ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 12, 2016

එන එන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පන්නන ආණ්‌ඩුවේ අපූරු වනජීවී සංරක්‌ෂණය...!!!

මාස හයට අධ්‍යක්‍ෂවරුන් තුන් දෙනෙක්‌ ගෙදර යවයි...

හම්බන්තොට නිධන් හොරා විරුදාවලිය ලබා සිටින සජිත් ප්‍රේමදාස  නම් කාළකණ්නියා මෙම ක්‍රියාවලියේ ප්‍රථමයා බවට අපට හෙළිවී ඇත.
වනජීවි සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය  හදිසියේ ඉල්ලා අස්‌වීම නිසා එම දෙපාර්තමේන්තු පරිපාලනය යළිත් අවුල්සහගත තත්ත්වයට පත්ව තිබේ. මන්ද මාස හයක්‌ තුළ එම දෙපාර්තමේන්තුවේ තුන්වැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉවත්වීමද මෙසේ සිදුවන නිසාය. පිළිවෙළින් හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක  2015 දෙසැම්බර් මාසයේදී එම තනතුරෙන් ඉවත් කරන්නට රජය කටයුතු කරන ලද අතර ඒ සඳහා දෙපාර්තමේන්තු අභ්‍යන්තර පිරිසකගේ උදව් උපකාර ලැබිණි. ඉන්පසු පත්වූ චන්ද්‍රසිරි බණ්‌ඩාර  ඉතා හොඳින් එම තනතුරේ කටයුතු කළ නිලධාරියකු වන අතර පසුගිය මාර්තු මාසයේදී ඔහුද ඉන් ඉවත්කර ආචාර්ය සුමිත් පිලපිටිය  වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය සඳහා පත්කෙරිණි.
ආචාර්ය පිලපිටියද කාර්යශූර, වනජීවී සංරක්‌ෂණය උදෙසා මහත් කැපවීමකින් කටයුතු කළ අයෙකි. ඔහු එම තනතුරේ වැඩ භාරගන්නා ලද්දේ කිසිදු දේශපාලන ඇඟිලිගැසීමකට යට නොවී, එම තනතුරේ රාජකාරී කරන පොරොන්දුවකින් සහ අපේක්‌ෂාවකින්ය. එනමුත් එම ස්‌වාධීනත්වය වනජීවී සංරක්‌ෂණ මුල්පුටුවේ සිට කළ නොහැකි වාතාවරණය හමුවේ මෙසේ ඒ සුමිත් පිලපිටිය තම ඉල්ලා අස්‌වීම වනජීවි අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. එම තීරණයත් සමඟ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයන් මහත් කැළඹීමකට පත්ව සිටින අතර, වහා ක්‍රියාත්මක වූ සමස්‌ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක්‌ ද කැඳවා බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්‌ දක්‌වා ඉල්ලා සිටියේ තම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්‌වීම බලධාරීන් භාර නොගත යුතු බව හා වනජීවී පරිපාලනය සඳහා දේශපාලන ඇඟිලිගැසීම් සිදු නොකරන ලෙසය.

සැබැවින්ම වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තු පරිපාලනය අවුල්සහගත තත්ත්වයක පවතී. වත්මන් රජය පැමිණි පසු අධ්‍යක්‍ෂ ජනරාල්වරු මාස හයක්‌ තුළ තිදෙනකු අස්‌වීමෙන් (හෝ අස්‌කිරීමෙන්) එය මනාව පැහැදිලි වේ. වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව රටේ වැදගත් දෙපාර්තමේන්තුවකි. රටේ වැඩි දෙනකු ප්‍රියකරන වැඩිදෙනකු දන්නා වැඩි දෙනකු හා සමඟ සබඳතා ඇති දෙපාර්තමේන්තුවකි. එසේම වසර හැටපහක්‌ තරම් පැරණි රාජ්‍ය ආයතනයකි. රටේ වනජීවී සංරක්‌ෂණය තනිකරම කරට ගෙන කටයුතු කරන ආයතනය ද වේ. එනම් ශ්‍රී ලංකාවේ භූමි තලයෙන් 13% ක පරිපාලනය සිදුකරන්නේ මෙම දෙපාර්තමේන්තුවයි. එවන් දෙපාර්තමේන්තුවක පරිපාලන ප්‍රධානියා යනු කොන්ද පණ නැති නායකයකු වන්නේ නම් එය රටේ "පැත්තක්‌ කඩාවැටීමකට" සමානය. එයින් ඒ සඳහා සෘජුව තීරණ ගන්නා ඉතා හොඳ පරිපාලකයකු අවශ්‍යය. දේශපාලන ගැත්තකු නොවිය යුතු මෙම තනතුරෙන් රටේ ඉඩම් 13 % ක්‌ පරිපාලනය කරන්නේ නම් එහි බලතල ක්‍රියාත්මක කිරීම ගැන අන් යමක්‌ කතා කළ යුතු නොවේ.

එහෙත් දේශපාලකයෝ මෙම තනතුරට පත්වන නිලධාරීන් තම දැලේ දාගන්නට මහත් උනන්දුවකින් කටයුතු කරනු අප පසුගිය අතීතය පුරා අත්දැක තිබේ. මන්ද, වනජීවී ඉඩම් කොල්ලකා ගැනීම තම දේශපාලන හෙංචයියන්ට දඩයමේ ගොස්‌ අහිංසක වන සතුන් බිලිබාගන්නට එසේත් නැතිනම් වනජීවී අභය භූමි හැටගණනක සහ ජාතික වනෝද්‍යාන 22 ක නිදහසේ කරක්‌ ගසා වනජීවී නීති අණපනත් බිඳ දමන්නට ඕනෑ නිසාය. එසේත් නැතිනම් මේ රටේ ප්‍රභූන් යෑයි කියා ගන්නා ඇතැම් භික්‌ෂූන්, අධිකරණ විනිසුරුන්, බස්‌නායක නිලමේවරුන්, කෝටිපති ව්‍යාපාරික ජාවාරම්කරුවන් වැනි උන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන බෞද්ධකම හා වනජවී සංරක්‌ෂණය අස්‌සේ අලි පැටවුන් කැලෑවලින් සොරකම් කර උන්ට අලි පොතේ නම් සඳහන් කර බලපත්‍ර ලබා ගැනීම සඳහාය.

මෙවන් අවශ්‍යතාවන් කුමක්‌ හෝ ඉටුකර ගන්නට මේ රටේ දේශපාලකයන්ට වනජවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය වුවමනාය. එසේ හෙයින් මෙවන් පාදඩ දේශපාලකයන් හා ධනවතුන්, බලවතුන් හා ප්‍රභූවරුන් මෙන් පෙනී සිටින ඇතැම් ජාවාරම්කරුවන් වනජීවි මුල්පුටුව තම ග්‍රහණයට නතුකර ගන්නට වෙහෙස දරති. ඉල්ලීම් කරති. බැගෑපත් වෙයි. උන්ගේ බලයට බයාදු නිලධාරියකු මේ පුටුවේ රැඳී සිටියහොත් උන්ගේ උවමනාවන් ඉෂ්ට සිද්ධවේ. "ලෝකයේ අති සංවිධානාත්මක හා සුවිශාලතම සත්ව ජාවාරම" ලෙස ප්‍රකට ශ්‍රී ලංකාවේ අලි පැටවු කැලෑවෙන් හොරෙන් අල්ලා රුපියල් ලක්‍ෂ ගණන්වලට අලෙවිකර කෝටිපතියන් බවට පත්වූ සහ එම අලි පැටවු අලි පොතේ හොරට ලියාපදිංචි කරන ලද්දේ එවන් අධ්‍යක්‍ෂවරයකු මෙම තනතුරේ රැඳි සිටි කාලවකවානු තුළදීය. අද සුදනන් සේ පෙනී සිටියද එවන් කොන්ද පණ නැති අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් තුන් හතර දෙනෙකුම මෙම තනතුරේ විටින් විට වැඩ බැලුවේය. එම කාලයේදී අලි පැටවුන් 22 කට වැඩි පිරිසක්‌ හොරට ලියාපදිංචි කර (දේශපාලකයන්ගේ බලපෑම් හෝ ඉල්ලීම් මත) ඇත. අද විභාගවන්තේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේත් එම අලි පැටවුන් හා උන්ගේ හොර හාම්පුතුන්ය. මොවුන් අතර බෞද්ධ භික්‌ෂූන් (චීවරධාරීන්) නමගිය මහෙස්‌ත්‍රාත්වරයකු හා කෝටිපති ව්‍යාපාරිකයන් සිටීමෙන්ද පෙනී යන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් පසුගිය කාලයේදී වනජීවි සංරක්‌ෂණ මුල් පුටුව වටා දැලක්‌ මෙන් ගොතා තිබූ බව නොවන්නේද?
http://www.lankanews.org/2016/06/blog-post_93.html
එනමුත් ශ්‍රේෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් රැසක්‌ සේවය කළ දෙපාර්ත ම්න්තුවක්‌ ලෙසද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකටය. ආචාර්ය සුමිත් පිලපිටිය ද ඒ ගොඩට අයත් වන්නෙකි. හේ දේශපාලකයින්ගේ පැත්ත ගනු වෙනුවට වනජීවීන්ගේ සංරක්‌ෂණය, දෙපාර්තමේන්තු පරිපාලනය හා තම නිලධාරීන්ගේ සේවක සුරක්‍ෂිතාව ගැන කෙළින් කටයුතු කළ තැනැත්තෙකි. අලි පැටවු ජාවාරම්වල පරීක්‍ෂණවලටද හේ නොබියව හා සෘජුව සහාය දැක්‌වීය. වනජීවී අණ පනත් අනුවම හේ කටයුතු කළේය. එසේ සිදුකරන්නාට මෙම පුටුවේ වැඩිකලක්‌ නිරතව සිටිය හැකි නොවේ. ඒ තරමටම දේශපාලුවෝ බලවත්ය. වනජීවී මුල්පුටුව සෙලවෙන සුළුය. වනජීවිය නොවේ. මොනයම් දෙයක්‌ හෝ අවුල්කරන්නට දේශපාලකයන් සමතුන් බව රටේ දැන් සිදුවන කටයුතු දෙස බැලීමේදී කාටත් පැහැදිලි වන සත්‍යයකි. "කන්දක්‌ ගිල්ල එකාට අග්ගලයක්‌ ගිලින එක මහා කඡ්ජක්‌ද" යෑයි ගැමි කියමනක්‌ තිබේ. වනජීවී මුල්පුටුවට සිදුව ඇත්තේ එයමය. එහි නිවැරදිව, නීතිගරුකව කටයුතු කරන්නට රැඳී සිටින්න ඉඩ නොදීම රටේ ප්‍රශ්නයකි. එනමුත් පසුගිය රජය සමයේ මෙතරම් බලපෑම් ඇති නොවුණු බව ද අපට ලියා තැබිය හැකිය. තම අස්‌වීමේ ලිපිය බලධාරීන්ට යොමු කරන ආචාර්ය පිලපිටිය තවදුරටත් දේශපාලන ඇඟිලි ගැසීම් මත තම සේවාව කරගෙන යා නොහැකිකම නිසා ඉල්ලා අස්‌වෙන බව ප්‍රකාශ කරයි. මෙම දේශපාලන බලපෑම් මොනවාද යන්න දැන් ජනතාව බලා සිටින කරුණකි.

මේ අතර තමන් කිසිදු දේශපාලන බලපෑමක්‌ වනජීවී අධ්‍යක්‍ෂවරයාට සිදු නොකළ බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මාධ්‍යයට කරුණු දක්‌වමින් සඳහන් කරයි. එසේනම් මෙසේ දේශපාලන 'ඇඟිලි ගැසීම් (බලපෑම්) කරන්නෝ කවරහුද?" ජනතාවට ඇති ප්‍රශ්නය එයයි. යාල ජාතික උද්‍යානය කේන්ද්‍රකර ගනිමින් පසුගිය කාලයේදී ප්‍රශ්න රැසක්‌ පැන නැගුන අතර, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එක්‌තරා ඇමැතිවරයකුගේ ( සජිත් ප්‍රේමදාස
ගේ ) අවශ්‍යතාව මත යාල ජාතික උද්‍යානයේ පාලකවරයා මාරුකර යෑවීමට උත්සාහයක්‌ ගැනිණි. එහෙත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තම නිලධාරියා වෙනුවෙන් පෙනී සිටීමේ පියවරක්‌ වශයෙන් උද්‍යාන පාලකවරයා ඉවත් කිරීමේ ඔහුගේ සිතැඟියාව ඉටුකරගත නොහැකි විය.

එසේම, වනාන්තරයේ ජීවත්වූ අලි පැටවුන් තම මවුවරුන් මරා හෝ පලවාහැර පැහැරගෙන විත් ලක්‍ෂ ගණනට මිලදී ගෙන හුරතලුන් ලෙස තබා ගනිමින් හා මුදල් උපයමින් දළදා පෙරහැර ඇතුළු අනෙකුත් පෙරහැරවලද ගෙනගිය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ගෙන දැන් අධිකරණය ක්‍රියාත්මක කරන නඩු කටයුතු සඳහා උපරිම සහාය දක්‌වන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය බොහෝ දේශපාලකයන්ට හා ප්‍රභූ හොරුන්ට වදයකි. විශේෂයෙන්ම අලිපැටවුන් සඳහා ගෙන තිබෙන අධිකරණ ක්‍රියාමාර්ග නිසා සළුපිළිවලින් වසා සිටි එබඳු අයගේ නිරුවත දැන් හෙළිව තිබේ. මෙහි බලපෑම සෘජුවම එල්ලවන්නේ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙතය. එයත් වත්මන් අර්බුදයේ එක්‌ හේතුවක්‌ බව වනජීවී ආරංචි මාර්ග කියයි.

කෙසේ හෝ අපට කියන්නට ඇත්තේ ආචාර්ය පිලපිටිය මහතා කොන්ද කෙළින් තබාගෙන අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයේ සේවය කළ නිලධාරියකු බවය. ඔහුට රජයේ රැකියාව කරන්නට ඉඩදීම දේශපාලකයින්ගේ කාර්යය. එනිසා ඔහුගේ සේවය සුරක්‌ෂිත කර යළිත් එම තනතුරේ පිහිටුවීම රජයේ බලධාරීන්ගේ වගකීමය.

ජගත් කණහැරආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.