ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 13, 2016

ජනතාවට ජරාව බෙදා රවටා ඡන්දය දිනූ ජයලලිතාගේ තෝම්බුව....!!!

අම්මා යන්නෙහි අරුත් දෙකක් ඇත. එකක් ‘මව’ යන්නයි. අනෙක ‘උත්තරීතර කාන්තාව’ය.  මේ වන විට

සමස්ත තමිල්නාඩුවට සිටින්නේ එක අම්මා කෙනෙකි. ඒ ජයලලිතා ජයරාම්ය. තමිල්නාඩු රජයෙන් පාලනය වන මිලෙන් අඩු ආහාර සපයන ආපන ශාලාවල සිට පෞද්ගලික සිනමාශාලා දක්වා වෙළෙඳ නාමය ‘අම්මා’ය. තමිල්නාඩුවේ අඟලක් නෑර ඇත්තේ ‘අම්මා ජයලලිතාගේ’ කාඞ්බෝඞ් පුවරු හා වර්ණ පෝස්ටර්ය.
යළිත් වරක් ජයලලිතා ලද ජයග්‍රහණය බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ මවිතයට පත් කළ කරුණක් විය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ඇය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා බවටය. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය (ඩී. එම්. කේ.) ජයගනු ඇතැයි ඔවුහු සිතූහ. ගෙවුණු වසර 25 මුළුල්ලේ තමිල්නාඩුවේ පැවැති දේශපාලන රටාව වූයේ  පාලක පක්ෂය පරාජයට පත් වීමය. 2011 සිට පාලනය ගෙන යනු ලැබුවේ ජයලලිතා ජයරාම් විසිනි. ඇයගේ පාලනය දෝෂ සහිත වූ අතර  දූෂණ රැසකට මඟ පෑදීය. පසුගිය වසරේ තමිල්නාඩුවට බලපෑ මහ වැසි හේතුවෙන් ඇති වූ ගංවතුර පාලනය සඳහා ඇය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට බඳුන් විය. ජයලලිතා විසින් කරන ලද දූෂණ හේතුවෙන් කෙටි කලකට ඇයගේ මහ ඇමති පදවියද අහිමි කෙරුණු අතර ඇයට සිරගත වන්නටද සිදු විය. එහෙත් අභියාචනයක් මගින් ඇය නිදොස් කෙරුණේ අධිකරණයේ දූෂිතභාවය  සනාථ කරමිනි.


තමිල්නාඩුවේ ‘අම්මා’ නොහොත් සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායිකා ජයලලිතා ජයරාම් පසුගියදා පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගැනීමට යළි සමත් වූවාය. ශ්‍රී ලංකාවේ මෙන් ඉන්දියාවේ සමානුපාතික  ඡන්ද ක්‍රමයක් නොමැති හෙයින් පාලනය හිමිවනුයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයටය. මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව ජයලලිතාගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය හා ඔවුන් සමඟ එක් වූ කුඩා පක්ෂ ආසන 232ක් සඳහා තරග කළහ. ජයලලිතාගේ පක්ෂය ආසන 131ද සන්ධානගත කුඩා පක්ෂ ආසන 3ක්ද දිනා ගැනීමට සමත් වූ අතර ඇගේ විරුද්ධවාදියා වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය (ඩී.එම්.කේ.) ආසන 89ක් ජයග්‍රහණය කළේය. සන්ධානගත කුඩා පක්ෂවලට ආසන 9 හිමි විය. ඉන්දියානු ජාතික කොන්ග්‍රසයට ආසන 8ක්ද, ඉන්දියානු මුස්ලිම් ලීග සන්ධානයට එක් අසුනක්ද ලැබී තිබිණි.

2011 සංගණනයට අනුව තමිල්නාඩු ජනගහනය මිලියන 72 ඉක්මවීය (72,147,030).  එම සංඛ්‍යාවෙන් මිලියන 58කට ඡන්ද බලය හිමිය. මෙවර මැතිවරණයේදී 74.26%ක් ඡන්දය භාවිත කොට තිබිණි. ආසන 131 දිනා ගත් ජයලලිතා ජයග්‍රහණය කරනු ලැබුවේ සිමිත ආසන ප්‍රමාණයකිනි. යළිත් වරක් තමිල්නාඩුවේ මහ ඇමතිනිය ලෙස ඇය පත් වූ අතර කාන්තාවන් තිදෙනකු ඇතුළු ඇමතිවරු 32කුගෙන් නව මන්ත්‍රි මණඩලය සමන්විතය. කුමන ඇමතිවරයකු කුමන විෂයක් සඳහා පත් වුවද තමිල්නාඩුවේ පාලක දේවතාවිය වන්නේ මහ ඇමතිනිය වන ජයලලිතා ජයරාම්ය. අනුගාමිකයන් විසින් ජයලලිතා හඳුන්වනු ලබන්නේ “අම්මා’ යන ආදරණීය නාමයෙනි. අම්මා යන්නෙහි අරුත් දෙකක් ඇත. එකක් ‘මව’ යන්නයි. අනෙක ‘උත්තරීතර කාන්තාව’ය.  මේ වන විට සමස්ත තමිල්නාඩුවට සිටින්නේ එක අම්මා කෙනෙකි. ඒ ජයලලිතා ජයරාම්ය. තමිල්නාඩු රජයෙන් පාලනය වන මිලෙන් අඩු ආහාර සපයන ආපන ශාලාවල සිට පෞද්ගලික සිනමාශාලා දක්වා වෙළෙඳ නාමය ‘අම්මා’ය. තමිල්නාඩුවේ අඟලක් නෑර ඇත්තේ ‘අම්මා ජයලලිතාගේ’ කාඞ්බෝඞ් පුවරු හා වර්ණ පෝස්ටර්ය.

යළිත් වරක් ජයලලිතා ලද ජයග්‍රහණය බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ මවිතයට පත් කළ කරුණක් විය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ඇය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා බවටය. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය (ඩී. එම්. කේ.) ජයගනු ඇතැයි ඔවුහු සිතූහ. ගෙවුණු වසර 25 මුළුල්ලේ තමිල්නාඩුවේ පැවැති දේශපාලන රටාව වූයේ  පාලක පක්ෂය පරාජයට පත් වීමය. 2011 සිට පාලනය ගෙන යනු ලැබුවේ ජයලලිතා ජයරාම් විසිනි. ඇයගේ පාලනය දෝෂ සහිත වූ අතර  දූෂණ රැසකට මඟ පෑදීය. පසුගිය වසරේ තමිල්නාඩුවට බලපෑ මහ වැසි හේතුවෙන් ඇති වූ ගංවතුර පාලනය සඳහා ඇය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට බඳුන් විය. ජයලලිතා විසින් කරන ලද දූෂණ හේතුවෙන් කෙටි කලකට ඇයගේ මහ ඇමති පදවියද අහිමි කෙරුණු අතර ඇයට සිරගත වන්නටද සිදු විය. එහෙත් අභියාචනයක් මගින් ඇය නිදොස් කෙරුණේ අධිකරණයේ දූෂිතභාවය  සනාථ කරමිනි.


මෙවැනි වාතාවරණයක් තුළ බොහෝ දෙනකු තුළ වූයේ ජයලලිතා මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වනු ඇතැයි යන හැඟීමකි. ඩී.එම්.කේ. පක්ෂය මෙන්ම ජයලලිතා විරෝධි අනෙකුත් පක්ෂ නායකයෝද ජයලලිතා පරාජය වනු ඇතැයි යන සිහිනයේ දැවටී සිටියහ. එහෙත් එය සිහිනයක්ම විය.

ජයලලිතාගේ ජයග්‍රහණය වැදගත් සාධකයක් මතුකරනු ලබන්නකි.  1989 සිට තමිල්නාඩු පාලනය දෝලනය වූයේ ඩී. එම්. කේ. පක්ෂය හා  ඒ. අයි. ඩී. එම්. කේ. පක්ෂය අතරය. 1967ට පෙර කොන්ග්‍රස් පක්ෂ පාලනය පැවැති සමයේ මහ ඇමතිවරයා වූයේ කුමාරස්වාමි කාමරාජ්ය. ඔහු 1945 සිට 1957 දක්වාද, 1957 සිට 1962 දක්වාද, 1962 සිට 1963 දක්වාද මහ ඇමති පදවිය හෙබවිය. 1969දී ඩී. එම්. කේ. නායක මුතුවේල් කරුණානිධි මහ ඇමති පදවියට පත් වූ අතර ඔහුගෙන් පසු 1977දී මහ ඇමති පදවියට පත් වූයේ මරුතූර් ගෝපාල මෙනන් රාමචන්ද්‍රන් නොහොත් කවුරුත් හඳුනන එම්. ජී. ආර්. ය. එම්. ජී. ආර්. 1980 හා 1984 පැවැති මැතිවරණවලින්ද නොකඩවා ජය ලැබීය. ඔහුගෙන් පසු වසර 27ක් මුළුල්ලේ තට්ටු මාරු දේශපාලනයක් පැවැති අතර එය වෙනස් කරමින්  පාලක පක්ෂය යළිත් බලයට පත්ව සිටී. 

මැතිවරණ ප්‍රතිඵලය සඳහා බලපාන ලද සාධකය කුමක් වුවද ජයලලිතා ජයරාම් ජයග්‍රාහිකාව බැව් අවිවාදිතය. ජයග්‍රහනය සමරමින් ඇයගේ අනුගාමිකයෝ සහ පක්ෂ සාමාජිකයෝ උත්සව ගණනාවක් සංවිධානය කළහ. නිළියකව සිට දේශපාලනයට පිවිසි ජයලලිතා වත්මන් තමිල්නාඩුවේ කිරුළු නොපළන් රැජණය.  

මිලියන 70කට අධික ජනගහනයක් සිටින තමිල්නාඩුව ඉන්දියානු ප්‍රාන්ත අතුරින් සාක්ෂරතාවෙන් තුන්වැනි ස්ථානයට පත් ප්‍රාන්තයයි. තමිල්නාඩුව ඉන්දියාවේ ප්‍රථම හේතුවාදී ව්‍යාපාරයේ නිජබිමය. ඊ. වී. රාමස්වාමි නයිකර් (පෙරියර්) විසින් ආරම්භ කෙරුණු එම ව්‍යාපාරය ආත්මාභිමානී ව්‍යාපාරය ලෙසින් හැඳින්විණි. කුල පීඩනයට එරෙහිවද, හින්දි බස ජාතික භාෂාව ලෙස නම් කිරීමට හා ආගමික මිථ්‍යා විශ්වාසයනට එරෙහිවද සාර්ථක දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් ගෙන යාමට ඔහු කටයුතු කළේය. 1943  ස්ථාපනය කළ ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා වූයේද රාමසාමි නයිකර්ය. තමිල්නාඩු පාලක පක්ෂයද, ප්‍රධාන විපක්ෂයද ඔහුගේ ආභාසය ලබා ඇත්තේය.


ඉහත කී හේතුවාදී සහ ආත්මාභිමානී ද්‍රවිඩ උරුමය තමිල්නාඩුවේ දෙමළ නළු නිළියන්හට දේශපාලන ආධිපත්‍යය පැතිරවීමට මග පෑදීය. ඉන්දියානු ප්‍රාන්තයක  ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වූ පළමු නළුවා එම්. ජී. රාමචන්ද්‍රන්ය. 1977දී ඔහු මහ ඇමතිවරයා වශයෙන් පත් විය. 1982දී එන්. ටී. රාම රාඕ අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමතිවරයා විය. රාමචන්ද්‍රන්ගෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිය වූ ජානකී රාමචන්ද්‍රන් ද සිනමා නිළියක වූවාය. ඇයගෙන් පසු එම්. ජී. ආර්. සමඟ චිත්‍රපට 28ක ප්‍රධාන නිළි චරිතය රඟ පෑ ජයලලිතා ජයරාම් තෙවරක් තමිල්නාඩුවේ මහ ඇමතිවරිය ලෙසින් පත් වූවාය. “තම බිරිය හා තමා සමඟ ප්‍රධාන චරිතය රඟ පෑ නිළියද ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වීම සහතික කළ තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යධුරයට පත් වූ එකම න`ඵවා එම්. ජී. ආර්. ය.” යනුවෙන් සරදම් ලෙස ඇතැම් පුද්ගලයෝ ප්‍රකාශ කරති. ජයලලිතා එම්. ජී. ආර්. යුගය තව දුරටත් නියෝජනය කරන්නීය. ජයලලිතා අසීමිත දූෂණවලට හා පුරසාරම් දෙඩීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන්නීය.

තමිල්නාඩු දේශපාලන කරළියට ජයලලිතා ගෙන එනු ලැබුවේ එම්. ජී. රාමචන්ද්‍රන් විසිනි. 60 දසකයේ  මැද භාගයේ සිට 70 දසකයේ මැද භාගය තෙක් දෙමළ සිනමාවේ කිරුළු නොපලන් රැජණ වූයේ ජයලලිතාය. යෞවනයන්ගේ සිහින කුමරිය වූ ඇය ශතසහශ්‍ර සංඛ්‍යාවක් වූ රසික සමූහයකගේ අංක එකේ නිළිය වූවාය. ජයලලිතා විවිධ භාෂාවන්ගෙන් නිපදවුණු චිත්‍රපට 140ක පමණ රඟ පෑ අතර ඉන් 90ක් පමණ දෙමළ චිත්‍රපටය. ඉන් චිත්‍රපට 28ක ප්‍රධාන නළුවා වූයේ එම්. ජී. රාමචන්ද්‍රන්ය. ඔහු ඇයගේ පෞද්ගලික ජිවිතයේ අනියම් සැමියා වූ අතර, දේශපාලන දිවියේ උපදේශකයා විය. දේශපාලනයට පිවිසි ජයලලිතා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ප්‍රචාරක සහ පරිපාලන ලේකම් වූවාය. 1984දී රාජ්‍ය සභා මන්ත්‍රීවරියක වූ ඇය 1989දී තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත් වූවාය.  එම්. ජී. ආර්.ට විශාල මිතුරු සමාජයක් විය.  ජයලලිතාද ‘ජයලලිතා මිතුරු සන්ධානය’ නමින් මිතුරු හවුලක් ආරම්භ කළ අතර ජාතික තලයේ ප්‍රධාන චරිතයක් බවට පත් වෙමින් අසීමිත බලයක් අත්වින්දාය. ඇයගේ හැසිරීම චූල ගණයේ දෙමළ චිත්‍රපටයක් බඳු විය. තමන්ගේ පදයට සියලු දෙනා නටවන්නට ජයලලිතාට හැකි විය.  

එම්. ජී. රාමචන්ද්‍රන් 1987 අභාවප්‍රාප්ත විය. ඔහු නොමැති අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ බෙදීමක් හටගත්තේය.  ඊට පාදක වූයේ  රාමචන්ද්‍රන්ගේ බිරිය ජානකී සහ අනියම් බිරිය ජයලලිතා අතර ඇතිවූ අර්බුදයයි. ඉන් ජයලලිතා ජයගත් අතර පක්ෂය එක්සත් කොට තම නායකත්වය යටතේ 1991 මැතිවරණය ජය ගැනීමට ඇය සමත් වූවාය. මහ ඇමති ධුරයට පත් ජයලලිතා 1991 සිට 1996 දක්වාද 2001 සිට 2006 දක්වාද, 2011 සිට 2016 දක්වාද තමිල්නාඩුවේ මහ ඇමතිවරිය වශයෙන් කටයුතු කළාය. මෙවර ඇය මහ ඇමති ධුරයට පත් වූයේ සිව්වැනි වරටය. කෙසේ වුවද ඇය මෙවර දිවුරුම් දුන්නේ සය වැනි වරටය. ඒ දෙවරක් නීති මගින් ඇයගේ මහ ඇමති ධුරය අහෝසි කොට යළි එම තනතුරට පත් වූ හෙයිනි.  
 
වෛෂ්ණවයිතෙ බ්‍රාහ්මණ අයින්ගාර්
එකල සිටි අනෙකුත් නිළියන් මෙන් නොව ජයලලිතා ඉහළ වංශයකට අයත් වූවාය. ඇය ටි්‍රචි දිස්ත්‍රික්කයේ ශ්‍රී රංගම් ප්‍රදේශයේ වෛෂ්ණවයිතෙ බ්‍රාහ්මණ අයින්ගාර් වංශයෙන් පැවත එන්නියක වූවාය. ඇගේ පිය පාර්ශ්වයේ සහ මවු පාර්ශ්වයේ මුත්තණුවෝ එකල මයිසෝරය නමින් හැදින්වුණු කර්ණාටක ප්‍රාන්තයට පිටින් පැමිණ පදිංචි වූවෝ වූහ. ජයලලිතා උපත ලද්දේ කර්ණාටකයේ මන්ද්‍යා දිස්ත්‍රික්කයේ පණ්ඩුවාපුර කොට්ඨාසයේ මෙලුකොටේහිදීය. එහෙයින් බොහෝ දෙනකු සිතුවේ ඇය කන්නඩ කාන්තාවක ලෙසටය. 

1970 වසරේ බැංගලෝරයේ පැවැති ප්‍රදර්ශනයකට තම නර්තන කණ්ඩායම සමඟ රංගනයක යෙදීමට ජයලලිතා එකඟව සිටියාය. චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් අවසන් මොහොතේ එයට සහභාගී වීම අත්හැර දමන්නට ඇයට සිදු විය. මින් කෝපයට පත් කන්නඩ චලුවාලි වටාල් පක්ෂයේ නායක වටාල් නාගරාජ් ඇගේ ක්‍රියාව හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහු ප්‍රකාශ කළේ කන්නඩ කාන්තාවක වන ජයලලිතා කළ ක්‍රියාව නොහොබිනා බවකි. මහරාශ්ට්‍රයේ සිව්සේනා සංවිධානයේ බල් තකරේ මෙන් වටාල් නාගරාජ්ද රෞද්‍ර පුද්ගලයෙක් විය. ජයලලිතා ඔහුගේ ප්‍රකාශයට නුවණැති පිළිතුරක් ලබා දුන්නාය. ඇය කියා සිටියේ කර්ණාටකයේ උපත ලැබුවද තමා දෙමළ කාන්තාවක විනා කන්නඩ කාන්තාවක නොවන බවකි. ඉන් කෝපයට පත් නාගරාජ් කර්ණාටකයේ යළි පස් නොපාගන ලෙසට ජයලලිතාට තර්ජනය කළේය. එහෙත් ‘අවශ්‍ය මොහොතක යළි කර්ණාටකයේ පය තබන්නෙමැ’යි පිළිතුරු ලෙසින් ජයලලිතා ඔහුට ලියා යැව්වාය.

සති කිහිපයකට පසු ‘ගංගා ගෞරි’ චිත්‍රපටයේ රූගත කිරීමක් සදහා ජයලලිතා බැංගලෝරයේ ප්‍රිමියර් චිත්‍රගාරයට ගියාය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සුප්‍රකට කන්නඩ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ බී. ආර්, පන්තුලුය. ජයලලිතා ප්‍රධාන චරිතය රඟ පෑ ප්‍රථම චිත්‍රපටය එය විය. රූගත කිරීමක් සඳහා ජයලලිතා එහි පැමිණ ඇතැයි දැනගත් නාගරාජ් චිත්‍රගාරය වෙත මැර පිරිස් එවීය. ජයලලිතා වටකරගත් මැරයෝ  තමා දෙමළ කාන්තාවක බවට කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසටත් එම ප්‍රකාශයෙන් කර්ණාටක ප්‍රාන්ත ජනතාවට සිදු වූ සිත් තැවුලට සමාව ඉල්ලා සිටිය යුතු බවටත් බල කර සිටියහ.

ජයලලිතා එකී ඉල්ලීම් ප්‍රතික්ෂේප කළාය. තමා කන්නඩ කාන්තාවක නොව දෙමළ කාන්තාවක බැව් ඇය යළි ඔවුනට කියා සිටියාය. මැර ප්‍රහාරයෙන් ජයලලිතා ගලවා ගැනීමට චිත්‍රගාර සේවකයන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. අවසානයේ පොලිසිය විසින් මැර පිරිස විසුරුවා හැරිණි. ජයලලිතා අවසානය තෙක් මැරයන්ගේ බසට නොනැමී, නොබියව සිටියාය. දේශපාලනයට නොඑන්නෙමැයි සපථ කොට සිටි ජයලලිතා දේශපාලනයට එක්වීමට හේතුකාරක වූ ප්‍රධානම සිදුවීම වූයේ එයයි. අවදානම් අවස්ථාවක වුව තම දෙමළ භාවය උදෙසා පෙනී සිටින්නට ජයලලිතා නිර්භය වූවාය. එය දේශපාලනික වාසියක් තකා නොව නිර්ව්‍යාජවම තම දෙමළ භාවය ප්‍රකාශ කිරීමක් විය. පසු කාලයේ වුව ඇයගේ දේශපාලන විරුද්ධවාදීහු ජයලලිතා කන්නඩ කාන්තාවක බවට හුවා දක්වමින් ඡන්ද පදනමට බලපෑම් කිරීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. 

ජයලලිතාගේ මවු පාර්ශ්වයේ සීයාගේ මුල් නිවෙස තමිල්නාඩුවේ ටි්‍රචි දිස්ත්‍රික්කයේ ශ්‍රී රංගම් ප්‍රදේශයේ, නැඟෙනහිර චිතිරායි මාවතේ, අංක 61 දරන ස්ථානයේ පිහිටා තිබිණි. හින්දුස්ථානී ගගනගාමි ආයතනයේ රැකියාවක් ලද හෙයින් ඔහුට ආන්ද්‍ර ප්‍රදේශ්හි නෙල්ලෝරේ ප්‍රදේශයේ පදිංචියට යෑමට සිදු විය. ඔහුට දියණියන් තිදෙනකු හා එක් පුත්‍රයෙක් සිටියේය. ඔහුගේ දෙවැනි දියණිය වූයේ වේදාවල්ලිය. පසුකලෙක සන්ධ්‍යා නමින් ඇය දෙමළ සිනමාවට පිවිසි ඇය ජයලලිතාගේ මව වූවාය.
 
මයිසෝරයේ මහරාජා
 ජයලලිතාගේ පිය පාර්ශ්වයේ සීයා වෛද්‍ය නරසිම්හන් රංගචාරිය. 1894 සිට 1940 තෙක් මයිසෝරයේ මහරාජා වූ සිව් වැනි ක්‍රිෂ්ණරාජා වොඩෙයාර්ගේ වෛද්‍යවරයා වශයෙන් සේවය කරනු සඳහා ඔහු  මයිසෝරයට පැමිණියේය. බි්‍රතාන්‍ය පාලන සමයේ කර්ණාටක ප්‍රාන්තයෙන් වැඩි කොටසක පාලනය පැවතියේ වොඩෙයාර් පෙළපතටය. රංගචාරිගේ පුත්‍රයා ජයරාම් විය. ජයරාම්ගේ දෙවැනි භාර්යාව වූයේ වේදාවල්ලිය. ඔහුගේ පළමු බිරිය වු ජයම්මා කන්නඩ කාන්තාවක වූවාය. ඔහු බිරියන් දෙදෙනා සමඟ සහගාමි දිවියක් ගෙවිය.

ජයරාම්ට දාව වේදාවල්ලි දරුවන් දෙදෙනකු වැදුවාය. පුත්‍රයා ජයකුමාර් වූ අතර දියණිය ජයලලිතාය. උපතේදී ජයලලිතාට නම් තැබුණේ ඇයගේ මිත්තණියගේ නම වූ කෝමල්වල්ලි ලෙසිනි. ජයලලිතා යන්න ඇගේ නමට එක් වූයේ පසු කාලයේය. මයිසෝරයේ ජයලලිතාට නිවාස දෙකක් තිබිණි. ඉන් එකක් ‘ජය විලාස්’ වූ අතර අනෙක ‘ලලිතා විලාස්’ විය. ජයලලිතා යන්න ඇය භාවිතයට ගනු ලැබුවේ මෙම නිවෙස් දෙකෙහි නම් එක් කිරීමෙනි. ඇගේ සුරතල් නාමය වූයේ ‘අම්මු’ය. වර්තමානයේ ඇය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ‘අම්මා’ නමිනි.

1948 පෙබරවාරි 24 දින ධනවත් පවුලක උපත ලද ජයලලිතා ඉතා සුඛෝපභෝගී දිවියකට උරුමකම් කීවාය. තම පිය පාර්ශ්වයේ සීයා මහරාජාගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ හෙයින් ඔහුට ධනයෙන් හිඟයක් නොවීය. එහෙත් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඔහුගේ ලේළියට හා මිනිබිරියට සිනමා නිළියන් වීමට සිදුවූයේ දෛවයේ සරදමක් ලෙසිනි. ඊට බලපෑ සිදුවීම අපූරුය. රංගචාරි මිය ගියේ ජයලලිතා උපදින්නට පෙරය.  ඔහුගේ මරණයෙන් කලකට පසු ඔවුන්ගේ ආර්ථිකය ක්‍රමයෙන් බිඳ වැටෙන්නට විය. කලා උපාධිධරයකු වුවද ජයරාම් කිසි දිනෙක රැකියාවක නිරත නොවීය. පියා සතු ධනය අත දිගහැර වියදම් කළ ඔහු මත්පැනට, සූදුවට හා කාන්තා ඇසුරට යොමු විය. ජයලලිතාට අවුරුදු 3 පිරෙද්දී ජයරාම් මිය ගියේය. ඔහු සතු සියලු ධනය හිමි වූයේ පළමු බිරිය වූ ජයම්මාටය. 

සැමියාගේ බූදලයෙන් කිසිවක් නොලද වේදාවල්ලි අසරණ වූවාය. ඇය දරුවන්ද රැගෙන බැංගලෝරයේ සිය පියාගේ නිවෙස කරා යන්නට සිතුවේ ජීවත් වන්නට මඟක් නොතිබූ හෙයිනි. ගමට ගොස් යතුරු ලියනය හදාරා ලිපිකරු රැකියාවක් සොයා ගත් ඇය ඉන් ලද වැටුපෙන් පවුලේ වියදම් පියවා ගත්තාය. වේදාවල්ලිගේ බාල සොහොයුරිය වූ අම්බුජාවල්ලි ගුවන් සේවිකාවක වූවාය. එවක මදුරාසිය ලෙසින් හැඳින්වුණු චෙන්නායිහි වාසය කළ ඇය විද්‍යාවතී නමින් නාට්‍ය සහ සිනමා රංගනයට දායක වූවාය. කෙටි කලකට පසු වේදාවල්ලි සිය සොහොයුරිය සමඟ ජීවත් වීම සඳහා මදුරාසියට පැමිණියාය. වාණිජ ආයතනයක රැකියාවක් සොයාගත් ඇය රඟපෑමටද යොමු වූවාය.

රැකියාවෙන් ඉවත් වූ වේදාවල්ලි සන්ධ්‍යා නමින් පූර්ණ කාලිනව රඟපෑමට එක් වූවාය. කිසි දිනෙක තරුවක් වන්නට ඇයට නොහැකි වුවද චිත්‍රපට රැසක චරිත නිරූපණයට ඇයට අවස්ථාව ලැබිණි. බොහෝ විට සහය චරිත රඟ පෑ ඇය ප්‍රධාන චරිතයක් රඟ පෑවේ ‘මින්නල් වීරන්’හිය. මෙසමයේ ජයලලිතා තම සීයා හා අවිවාහක පුංචි අම්මා වූ පද්මවල්ලි සමඟ බැංගලෝරයේ ජීවත් වූවාය. ළමා වියේ ඇය අධ්‍යපනය ලැබුවේ බිෂොප් කොට්න් කාන්තා පාසලෙනි. පාසල් නිවාඩු සමයේ ඇය තම මව සමඟ ගත කළාය. එවැනි අවස්ථාවල  වේදාවල්ලි තම දියණිය කැටුව චිත්‍රාගාරයට යෑමට පුරුදුව සිටියාය. ‘ශ්‍රී ෂයිලා මහත්මියා’ චිත්‍රපයට රූ ගත කිරීම් නරඹන්නට දිනක් ජයලලිතා චිත්‍රාගාරයට ගියාය. එහි පාර්වතී දේවියගේ චරිතය රඟ පෑ ළමා නිළිය එදින පැමිණ නොසිටි හෙයින් අධ්‍යක්ෂවරයා ගැටලුවකට මුහුණ පෑවේය. කුඩා ජයලලිතා දුටු ඔහු එම චරිතය සඳහා ඇය යොදා ගැනීමට තීරණය කළේය.  එය ඇයගේ ප්‍රථම සිනමා රංගනය විය.

1958දී පද්මවල්ලි විවාහ වී තම පියාගේ නිවෙසින් නික්ම ගිය හෙයින් වේදාවල්ලි නොහොත් සන්ධ්‍යා තම දරුවන් මදුරාසියට කැඳවාගෙන ආවාය.  දස හැවිරිදි ජයලලිතා අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී හෘදය කන්‍යාරාමයට ඇතුළත් කරනු ලැබිණි. ඉගැනුමෙහි දක්ෂ දැරියක වූ ඇය සෑම වරකම පන්තියේ පළමුවැනියා වූවාය. ඇයගේ ඉංග්‍රීසි දැනුම විශිෂ්ට විය. ජයලලිතාගේ මුත්තණුවකු කරුර් ප්‍රදේශයේ සුප්‍රකට නීතිවේදියකුව සිටි හෙයින් වේදාවල්ලිට අවශ්‍ය වූයේ තම දියණියද සාර්ථක නීතිවේදියකු වනු දැකීමටය.
 
ජයලලිතා නම් බොල් පිළිමය  පාසල් අධ්‍යාපනයට අමතරව තම දියණියට සංගීතය, නැටුම් හා ගායනය ඉගැන්වීමට වේදාවල්ලි පියවර ගත්තාය. ජයලලිතා බටහිර ශාස්ත්‍රීය සංගීතය හා පියානෝ වාදනය පාසලින් උගත් අතර ගෝපාලක්‍රිෂ්ණා ෂර්මාගෙන් කර්ණාටක සංගීතය හැදෑරුවාය. ඇය භරත නාට්‍ය උගත්තේ කේ. ජේ. සරසා ගුරුන්ගෙනි. කතක් හා මෝහිනී ආත්තම්ද ඇය උගත්තාය. ජයලලිතාගේ භරත නාට්‍ය කලඑළි බැසීමේ (අරන්ගේත්‍රම්) උත්සවය 1960 මැයි මස පැවැත්වෙන විට ඇය 12 හැවිරිදි දැරියකි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සිවාජි ගනේෂන්ය. ජයලලිතාගේ හැකියාව හා රූ සිරිය වර්ණනා කළ ඔහු ඇය හැඳින්වූයේ ‘තංගචිලෙයි’ නොහොත් ස්වර්ණමය පිළිමයක් ලෙසිනි.

අනාගතයේ ජයලලිතා අති දක්ෂ සිනමා නිළියක වන බවට අනාවැකි පළ කළ සිවාජි සිනමාවට සම්බන්ධ වන මෙන් ඇයගෙන් ඉල්ලා සිටියේය. එහෙත් වේදාවල්ලිගේ සහ ජයලලිතාගේ අරමුණ වූයේ නීති වෘත්තියට පිවිසීමය. පස් වසරක් ගෙවීයද්දී සිවාජි ගනේෂන්ගේ අනාවැකිය පල දැරීය. දසකයක්  ඉක්මවන්නට පෙර ඇය සිවාජි ගනේෂන් සමඟ ප්‍රධාන චරිතයක්ද රඟපෑවාය. 

ජයලලිතාගේ මවද ඇයගේ සොහොයුරිය වූ විද්‍යවතීද රඟ පෑ බොහෝ නාට්‍යවල නිෂ්පාදකයා වූයේ වයි. ජී. පරතසාරතීය. ඔහුගේ නාට්‍ය කණ්ඩායම ‘එක්සත් ආධුනික කලාශිල්පියෝ’ නම් විය. එමඟින් දෙමළ සහ ඉංග්‍රීසි නාට්‍ය රැසක් නිෂ්පාදනය කෙරිණි. පාසල් දැරියක වූ ජයලලිතා ඇයගේ මව හා පුංචි අම්මා සමඟ පර්තසාරතී නිෂ්පාදනය කළ නාට්‍යවල රඟපෑමට එක් වූවාය. මාලතී, ද හෝල් ටෲත්, ටී හවුස් ඔෆ් දි ඕගස්ට් මූන්, සහ අන්ඩර් සෙකටි්‍ර ඇය රඟ පෑ නාට්‍ය කිහිපයකි.

හිටපු ඉන්දීය ජනාධිපති වී. වී. ගිරි මහතාගේ පුත්‍රයා වූ ෂන්කර් ගිරි මෙම නාට්‍ය නරඹා ජයලලිතාගේ රංගන කුසලතාවෙන් මහත් ප්‍රසාදයට පත් විය. වේදාවල්ලි හමු වූ ඔහු තමා නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන ‘දි එපිස්ටල්’ (සන්දේශය) නම් චිත්‍රපටයේ චරිතයක් සඳහා  ජයලලිතා යොදා ගැනීමට අපේක්ෂා කරන බැව් කියා සිටියේය. එයට එකඟ වූ වේදාවල්ලි සති අන්තවල හා පාසල් නිවාඩු සමයේ රූ ගත කිරීම් කරන්නේ නම් පමණක් ඒ සඳහා ඇය සහභාගී වනවාට තමාගේ අකමැත්තක් නොමැති යැයි පැවසුවාය. එම චිත්‍රපටය රූ ගත කිරීම සඳහා බොහෝ කල් ගත වූ අතර එය ප්‍රදර්ශනය කෙරෙන විට ජයලලිතා තරුවක් බවට පත්ව සිටියාය. චිත්‍රපටය අසාර්ථක විය. මේ අතරතුර ජයලලිතා  තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කළ අතර එස්එස්එල්සී මැටි්‍රකියුලේෂන් විභාගයෙන් ඉතා විශිෂ්ට ලෙසින්, එනම් සමස්ත ප්‍රාන්තයේම දෙවැනියා ලෙස සමත් වූවාය.  විශිෂ්ට ලෙසින් සමත්වීම නිසා උසස් අධ්‍යාපන ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් හිමි කර ගැනීමට ඇයට හැකි විය.

කන්නඩ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ බී. ආර්, පන්තුලු නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘කර්ණන්’ නම් චිත්‍රපටයේ රඟපෑමට වේදාවල්ලිට අවස්ථාව උදා විය. එම චිත්‍රපටය සාර්ථක වූ අතර දින සියය ඉක්මවා ප්‍රදර්ශනය කෙරිණි. ඒ වෙනුවෙන් වුඞ්ලන්ඞ් හෝටලයේ පැවැති උත්සවයට තම මව සමඟ ජයලලිතාද සහභාගී වූවාය. ඇගේ රූ සොබාව දුටු පන්තුලු තම නවතම කන්නඩ චිත්‍රපටය වූ ‘චින්නඩා ගොම්බෙ’ සඳහා තෝරා ගති. එහෙත් වේදාවල්ලි එයට විරෝධය පාමින් කියා සිටියේ දෙමසකින් ඇයගේ උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවසර දිය නොහැකි බවයි. දෙමසක් ගත වීමට පෙර චිත්‍රපටය අවසන් කරන බවට පන්තුලු පොරොන්දු විය. ඔහු පැවසූ පරිදි සති හයක් තුළ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් විය. චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහු ජයලලිතාට ඉන්දියානු රුපියල් 3,000ක් ගෙවීය. 

ජයලලිතා චිත්‍රපට ලෝකය අමතක කොට දමා තම විභාගය වෙනුවෙන් වෙහෙසුණාය. එවක සිටි විශිෂ්ට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකු වූ සී. වී. ශ්‍රීධර්හට ‘චින්නඩා ගොම්බෙ’ චිත්‍රපටයේ පූර්ව පටයක් දැක ගැනීමට ලැබිණි. නවකයන් යොදා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහු සැලසුම් කරමින් සිටියේය. පූර්ව පටය දුටු ඔහු තම චිත්‍රපටය සඳහා ජයලලිතා යොදා ගැනීමට තීරණය කළේය. වේදාවල්ලි සහ ජයලලිතා හමු වූ ශ්‍රීධර් තම අදහස පැවසූ විට විශිෂ්ට ඉන්දීය සිනමාකරුවකුගේ නිර්මාණයකට තම දියණිය දායක වනු දැකීම පිළිබඳව වේදාවල්ලි මහත් සතුටට පත් වූවාය. එහෙත් ජයලලිතා චිත්‍රපට රංගනයට දායක වීම ප්‍රතික්ෂේප කළාය. ඇයට අවශ්‍ය වූයේ තම අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යෑමය. මව සහ දියණිය අතර උණුසුම් වදන් හුවමාරුවක් ඇති විය. තම පවුල වැටී ඇති ආර්ථික අගාධය පිළිබඳව වේදාවල්ලි දියණියට අවධාරණය කළාය.

රංගන අවස්ථා හිඟ වීමත්, ගතකළ සුඛෝපභෝගී ජිවන රටාවත් හේතුවෙන් විශාල ණය බරකින් ඔවුහු මිරීකි සිටියහ. ශ්‍රීධර්ගේ ආරාධනය පිළිගතහොත් ඇයට පැහැදිලි අනාගතයක් ඇති බැව් වේදාවල්ලි දැන සිටියාය. එහෙයින් නිවැරැදි තීරණයකට එළඹෙන ලෙස ඇය ජයලලිතාගෙන් ඉල්ලා සිටියාය. අවසානයේ ජයලලිතා තීරණයක් ගත්තාය. ඒ සිනමා ලොවට එක්වීමටය.

ජයලලිතා රඟ පෑ ප්‍රථම දෙමළ චිත්‍රපටය වූ ‘වෙන්නිරා ආදායි’ තිරගත වීමට පෙරම ආන්දෝලනයට ලක් විය. එයට ලැබුණේ ඒ සහතිකයකි. එනම් වැඩිහිටියන්ට පමණක් සීමා කෙරුණකි. ඉන් ඉහත වැඩිහිටියන්ට පමණක් සීමා වූ දෙමළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණේ 1951 වසරේය. එය ‘මර්ම යෝගි’ය. ‘වෙන්නිරා අදායි’ චිත්‍රපටයේ ජයලලිතාගේ නාන දර්ශන හා නැටුම් දර්ශන කීපයක් සම්බන්ධයෙන් රැඟුම්පාලක මණ්ඩලයට ගැටලු පැන නැඟී තිබිණි. චිත්‍රපටය දින සියය ඉක්මවා ප්‍රදර්ශනය වූයේය. ජයලලිතාගේ රංගනය පිළිබඳ විවිධ විචාර පළ විය. ජයලලිතා එක් රැයකින් ජනප්‍රිය තරුවක් බවට පත් වූවාය. සුප්‍රකට ලක්ස් වෙළෙඳ දැන්වීම් සඳහා ඇයට ආරාධනා ලැබිණි.
  පුරාවෘත්තයක් වූ එම්. ජී. රාමචන්ද්‍රන්
ජයලලිතාට චිත්‍රපට ගලා එන්නට විය. ඇගේ ජීවිතයේ දැවැන්තම වෙනසකට මඟ පෑදුණේ බී. ආර්. පන්තුලු නිර්මාණය කළ වර්ණ දෙමළ චිත්‍රපටයට සම්බන්ධ වීමත් සමඟිනි. එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ එම්. ජී. රාමචන්ද්‍රන්ය. පන්තුලු රාමචන්ද්‍රන් තම චිත්‍රපටයකට සම්බන්ධ කරගත් පළමු අවස්ථාව එය විය. ප්‍රධාන චරිතය සඳහා නවක නිළියක යොදා ගත යුතු යැයි එම්. ජී. ආර්. පන්තුලුට කියා තිබිණි. පන්තුලු එම චරිතය සඳහා ජයලලිතා යෝජනා කළේය. එම්. ජී. ආර්. සහ ඔහුගේ බිරිය වූ ජානකී, ජයලලිතා රඟ පෑ කන්නඩ සහ දෙමළ චිත්‍රපට නැරඹූ අතර එම්. ජී. ආර්. සමඟ ප්‍රධාන චරිතය රඟපෑමට ජයලලිතා සුදුසුයැයි  නිර්දේශ කරනු ලැබුවේ ජානකී විසිනි. ජයලලිතාගේ දෙවැනි දෙමළ චිත්‍රපටය වූ එය ‘අයිරතිල් ඔරුවනොර්’ (දහකින් එකෙක්) නම් විය. චිත්‍රපටය අති සාර්ථක විය. එහි රඟන විට එම්. ජී. රාමචන්ද්‍රන් 48 වැනි වියේ පසු වූ අතර ජයලලිතා 17 හැවිරිදි විය. දෙදෙනා අතර 31 වසරක වයස් පරතරයක් තිබුණද රිදී තිරයේ ඔවුහූ අපූරු පෙම් යුවළක් වූහ. වසර නවයක් තුළ ඔවුන් දෙදෙනා චිත්‍රපට 28ක පෙම්වතුන් ලෙස රඟපෑහ. දෙදෙනා රඟපෑ සියලු චිත්‍රපට පාහේ අති සාර්ථක වූ අතර වැඩිම ජනප්‍රසාදයක් දිනා ගත් චිත්‍රපටය වූයේ ‘අඩිමෙයි පෙන්’ (වහල් කෙල්ල) ය. 1969 තිරගත වූ එම චිත්‍රපටයේ ජයලලිතා ද්විත්ව චරිත නිරූපණයක යෙදුණු අතර නිෂ්පාදකයා එම්. ජී. රාමචන්ද්‍රන්ය. ජයලලිතා තම හඬින් ගැයූ පළමු ගීතය අන්තර්ගත වූයේ එම චිත්‍රපටයේය. ඇය අපූරුවට එය ගයනා කළාය. ‘අම්මා එන්ඞ්රාල් අන්බු’ නම් එම ගීතයට සංගීතය සපයන ලද්දේ කේ. වී. මහදේවන් විසිනි. ගීතය අතිශයින් ජනප්‍රිය විය. ඉන් අනතුරුව තවත් චිිත්‍රපට කිහිපයකම ජයලලිතා ගීත ගායනා කළාය. ජයලලිතාගේ පළමු ගීතය ආරම්භ වූයේ ‘අම්මා’ යනුවෙනි. වර්තමානයේ මිලියන ගණනක් වූ ජනතාව ඇය අමතනු ලබන්නේ ‘අම්මා’ ලෙසිනි.

භානුමතී, පද්මිණී, සරෝජා දේවි, මන්ජුලා, කේ. ආර්. විජයා, ලතා වැනි නිළියන් රැසක් සමඟ එම්. ජී. ආර්. ප්‍රධාන චරිත රඟපෑවේය. එහෙත් ඔහු සමඟ රඟපෑ නිළියන් අතුරින් රසික හදවත් වැඩියෙන්ම දිනා ගත්තේ ජයලලිතාය. රසිකයෝ එම්. ජී. ආර්.ගේ බිරිය වූ ජානකී අමතන ලද්දේ ‘අන්නි’ (වැඩිමහල් සොහොයුරාගේ බිරිය) නමිනි. ඔවුහූ ජයලලිතා ඇමතුවේ සින්න අන්නි (පුංචි බිරිය) ලෙසිනි. එම්. ජී. ආර්. ජයලලිතාට මෝහනය වී සිටියේය. ඔවුන් දෙදෙන නිත්‍යානුකූලව විවාහ වී නොසිටියද ඇය ඔහුගේ ආදරවන්තිය ලෙසින් සැලකිනි. කලක් ඔවුන් භේද වී සිටියහ. ක්‍රමයෙන් ජයලලිතා සිනමා ලෝකයෙන් බැහැර වෙමින් සිටි අතර එම්. ජී. රාමචන්ද්‍රන් තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා තමිල්නාඩුවේ මහ ඇමතිවරයා වූයේය. කලක් විරසකව සිටි දෙදෙනා යළි එක් වූහ. එම්. ජී. ආර්. ජයලලිතා දේශපාලනයට යොමු කළ අතර ඇය සාර්ථක ගමනක් ආරම්භ කළාය.

ජයලලිතාට වැඳුම් පිදුම් කරනුයේ ජීවමාන දේවතාවියක සේ සලකමිනි. කලකට ඉහත නිපදවූ ‘තනිපිරවි’ චිත්‍රපටයේ එම්. ජී. ආර්. මුරුගා දෙවියන් ලෙස චරිත නිරූපණය කළ අතර වල්ලිගේ චරිතය රඟපෑවේ ජයලලිතාය. ඇය  චිත්‍රපට ගණනාවක දේවතා චරිත රඟපෑවාය. එහෙයින් ඇයගේ රසිකයෝ සහ පාක්ෂිකයෝ ඇයට දේවත්වයෙන් සැලකීමට පුරුදු වූහ.


එම්. ජී. ආර්. සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය ජයලලිතා තෙළිගු නළු ෂෝබන් බාබු සමඟද ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගත්තාය. විවාහකයකු වූ ඔහු තම බිරියගෙන් දික්කසාද වී ජයලලිතා විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කළේය. එම සම්බන්ධය පිළිබඳව ඕපාදූප සඟරාවක් මගින් එළිදරව් කෙරුණු අතර එහි ප්‍රකාශකයනට ලිපියක් ලියූ ජයලලිතා තමන් අතර ප්‍රේම සබඳතාවක් ඇති බවත්, ෂෝබන් තම බිරියගෙන් දික්කසාද වුවහොත් තමා ඔහු හා විවාහ වන බවත් ඇය කියා සිටියාය. එහෙත් එය කිසිදා සිදු නොවූ අතර ජයලලිතා අදටද අවිවාහක කාන්තාවකි.

1964 සිට 1978 දක්වා ජයලලිතා  දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම්, හින්දි සහ ඉංග්‍රීසි බසින් නිපදවන ලද චිත්‍රපට 142ක රඟපෑවාය. මෙයින් චිත්‍රපට 77ක් දින සියය ඉක්මවා ප්‍රදර්ශනය කෙරිණි. 18ක් සති 25 ඉක්මවීය. 1992 ජයලලිතා මහඇමතිනිය වීමෙන් පසු ‘නීන්ග නල්ල ඉරුක්කානම්’ චිත්‍රපටයේ රඟපෑවාය.
Movie:- Izzat (1968) Full Movie
Starcast:- Dharmendra, Tanuja, Mehmood, Jayalalitha
Directed by:- T. Prakash Rao
ජයලලිතා වසර 25කට අධික කාලයක් අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකාව වශයෙන් කටයුතු කරන්නීය. මාන්නක්කාර ජයලලිතා බලයෙන් හිස උදුම්මාගත් අවස්ථා රැසක් දක්නට ලැබෙයි. පක්ෂ සාකච්ඡාවලදී ඇය අසුන් ගෙන සිටියද අනෙක් සියල්ලෝ සිටගෙන සිටිය යුතුය. මාධ්‍ය සාකච්ඡාවලදී ඇය සෝපාවක අසුන් ගනිද්දී අනෙකුත් ඇමතිවරු ඇයගේ අසුන පිටුපස සිටගෙන සිටිය යුතුය. අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ නැත. පක්ෂයේ  උසස්වීම්, පත්වීම්, ඉවත් කිරීම්, මාරු කිරීම් සියල්ල සිදු කෙරෙනුයේ ඇයගේ අභිමතාර්ථය අනුවය. පක්ෂය යනු ඇයගේ මතයයි. කිසිවකු ඇගේ මතයට පිටින් කිසිවක් නොකරයි. ඇය විවේචන පිළිගැනීමට සූදානම් නැත. මාධ්‍ය එතරම් ගණන් ගන්නේද නැත. විසම්මුතිය නොඉවසන්නියකි.  තමිල්නාඩු දේශපාලනය හමුවේ ජයලලිතා නොසැලී සිටින්නියකි. ජනප්‍රියත්වය අතින් ජයලලිතාට සමකළ හැකි අයකු තමිල්නාඩුවේ නොමැත. ‘අම්මා’ යනු තමිල්නාඩු දේශපාලනයේ එකම චන්ද්‍රයාය.


ඩී. බී. එස්. ජෙයරාජ්


ප්‍රියන්ජන් සුරේෂ් සිල්වාගේ පරිවර්තනයකී

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.