ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා මුදල් වෙන් කිරීමට ඉදිරිපත්
කළ පරිපූරක ඇස්තමේන්තුව
කෙසේ වෙතත් එම වාහන මිලදී ගැනීම කල් දැමීමට අගමැති රනිල් වික්රමසිංහ ගත් තීරණය ඉතා විශිෂ්ට එකක් බවද හෙතෙම සඳහන් කෙළේය. එහෙත් අදාළ පරිපූරක ඇස්තමේන්තුවෙන් තමන්ටද වාහනයක් ගන්නා බවට විවිධ පාර්ශව විසින් ජනතාව නොමඟ යෑවූ බවද කී ඒ කුණුහරුප ඇමැති පසුගිය ආණ්ඩුව සමයේදී නම් ඇමැතිවරුන්ට වාහන ගැනීම හොර රහසේම කළ බවද කීය.ආණ්ඩුව වාහන ගැනීම පිළිබඳව පාර්ලිමේන්තුව, ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවත් මෙම ආණ්ඩුවට කෙළවෙන්නේ ඇත්ත නොසඟවා කීමට යැමෙන් බවද කුණුහරුප ඇමැති පැවසීය.
පසුගිය ආණ්ඩුව පොදු රාජ්ය මණ්ඩලයීය සමුළුව (චෝගම්) වෙනුවෙන් ගෙන්වන ලද වාහන පිළිබඳව කිසිවක් රටට හෙළි නොකළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.