ෆොන්සේකාගේ පක්ෂය
දෙකඩ වෙයි..
පක්ෂයේ සියළු දෙනාට එජාපයට
එක්වන ලෙස ෆොන්සේකා කියයි..
වැඩි පිරිසක් එජාපයට..
අනෙක් පිරිස ඒකාබද්ධ විපක්ෂයට..ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා හැර එහි නායකයන් හා සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් දෙකඩ වී යෑමේ තත්ත්වයක් උදාවී තිබේ. ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා හැර එහි සාමාජිකයන් සියලූ දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගතයුතු බවට පක්ෂ නායක ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ ) සිය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අවධාරණය කිරීමත් සමගම මෙම දෙකඩවීම ආරම්භවී තිබේ.
සරත් ෆොන්සේකා හෙවත් බල පෙරේත හොර වලත්ත වල් විදානේට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරක්ද, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර සහ පාර්ලිමේන්තු මැතිවරණයකදී සීමිත ආසන ප්‍රමාණයකට සහ ඉදිරි පළාත් සභා මැතිවරණවලදී තරග කිරීමටද අවස්ථාව ලබාදෙන බවටද 04 දා පැවැති එම පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී ෆොන්සේකා හෙවත් බල පෙරේත හොර වලත්ත වල් විදානේ පවසා ඇති අතර ඒ නිසා සියළු දෙනාට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවන ලෙස දැනුම්දී තිබේ.
ඒ අනුව එකඟතා ලියවිල්ලක් මත මේ මස අග සතියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බවට ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ සඳහන් කළ අවස්ථාවේදී බහුතර කෘත්‍යාධිකාරී සාමාජිකයන් පිරිසක් එම තීරණයට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර, ඉතිරි තවත් සාමාජිකයන් පිරිසක් ඊට විරෝධය පළ කර තිබේ.
දිවයින පුරා සිටින ආසන සංවිධායකයන් සියලූ දෙනා ලබන සතිය වනවිට කොළඹට කැඳවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය දැනුම්දීමටද මෙහිදී තීරණය කළ බවද වාර්තා වේ.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වන පිරිස එජාප සාමාජිකයන් ලෙසද, මෙම තීරණයට විරෝධය පළ කළ පිරිස ඒකාබද්ධ විපක්ෂයටද එක්වන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඉදිරියේදී ප්රජාතන්ත්රවාදී පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නොපවතින බවයි.
එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෑත ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස ගනු ලබන ප්‍රබල මතභේදාත්මක තීන්දුව මෙය බවයි. මන්ත්‍රීවරුන් ලෙස සිටින පිරිස මෙම තීරණයට කැමති වුවද, ප්රජාතන්ත්රවාදී පක්ෂය ලෙස ඉදිරියට යා යුතු බවට අදහස් කරන පිරිස් මෙම තීරණයට අකමැති බැවින් ඔවුන් විකල්ප සොයා යනු ඇති බවද ඔහු කීය.
පෙරේදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මොරටුව සහ මාතර ප්‍රදේශ නියෝජනය කරන ආසන සංවිධායකවරුන් දැඩි ලෙස විරෝධය පළකර තිබේ.
මේ වනවිට සරත් ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ )කැලණිය සංවර්ධන කමිටු සභාපති ධුරයද උසුලයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, June 7, 2016
පක්ෂයේ සියළු දෙනාට එජාපයට එක්වන ලෙස ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ ) කියයි..
Posted by
lankanews
at
June 07, 2016
Labels: expose of sarath fonseka, feild marshal, genaral sarath, killer sarath fonseka, murder sarath fonseka, srilankan unp, unp corruptions, yahapalanaya
පක්ෂයේ සියළු දෙනාට එජාපයට එක්වන ලෙස ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ ) කියයි..
2016-06-07T00:01:00+02:00
lankanews
expose of sarath fonseka|feild marshal|genaral sarath|killer sarath fonseka|murder sarath fonseka|srilankan unp|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...