පෙ. නායක රෝහණ විඡේවීර මහතා මුණගැසී ඇත.

1971 අප්‍රේල් 05 වැනිදා දියත් කළ කැරැල්ලේදී සෝමවංශ අමරසිංහට සුවිශේෂී වගකීමක්‌ පක්‌ෂය විසින් පවරනු ලැබිණි. එනම් පක්‌ෂය විසින් සංවිධානය කළ සුවිශේෂි කණ්‌ඩායමක්‌ සමග එවකට අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය පැහැර ගෙන යැමය.

කෙසේ වෙතත් එම පැහැර ගැනීම පිළිබඳ ඡේ. ආර්. ජයවර්ධනට සැලවීමත් සමග එවක ආරක්‌ෂක අංශවල ක්‍රියාකාරිත්වය නිසා මැතිනිය පැහැර ගැනීමේ මෙහෙයුම ව්‍යර්ථ විය.

1988, 89 කැරැල්ලේදී ද සක්‍රීයව ඊට දායක වූ සෝමවංශ අමරසිංහ 1990 වසරේදී කල්පිටියෙන් බෝට්‌ටුවක නැගී දෙමළ ජාතිකයෙකුගේ වෙස්‌ගෙන ඉන්දියාවට පලාගොස්‌ ජීවිතය බේරා ගැනීමට සමත් විය. පසුව තායිලන්තය හරහා යුරෝපයට ගිය අමරසිංහ  එහි සිට යළි ජනතා විමුක්‌ති පෙරමුණ ගොඩනැගීමට නායකත්වය ලබා දුන්නේය.

1994 වසරේදී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ ජනතා විමුක්‌ති පෙරමුණ යළි දේශපාලන කරලියට ගෙන ආවේ සෝමවංශ අමරසිංහගේ නායකත්වය හා මගපෙන්වීම යටතේය.

ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනතාව ජනතා විමුක්‌ති පෙරමුණ වටා ඒකරාශී කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මගට සිය පක්‌ෂය ගෙන ඒම අමරසිංහ  ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි.

සෝමවංශ අමරසිංහගේ බිරිඳ අයිරාංගනීය. ඔහුට එක්‌ පුතෙක්‌ සිටී.

ජනතා විමුක්‌ති පෙරමුණ සෝමවංශ අමරසිංහ  සිරි අයියා, රෙජී අන්කල්, ෆ්‍රැන්ක්‌ලින්, ඩැනියෝ, නිමල් බණ්‌ඩාර, රෙජිනෝල්ඩ්, පැටි්‍රක්‌ යන අන්වර්ථ නම් වලින්ද හැඳින්වීය.

කළුතර පයාගල උපන් ඒ. කේ. සෝමවංශ අමරසිංහ කළුතර බාලිකා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර දෙවැනි ශ්‍රෝණියේදී කළුතර විද්‍යාලයට ඇතුළත් විය. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස භාවිත කළ අමරසිංහ  2014.02.02. ජනතා විමුක්‌ති පෙරමුණ නායකත්වයෙන් ඉල්ලා අස්‌විය.

පසුව
සෝමවංශ ජනතා සේවක පක්‌ෂය පිහිටුවාගෙන එහි නායකත්වය ගෙන නව දේශපාලන ගමනක්‌ යමින් සිටියේය.

මෙරට දේශපාලනයේ 71 කැරැල්ලට හා 88, 89 කැරැල්ලට සක්‍රියව දායක වූ ඒ මහතා අවුරුදු හැත්තෑතුනක්‌ ආයුවළඳා මෙරට දේශප්‍රේමී ජනතාවට ආයුබෝවන් කියමින් ඊයේ අලුයම සදහටම දැයෙන් සමුගෙන ගියේ මෙරට දේශප්‍රේමී ජනතාව වෙනුවෙන් දියත් කළ තම නොනිමි දේශපාලන සටන සිතේ රඳවා ගනිමින් විය යුතුය.

සෝමවංශ අමරසිංහගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.