මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ සිදු වුනා යයි කියන දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව වෙත ඊයේ විශේෂ විගණන වාර්තාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී විගණකාධිපති විසින් මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කල ගණුදෙනුව ආශ්රයෙන් නිගමනය කර තිබෙන කරුනු පහත දැක්වේ.
* වලක්වාගත හැකිව තිබූ රු :889,358,050 ක ඇස්තුමේන්තු ගත අවාසිය සහ වලක්වාගත හකිව තිබූ රු : 784,898,755 ක ඇස්තුමේන්තු ගත අවාසිය ලෙස 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේදි වලක්වා ගැනීමට හැකිව තිබූ එකතුව රු : 1,674,256,805 ක අස්තමේන්තුගත අවාසිය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරනු ලැබේ.
* තවද සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය ගත් 2015 පෙබරවාරි 27 දින සිට 2016 මැයි මාසය දක්වා සිදුකර ඇති බඳුම්කර නිකුත් කිරීම්වලට අදාලව ද ඇස්ත්මේන්තුගත වාසි හෝ අවාසි ගණන කළ හොත් ඉහතින් දක්වන ලද අස්තමේන්තුගත අවාසිය තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතීමද බැහැර කළ නොහැක.
* මෙම වාර්තාව පිළියෙල කිරීමේදී විගණකාධිපති වෙත හිමි බලතල හා විෂය සීමාව තුළ කටයුතු කර අති බව අවධාරණය කරනු ලබේ. ඉන් ඔබ්බට සාපරාදී හෝ විගණකාධිපතිට නිගමනය කල නොහැකි මට්ටමේ නීති විරෝධි කටයුතු සිදු වී අතැදැයි යන්න මෙහිදී පරික්ශාවට ලක් නොවුනු හෙයින් එවන් පරික්ෂාවක් අවශ්‍ය හැගි යන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන් හී සහය ලබා ගැනීම සුදුසු බව නිගමනය කරමි.