මා ආරක්ෂක
ලේකම් නම් ඔහු ඉවත් කරනවා
- ගෝඨාභය රාජපක්ෂ
කොස්ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද
හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්ෂක
ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින්
ඉවත් කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
මෙවන් වැදගත් ස්ථානයක් නිසි ලෙස ආරක්ෂා කර ගැනීමට
නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන
යුද හමුදාපතිවරයා ඉල්ලා අස්විය යුතුව ඇතැයි ද හෙතෙම
පැවසීය.
කොස්ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය
පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මෙසේ ද පැවසීය.
චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියගේ
පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්ගම
සාලාව කඳවුර වෙත රැගෙන ගොස් තිබුණා. මම ආරක්ෂක ලේකම් වූ
පසු එම ස්ථානය ඊට නුසුදුසු අනාරක්ෂිත එකක් බව පෙනී ගිය
බැවින් එහි තිබූ බර අවි උණ්ඩ කොටසක් දියතලාව සහ මාදුරුඔය
වෙත ගෙන ගියා. ඒ වගේම කොස්ගම අවි ගබඩාවේ ආරක්ෂාව තරකරන
ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නා.
යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 ක පමණ උණ්ඩ
මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්ඩවලින්
විශාල ප්‍රමාණයක් වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා. එතැනත්
ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක්
අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්වැව ප්‍රදේශවල
පිහිටුවීමට තීරණය කළා. එම ස්ථාන දෙකම පශු සම්පත් සංවර්ධන
මණ්ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්. එහි මූලික කටයුතු
සැලසුම් කරමින් සිටියදී අපට රාජ්‍ය බලය අහිමිව ගියා.
ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා
පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්ගම සහ වේයන්ගොඩ
අවි ගබඩා අද වසා දමලා. කොස්ගම අවි ගබඩාවේ තිබූ ටොන්
25,000 ක උණ්ඩ තොගය මම ආරක්ෂක ලේකම්ව සිටියදී අඩු කළ
නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා.
නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි.
සිරිමෙවන් කස්තුරිආරච්චි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, June 6, 2016
මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි...!!!
Posted by
lankanews
at
June 06, 2016
Labels: army blasts, army camp blast, Gotabhaya Rajapakse, homagama army camp, kosgama blast, kosgama camp, lankanews, salawa camp, yahapalanaya
මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි...!!!
2016-06-06T22:47:00+02:00
lankanews
army blasts|army camp blast|Gotabhaya Rajapakse|homagama army camp|kosgama blast|kosgama camp|lankanews|salawa camp|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
