‘GMOAට අපේ ගෞරවය පුද කරනවා’
අවසානයේදී කුමක්ද වුණේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාධාරණ ඉල්ලීම්වලට යටත් වෙලා සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය යළි සකස් කිරීමට ඇමතිවරයාට සිදු වුණා. තාත්තයි – පුතයි වෛද්‍යවරුන්ට හතර වටේට පහර ගැසුවාට, අවලාද ගුවාට අන්තිමේදී සිදු වුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේ දණ ගහන්න.
‘එකාවන්ව සමගිව කටයුතු කළොත් ඇමතිවරයකු පමණක් නොවෙයි, මේ ජනතාදෝහී ආණ්ඩුව වුණත් දණ ගස්වන්න පුළුවන්’ කියලා රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඔප්පු කොට පෙන්වා තිබෙනවා. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපගේ ගෞරවය පුදකර සිටිනවා’’
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ මහතා ද එක්ව සිටියේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ