අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක උපදෙස් දී තිබේ.
අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර
පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි.
අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ මහා පිරිමාණ පිපරීමක් සිදුව තිබේ.
පතොරොම් හා අත්බෝම්බ ගබඩාවක් මෙසේ පිපිරි යමින් ඇතැයි වාර්තා වෙයි.
හයිලෙවල් පාරේ ගමනාගමනය නවතා දමා ඇති අතර කිලෝ මීටර 5-6ක පමණ දුරට ජනතාව ඇත් කරමින් ඇත.
පිපිරීම පාලනය සඳහා ත්රිවාධ හමුදාවම මැදිහත් වී මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මෙම කඳවුරේ කාලතුවක්කු උණ්ඩ ගබඩාව පිපිරීමෙන් බේරා ගැනීමට හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන්නේ යයිද වාර්තා වෙයි.
මෙම කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය ටොන් 800ක් පමණ වෙතැයිද සඳහන්ය.