මේ වන විටත් වරාය අධිකාරිය සතු කොළඹ වරායේ ජයබහලූ පර්ජයන්තය හා නැගෙනහිර පර්යන්තය විකිණීමට සූදනම් කර ඇතැයිද පෙන්වා දුන් ඔවුන් ඞී.ආර්. විජයවර්ධන මාවතේ ඇති බිම් කොටස් හා බේරේ අංගනයේ බිම් කොටස් විකිණීමටද සැරසී සිටින බවද කිහ.
ඊට අමතරව චීනයට හම්බන්තොට වරායද, ඉන්දියාවට ත්රිකුණාමලයේ වරාය කොටස්ද, ගාලූ වරායේ කොටස්ද විකිණීමට සූදානම් කර ඇතැයිද සේවක සංගමය කියා සිටියහ.
මේ සියළු ක්රියාමාර්ග අහෝසි කරන තෙක් සියළු සේවකයින් සමඟ පාරට බැස ක්රියාමාර්ග ගැනීමට සූදානම් යයිද ඔවුන් වැඩිදුරටත් පැවසූහ.