මූ මේ රවට්ටන්නේ ජනතාවද....!!!ජෙප්පාගේ කෙප්ප එදා ඵම ස්ථානයේ සිටි අයෙකු අප වාර්තාකරුවෙකු සමග පවසා ඇත්තේ විජිත හේරත් නම් බේබද්දා දැන් මොනවා කීවද ...සැබෑ සිදුවීම නම්....ඌට එවෙලේ කෙළින් සිට ගැන්මට පවා නොහැකි ලෙසට බීමත්ව සිට ඇති නිසා අසල සිටි ජනතාව පොලීසියට කථා කොට ඇති බවත් ය.මේ වනවිට ඌ රජ ගජබින්නාලංකාරයක් මවමින් පාරේ ගමන් ගත් අයෙකු බේරීමට යැයි කෙප්ප ගැසූවද .මූට අධික බීමත්කම නිසා නින්ද ගොස් ඇත.ඵමෙන්ම වාහනය තුළ සුළුදිය පවා වගුරාගෙන තිබී ඇත.
අරක්කු ගඳ ආවේ මගෙ කටින් නෙවෙයි.. බීපු කෙනක් මාව ඉම්බා.. මෙන්න ‘විජිත සමඟ විනෝද සමය..’තමන් මුහුණ දුන් රිය අනතුරෙන් මත්පැන් ගඳ ආවේ තමන් මත්පැන් පානය කර සිටි නිසා නොවේ යයි ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් පවසයි.
එම අනතුරට මුහුණ දුන් අවස්ථාවේ එහි සිටි මිනිසුන් කිහිප දෙනෙකු වටවී ‘අපේ මන්ත්‍රිතුමා ඔබතුමා ආරක්ෂා වෙන්න’ කියා ආදරයෙන් බදා ගෙන සිප ගත් බවත් එම පුද්ගලයෙකු බීමතින් සිටි බවත් ඔහු කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.මත්පැන් ගඳ වහනය වූයේ තම කටින් යයි කිසි තැනක සඳහන් නොවූ බවද පැවසූ මන්ත්‍රිවරයා ස්වභාවිකව ශරීරයෙන් මත්පැන් ගඳ වහනය වීම, ලේ ගිළුනු අවස්තාවකද මත් පැන් ගන්ධය එන බවත්, බීමතින් සිටි අයෙක් ස්පර්ශ කලද එම ගඳ එන බවත් ඔහු කියා සිටියේය.
මේ සිදුවීම ගැන මාධ්‍ය හමුවකදී අදහස් පල කල නීතීඥ කපිල ගමගේ මෙසේ අදහස් පල කලේය. පොලීසිය ආවාට ගියාට මත්පැන් චෝදනාව අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් පොලිස් නිලධාරීන්ගේ මුල් නිරීක්ෂණය අනුව මන්ත්‍රීවරයා මත්පැන් පානය කිරීම අධිකරණය හමුවේ පැමිණිලි ගොනු කරන්නට තරම් ප්‍රබල බවත් කී නීතීඥවරයා ඒ බව තහවුරු කරන්නට උවමනා කරන තාක්ෂණික වාර්තා පුර්ණ ලෙස ඉදිරිපත් කිරීම කිසියම් බලපෑමකින් හදිසි අනතුරකට ලක් වන්නට ඇතැයිද කියා සිටියේය.