ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 16, 2016

කරුපයියා මොකද මේ තරම් දඟලන්නේ ...!!! ජනතා අවධානයට...!!! මෙන්න හොරාගේ සැබෑ විස්තරේ ...!!!

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කල අමාත්‍ය කරුපයියා පිළිගැනීමේ උත්සවයක් එදින රාත‍්‍රියේ අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදි පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් රුපියල් 5000හේ නොට්ටු ලක්ෂ 2ක් පමණ අමුනා මාලාවක් පලවා රවී පිළිගත්තේ කවුරුන් විසින්ද....? එම අවස්ථාව සංවිධානය කළේ ලංකාවේ කුඩු ගෙන්විමේ නමක් තබා තිබේන මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත් බව අප අද අනාවරණය කරමු.මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත්‍රයා සමග මුදල් ඇමතිට ඇති සබඳතාවය කුමක්ද...?
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් සිටි මුදල් අමාත්‍ය කරුපයියා ඡන්දයට දින නියමවූ විගසම කොහුවල බන්දුල විරසිංහට අයත් BRJW Enterprises (Pvt) Ltd  හරහා

මිලියන් 65ක් වටිනා Jaguar Land Rover මොටර් රථයක් සහ මිලියන 145ක් වටිනා බන්දුලට අයත්ව තිබු බොල්ගොඩ ගඟට ආසන්නයේ පිහිටි ඉඩමක්ද මුදල් ගෙවා මිලදි ගෙන තිබේ.
හදිසියේම රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයක් අත් අඩංගුවට ගැනිම පසුපස ඇති රවි-මෛත්‍රී කතාවේ තවත් කොටසක් අද දිනය තුල අනාවරණය කර ගැනිමට අප  වාර්තාකරුට හැකි වි තිබේ.ඒ අනුව මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට ගෙනැවිත් ඇත්තේ සීනි රැගෙන එන මුවාවෙන් අතර එය ගෙන්විමට මුලික වු පිටකොටුව දෙවන හරස් වීථියේ පිහිටුවා ඇති සමාගමක් වන අතර (නම සදහන් නොකිරිමට එකඟ වි තිබේ.) එම සීනි කන්ටේනරය ආනයනය කළ සමාගමේ හිමිකරු වන දෙමළ ජාතිකයා (නම සදහන් නොකිරිමට එකඟ වි තිබේ) අප වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ වසර 40ක යක් සිනී ආනයනය කිරිමේ කිර්තිමත් සමාගමක් සතු තමන්ට කිසිම විටක සමගමේ නම සදහන් කරමින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය ගෙන එමට අවශ්‍යතාවක් නොමැති බවත් සීනී වැනි අතිශ්‍ය පාරිභෝගික අත්‍යවශ්‍ය ද්‍රවයක් ගෙන්විම හරහා සිය සමගම ලබන ලාබය පිළිබදව මුදල් අමාත්‍ය රවි කරුපයියා සිය අනසකට යට කර ගැනිම සදහා මෙම කූට මෙහෙයුම දියත් කර ඇති බවයි.


සිය සමාගම අත්පත් කර ගැනිම සදහා මුදල් අමාත්‍යවරයා සීමිත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබු අතර මේ වසරේ මුල් කාර්තුවේ සමාගමේ කොටස් කරුවෙකු ලෙස වෙනත් සමාගමක් හරහා මුදල් ඇමතිවරයා වක්‍රලෙස සමාගමට සම්බන්ධ වි ඇති බවද ඔහුගේ ප්‍රකාශයන් හරහා තහවුරු වි තිබේ. ඒ අනුව සිය සමාගම අපකීර්තියට පත්කර එහි බලය මුදල් අමාත්‍යවරයාගේ සමාගමට පවරා ගැනිමේ මෙහෙයුමක් කලක පටන් ක්‍රියාත්මක වු බවත් එහි එක් අදියරක් ලෙස ඊයේ රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයක්‌ සිය සීනි කන්ටේනරයේ තිබි අත් අඩංගුවට ගැනිම හරහ ක්‍රියාත්මක වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. අදාළ කොකේන් පිළිබඳව තමන් කිසිවක්‌ නොදන්නා බව අත්අඩංගුවට ගත් සීනි ආනයන සමාගමේ හිමිකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබේ.
මේ අතර බැදුම්කර හොරා වන රවි රේගුව සමග තිබු තරහක්ද මෙම මෙහෙයුම හරහා පිරිමසා ගැනිමට කටයුතු කර ඇති අතර මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන මුදල් ඇමති කරුපයියා අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ‍්‍රි ලංකා රේගුවෙන් රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි ගසමින් රේගුව විනාශ කරන බවට අප අවස්ථා ගණනාවකදි කල අනාවරණයන් රේගු නිලධාරීන්ගේ සංගමය විසින් තහවුරු කිරිමත් සමග රේගු නිලධාරීන් සමග බද්ධ වෛරයෙන් පසුවු කරුපයියා රේගුවට වැඩක් දෙන්න අවස්ථාව එනතුරු සිටි බව නොරහසකි.
පසුගිය වකවානුවේ සිටම රේගු විමර්ශන කාර්යයන් අඩපණ කිරීම සඳහා විවිධ පිඹුරුපත් සකසන ලද අතර මෑත කාලයේ සිටි විමර්ශන නිලධාරීන් අධෛර්යයට පත්කරවන විවිධ නියෝග හා චක්‍රලේඛ නිකුත් කරමින් සිටි රවි අවසානයේ භාණ්‌ඩ ආනයනයකදී හෝ අපනයනයක දී ඕනෑම ආනයනයක්‌ හෝ අපනයනයක්‌ විමර්ශන අංශ කිහිපයක අධීක්‍ෂණයට යටත්ව සිදුකළ හැකිව තිබු රේගු බලය මුදල් අමාත්‍යාංශයේ පාලනයට නතු කරගත් අතර ඊයේ අත් අඩංගුවට ගත් කොකේන් තොගයද මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ඒකක භාර නිලධාරී උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. ප්‍රේමලාල් නැමත්තාගේ වැටලිම් හරහා අත් අඩංගුවට ගත් බව පෙන්විමටද කරුපයියා කටයුතු කර ඇත්තේ ඒ හරහා රේගුවේ නොහැකියාවෙන් පෙලෙන බව තහවුරු කිරිමට බවයි අප වාර්තාකරු අනාවණය කළේ.
කෙසේ නමුත් කරුපයියා අපගේ අනාවරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බව සදහන් කර ඇති අතර අප ඒ පිළිබදව සතුට පලකරන අතර ඒ අනුව අද කර ඇති මෙම අනාවරණයන් ද පොලිස්පතිවරයා කරන පරික්ෂණ සදහා යොදවා ගන්නා ලෙස අප ඉල්ලිමක් කරන අතරම ඉතා ඉක්මනින්ම මේම අනාවරණයන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සාක්ෂි අප විසින් පොලිස්පතිවරයාගේ විද්යුත් තැපෑලට ලැබිමට සලස්වන බවද මේ අවස්ථාවේ වගකිමෙන් යුතුව සදහන් කර සිටිමු.උපුටා ගැන්ම ලංකා ටුඩේ
 ඔබගේ විශේෂ අවධානයට ….
මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ ඉදිරිපත් කරමින් රටේ ආදායම් එකතු කරනු ලබන ප්‍රධානතම දෙපාර්තමේන්තු 04 වන රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ තක්‌සේරු දෙපාර්තමේන්තුව යන ආයතන වල ක්‍රියාදාමයන් නියාමනය සහ විමර්ශනයට යෑයි කියමින් නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීමට සැරසෙන බවට අපට දැනගන්නට ලැබී ඇත. සාමාන්‍ය අමාත්‍ය මණ්‌ඩල සංදේශ ඉදිරිපත් කරනු ලබන ක්‍රමවේදයෙන් බැහැර වෙමින් ඉතා සූක්‌ෂ්මව සහ රහසිගතව අදාළ මුදල් අමාත්‍යාංශ අංක MF/06/100/2016/16 සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ අංක 16/0215/719/010 දරන අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව සකස්‌ කොට ඇති අතර එය පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය මණ්‌ඩල කමිටුව වෙත ඉදිරිපත් කිරීමට යෝජිත බවද අපට දැනගන්නට ලැබී ඇත.

KAMIරවි කරුපයියා ගේ පාතාල සබඳතාවයන් පසුගිය මහා මැතිවරණය සමයේ ඔනෑවටත් වඩා අනාවරණය වු අතර එම සබඳතාවයන් පිළිබඳව අපකල අනාවරණයන්  ඔබට කියවිය හැක.
සුගියදා සිරිසේනගේ  බට්ටන් යොදා ගනිමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කල අමාත්‍ය කරුපයියා පිළිගැනීමේ උත්සවයක් එදින රාත‍්‍රියේ අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදි පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් රුපියල් 5000හේ නොට්ටු ලක්ෂ 2ක් පමණ අමුනා මාලාවක් පලදවා රවී පිළිගත්තේ කවුරුන් විසින්ද....? එම අවස්ඔථාව සංවිධානය කළේ ලංකාවේ කුඩු ගෙන්විමේ නමක් තබා තිබේන මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත් බව අප අද අනාවරණය කරමු.මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත්‍රයා සමග මුදල් ඇමතිට ඇති සබඳතාවය කුමක්ද?
ඔහු නමින් කාමිල් හසන් ( Kamil Hassan)නම් වන අතර ඔහු කරුපයියාගේ ලේකම්වරයෙකු ලෙසත් රවිගේ දේශපාලන කාර්‍යාලයේ පෞද්ගලික සහයෙකු ලෙසද කටයුතු කරන අයෙකි.
තවත් අනාවරණයක්……
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් සිටි මුදල් අමාත්‍ය කරුපයියා ඡන්දයට දින නියමවි විගසම කොහුවල බන්දුල විරසිංහට අයත් BRJW Enterprises (Pvt) Ltd  හරහා මිලියන් 65ක් වටිනා Jaguar Land Rover මොටර් රථයක් සහ මිලියන 145ක් වටිනා බන්දුලට අයත්ව තිබු බොල්ගොඩ ගඟට ආසන්නයේ පිහිටි ඉඩමක්ද මුදල් ගෙවා මිලදි ගෙන තිබේ.
NEWS_P
මෛත්‍රී-රවි අතේ පැලවෙන බොරු පත්තර වල පලවි තිබු අයුරු
කරුපයියාගේ මැර දේශපාලනයේ මෑත සිදුවීම් පෙළ ගැස්ම..

ප‍්‍රබල මත්කුඩු ව්‍යාපාරිකයෙකු වන  ජාත්‍යන්තර ‍පොලීසියේ රතු නිවේදනයක් පවා නිකුත් වි තිබේන ලාල් පීරිස් හේවත් කුඩු ලාල් යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුපයියාගේ අනුභාවයෙන් මේ වන විටද ලංකාවට පැමිණි ඇත.මහා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ මනාප ගණන වැඩි කර ගැනිම සියලුම මැරකම් මෙහෙය විම කුඩු ලාල්ට භාරදි තිබේ.
කුඩු ලාල් හා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ හා කරුපයියා එංගලන්තයේදි අවස්ථා ගණනාවක් හමුවි ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ  පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවමින් කුඩු ජාවාරම්කරුවන්ට හා පාතාල නායකයින්ට එරෙහිව මෙහෙයුම් දියත් කළ මොහොතේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් මොහුව ලන්ඩනයට පිටත් කර යවනු ලැබ තිබේ.
පසුගියදා වෙබ් අඩවියක් සමග එක්වෙමින් කුඩු ලාල් කියා තිබුනේ
“මම ඒ ඇවිල්ල ආයිමත් දේශපාලනය කරනව. යූ.එන්.පියෙන් කොළඹ නගර සභාවට තරග කරනව. යූ.එන්.පියෙන් අවස්ථාව හම්බ වුණේ නැත්නම් ස්වාධීනව තරග කරනව.”

  මෑත සිදුවීම් පෙළ ගැස්ම

රේගුවේ පිල්ලි ගහන මුදල් ඇමති රවී-බඩුත් එක්ක හොරු මාට්ටු..

 අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා” කියමින් ,අපේ උදාර ත්‍රිවිඩ හමුදාවම විහිළුවට ලක් කල නිවට නියාලු මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන මුදල් ඇමති රවි කරුණානායක අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ‍්‍රි ලංකා රේගුවෙන් රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි ගසමින් රේගුව විනාශ කරන බවට අප අවස්ථා ගණනාවකදි කල අනාවරණයන් අද රේගු නිලධාරීන්ගේ සංගමය විසින් තහවුරු කර තිබේ.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි….
වර්තමාන ආණ්‌ඩුවේ අත්තනෝමතික, අවස්‌ථාවාදී, ක්‍රියාකලාපයන් හේතුවෙන් රටේ ආර්ථිකයට ප්‍රධානතම දායකත්වය ලබාදෙන්නා වූ රාජ්‍ය ආයතනය වන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වීමේ තත්ත්වයක්‌ උද්ගතවෙමින් පවතී.
වසර 200 ක ප්‍රෙෘඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන රේගු දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමයන් සියල්ලක්‌ම අවියෝජනීයව බැඳී ඇත්තේ වසර 1869 දී නීතිගත කරන ලද රේගු ආඥ පනත තුළිනි. ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූල භාණ්‌ඩ ආනයන අපනයන ක්‍රියාවලියේ යෙදෙන ව්‍යාපාරික භවතුන්ට පහසුකම් සැලසීම මෙන්ම විවිධ අණපනත් 47 ක පමණ නීති සමුදායක්‌ මගින් ආවරණය කෙරෙන නීති රාමුවක ක්‍රියාවලින් ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාජ සුරක්‍ෂණය සඳහා වන ක්‍රියාවලීන් සඳහා දායකවීම ද ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමුඛතම කාර්යභාරයන් වේ. රේගු විමර්ශන කටයුතු මගින් විවිධ ක්‍රම මාර්ගයෙන් ව්‍යාජ ලෙස ශ්‍රී ලංකාව තුළට ආනයනය කරන ලද භාණ්‌ඩ සඳහා දඩ මුදල් පැනවීම තුළින් ශ්‍රී ලංකා රජයට රේගු නිලධාරීන් විසින් උපයා දී ඇති මුදල රුපියල් බිලියන ගණනක්‌ වේ.
නමුත් පසුගිය වකවානුවේ සිටම රේගු විමර්ශන කාර්යයන් අඩපණ කිරීම සඳහා විවිධ පිඹුරුපත් සකසන ලද අතර මෑත කාලයේ සිටි විමර්ශන නිලධාරීන් අධෛර්යයට පත්කරවන විවිධ නියෝග හා චක්‍රලේඛ නිකුත් කරමින් පවතී. සාමාන්‍යයෙන් භාණ්‌ඩ ආනයනයකදී හෝ අපනයනයක දී ඕනෑම ආනයනයක්‌ හෝ අපනයනයක්‌ විමර්ශන අංශ කිහිපයක අධීක්‍ෂණයට යටත්ව සිදුකළ හැක. මෙමගින් නීති විරෝධී ක්‍රියාවන් අවම කිරීම හෝ සම්පූර්ණයෙන් වැළැක්‌වීම සිදුවේ. මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව වැනි බදු ආර්ථිකයක්‌ මත පදනම් ව රාජ්‍ය ආදායම එකතු කරන ඕනෑම රාජ්‍යයක සිදුකරන ක්‍රමවේදය වේ. මෑතකදී නිකුත් කෙරුණු දෙපාර්තමේන්තු නියෝග අංක 1046 මගින් මෙම ක්‍රියාදාමය ඉහළ නිලධාරීන් කිහිප දෙනකු විසින් පාලනය කරන තත්ත්වයකට පත්කොට ඇත.
එතකුදු නොනැවතී මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ ඉදිරිපත් කරමින් රටේ ආදායම් එකතු කරනු ලබන ප්‍රධානතම දෙපාර්තමේන්තු 04 වන රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ තක්‌සේරු දෙපාර්තමේන්තුව යන ආයතන වල ක්‍රියාදාමයන් නියාමනය සහ විමර්ශනයට යෑයි කියමින් නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීමට සැරසෙන බවට අපට දැනගන්නට ලැබී ඇත. සාමාන්‍ය අමාත්‍ය මණ්‌ඩල සංදේශ ඉදිරිපත් කරනු ලබන ක්‍රමවේදයෙන් බැහැර වෙමින් ඉතා සූක්‌ෂ්මව සහ රහසිගතව අදාළ මුදල් අමාත්‍යාංශ අංක MF/06/100/2016/16 සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ අංක 16/0215/719/010 දරන අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව සකස්‌ කොට ඇති අතර එය පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය මණ්‌ඩල කමිටුව වෙත ඉදිරිපත් කිරීමට යෝජිත බවද අපට දැනගන්නට ලැබී ඇත.

පසුගිය කාලය පුරා පුවත් මැවීමට සමත්වූ අදටත් පාර්ලිමේන්තු විවාද වලදී පවා ප්‍රධානතම මාතෘකාවක්‌ වී ඇති ප්‍රාඩෝ වාහන සිද්ධිය සම්බන්ධව වාහන ආනයනකරුවන් පිනවීම උදෙසා තීන්දු තීරණ ලබාදුන් මුදල් අමාත්‍යවරයා සහ තමන් විසින් අදාළ මුදල් රජයට උපයාදුන් බව උදම් ඇනූ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අදටත් අදාළ වාහන පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ නිලධාරීන්ට තුති පුද කිරීමක්‌වත් සිදුකර නොමැත. අදාළ සිද්ධියෙන් පසු වාහන පිළිබඳව විමර්ශන කටයුතු කිරීම පිළිබඳව රේගු නිලධාරීන්ට තහංචි පැනවූ අතර ඉන් රජයට අහිමිවී ගිය ආදායම රුපියල් බිලියන ගණනකි. එපමණක්‌ නොව රේගු නිලධාරීන් විසින් පිටරටින් ආනයනය කරනු ලබන සුඛෝපභෝගී වාහන සහ ජීප් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් තිබූ විමර්ශන කටයුතු අත්හිටුවීමට නියෝග ලබාදුන් අතර, එමගින්ද රජයට අහිමිවී ගිය ආදායම අතිවිශාලය. තවද ශ්‍රී ලංකාවට ගෘහ විදුලි උපකරණ ආනයනය කරනු ලබන ප්‍රධානතම පෞද්ගලික ආයතන දෙකකට එරෙහිව ලියාපදිංචි කරන ලද විමර්ශන කටයුතු පැය 24 ක්‌ තුළදී අත්හිටුවා දැමීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නියෝග ලබාදුන් අතර එමගින් රජයට අහිමි වී ගිය ආදායම පවා තක්‌සේරු කිරීමට නොහැකිවිය.

මේ මොහොත වන විට රේගු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අවම වශයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හෝ නොවිමසා මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රහසිගත අමාත්‍ය මණ්‌ඩල සංදේශය ඉදිරිපත් කිරීම වැළැක්‌වීම අරමුණු කරගෙන රේගු ආනයන අංශයේ රාජකාරි වලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී ඇත. කෙසේ වෙතත් ගුවන් තොටුපළ, මගී ගමන් සේවා හා ගමන් බඩු, අපනයන, තැපැල් තක්‌සේරු හා රේගු නිවාරණ ආදී සෘජුව ජනතාවට බලපාන අංශ වල සාමාන්‍ය රේගු රාජකාරි පැවැත්වේ. අදාළ ගැටලු සඳහා ලැබෙන ආණ්‌ඩුවේ ප්‍රතිචාර අනුව එම අංශවල ඉදිරි ක්‍රියාමාර්ග පසුව තීරණය කරනු ලැබේ.
– රේගු නිලධාරීන්ගේ සංගමය-
 කරුපයියාගේ අල්ලස් වාර්තා කෝටි 12 දැවැන්ත අල්ලස සමග කරුපයියා මාට්ටු..!

ශ්‍රී ලංකා අල්ලස් වැටලීම් ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම වැටලීම වූ රුපියල් කෝටි 12 හමාරක අල්ලසක් අල්ලා ගැනීමට රේගු අධිකාරියේ ඉහලම මෝරු තිදෙනෙක් අල්ලස් දැලට හසුකර ගැනීමට ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද සමත් විය.මෙසේ අල්ලස් දැලට හසුවූයේ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ රේගු නිලධාරී සුධීර පරාක්‍රම නමැති ජාතිභ්‍රෂ්ඨ වසලයන් තිදෙනා ය.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වන සමාගමක් විසින් ගෙන්වන ලද අමතර කොටස් තොගයක් සඳහා රේගු ගාස්තු ලෙස රු.කෝටි 150 ක් වැනි අසාධාරණ මුදලක් ගෙවන්නැයි සමාගමට පවසා ඇත. එතරම් රේගු ගාස්තුවක් ගෙවිය නොහැකි බව කියද්දී මෙම වසල නිලධාරීන් තිදෙනා පවසා ඇත්තේ එම මුදල නොගෙවා නිදහස් කිරීමට නම් එක් අයෙකුට කෝටි 5 බැගින් තමන්ට කෝටි 15 ක් අවශ්‍ය බවයි.
පසුව සමාගම මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම දැනුවත් කර ඇති අතර කොමිසම සමාගමේ අයට පවසා ඇත්තේ ගණන හෙට්ටු කරන ලෙසයි. ඒ අනුව අවසානයේ දී කෝටි 12 හමාරක් අල්ලස් ලෙස ලබා ගැනීමට ඉහත කී වසල රේගු ලොක්කන් තිදෙනා එකඟ වී ඇත.
ඉන්පසුව අද සවස කතිකා කර ගත් ස්ථානයකදී නියමිත අල්ලස් මුදල ලබා ගැනීමට රේගු ලොක්කන් පැමිණි අතර වෙස් වලාගෙන සිටි අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් රේගු ලොක්කන් තිදෙනා අල්ලස් මුදල් සමගම අල්ලා ගත්හ.
මෙම වැටලීම සති දෙකක් පමණ කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව සිදුකර ඇති අතර මේ තරම් මුදලක් ලබා දීමට අල්ලස් කොමිසම සතුවද සටහන් තබා ගන්නා ලද මුදල් තිබී නැත. පසුව භාණ්ඩාගාරයෙන් මේ සඳහා මුදල් ලබා ගෙන ඇති අතර අල්ලස් කොමිසමට මුදල් නෝට්ටු වල සටහන් තබා ගැනීමට දින 3 ක් ගත වී තිබේ.
පසුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරුණි. එහිදී රේගු නිලධාරී සුධීර පරාක්‍රම පැවසූයේ අදාල අල්ලස් ගැනීම සඳහා තමන් පෙළඹූයේ මුදල් අමාත්‍ය කරුපයියාගේ කීම අනුව බවයි. රේගු අධිකාරිය වර්තමානයේදී පාලනය වන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ ය.
කරුපයියා ගැන පළ වූ හෙළිදරව්ව වසන් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  උත්සාහ දරන බව අපට වාර්තා වෙයි.
 මූ ඵසේ මෙසේ හොරෙක් නොවේ ...

අයවැයට අත උස්සන බත් බැලයන්ට ප්‍රාඩෝ ජීප්-කෝටි 322 ක් රටට අහිමි වේ

 

රනිල්-මෛත්‍රී  අයවැය සදහා ඡන්දය භාවිතා කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන්ට බෙදාදිම සදහා රේගු වංචා නිසා රඳවා තබාගෙන සිටිනTRJ150 වර්ගයේ ප්‍රාඩෝ ජීප් රථ මුදවාගෙන අයවැයට ඡන්දය භාවිතා කරන මන්ත්‍රිවරුන්ට සහ තවත් 15 දෙනෙකුට නොමිලේ ප්‍රාඩෝ ජීප් රථ ලබා දිමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය කරුපයියාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති අතර ඒ අනුව හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුදාහරින ලෙසට කරුපයියා රේගු ප්‍රධානින්ට උපදෙස් ලබාදි තිබේ.
මෙවර අයවැයට සියළු ශ්‍රීලනිප මන්ත‍්‍රිවරැන්ගේ සහාය දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පක්‍ෂ මන්ත‍්‍රි කණ්ඩායමෙන් ඉල්ලා සිටි අතර එසේ සහාය දෙන ශ්‍රීලනිප සෑම මන්ත‍්‍රීවරයෙකුටම ඉන්ධන සමග වාහනයක් සහ රියැදුරෙකු ලබා දෙන බවත් විරුද්ධ වන මන්ත‍්‍රීවරුන්ට ඒවා ලබා නොදීමටත් එහිදී යෝජනා කර තිබුනා.
මේ අතර ආනයනය කරන ලද මෙම ප්‍රාඩෝ රථ 403 රේගුවේ නීතිරීති වලට පටහැනිව ගෙන්වීම නිසා රඳවා තබාගෙන සිටින බවත් ඇමතිවරයාගේ නියෝග මත දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුදාහැරීමට රේගුව කටයුතු කිරිම හරහා රජයට අහිමිවන මුදල රුපියල් කෝටි 322 ක්‌ බව රේගු ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පෙන්වා දෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.