ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා
මන්නාරම තිරුක්කේතේශ්වරම් මාන්තයි ප්‍රදේශයේ තිරුක්කේතේශ්වරම් කෝවිලට අයිති ඉඩමක් බලෙන් පවරාගන ඒ සදහා අදාළ ඔප්පුවක් ලබා දෙන ලෙස අමාත්‍ය ජෝන් අමරතුංග විසින් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වෙනවා.
මන්නාරම ලුර්තු මෑණියන්ගේ පල්ලිය විසින් මෙම ඉඩම දැනටමත් බලෙන් අත්පත් කරගන සිටින අතර එම ක්‍රියාවට විරුද්ධව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය අධිකරණයේ නඩුවක් ගොනුකර ඇත. නමුත් අදාල පාර්ශව වෙත කිසිදු දැන්වීමකින් තොරව ඇමති ජෝන් අමරතුංග විසින් අත්තොමතික ලෙස රජයේ ගැසට් පත්‍රයක් පවා නිකුත් කිරීමට ක්‍රියා කර ඇත.වීඩියෝ සහිතයිමෙම බලහත්කාරය සදහා අනුබල දී ඇත්තේ රදගුරු රායප්පු ජෝශප් විසින් බවයි ප්‍රදේශයේ හින්දු ජනතාව ප්‍රකාශ කර සිටින්නේ. කිසිවෙකුටත් නොදන්ව රාත්‍රියේ දේව පිළිමයක් මෙම ඉඩම තුල ගොඩ නගා ඇති බවත් ප්‍රදේශයේ හින්දු ජනතාවට කිසිදු සරණක් නොමැතිව ඇමති ජෝන් අමරතුංගගේ සහ රදගුරු රායප්පු ජෝශප්ගේ බලය හමුවේ අසරණව බලා සිටීමට සිදුව ඇති බවයි එම ජනතාව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ පිලිබදව අදහස් දැක්වූ හින්දු සම්මේලනයේ සභාපති එන් අරුනකාන්ත් ….