ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 19, 2016

ජනතාවට සහ මාධ්‍යයට කොළේ වසා මුදල් පන්නා ගත් යහපාලනය ගැන රාවය නොදනී..!!!

( දේශපාළුවන් යනු ඉතා සටකපට අපතයන් බවත් යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවී..ඵන ඵන රජයනට හේත්තු වෙමින් සැප විඳින කිණිතුලන් වැනි කාළකණ්නි පිරිසකි.)මේ බව ස්වාධීන මාධ්‍ය වේදීන් තෙරුම් ගත යුතු අතර උන්ගේ මාධ්‍ය හමුවලට යාමේදී උන් කළ කී දෑ ගැන මනාසේ දැනුමින් සන්නද්ධව යා යුතුය ඵසේ නොවූ මාධ්‍ය වේදීන් යැයි කියා ගන්නාවුන් බොහොමයක් සවුත්තුවූ අයුුරු අපද දුටුවෙමු. මෙසේ මේ වන විටද රජයේ භාණ්ඩාගාරයෙන් යහපාලන ඇමති පිම්පියන්ගේ රථගාය සඳහා මුදල් පන්නා ගෙන ඇති බව නොදත් ඉරිදා රාවය කතුවැකිය ලියා පළකර තිබූ ඔවුන්ගේ අදහස මෙසේවීය.

ජනවාරි 8 වැනි දා හා අගෝස්තු 17 වැනි දා තමන් බලයට පත් කළ මහජනතාවට, එතැන් සිට මේ දක්වා යහපාලන ආණ්ඩුව අවමන් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ඒ මහජනතාවට කළ අලූත්ම අපහාසය රුපියල් බිලයන 1.1ක් වටිනා සුඛෝපභෝගී වාහන පිළිබඳ සිද්ධිය යි.
මැති ඇමතිවරුන් සාධාරණ මට්ටමේ සුවපහසු වාහන පාවිච්චි කිරීම ගැන රටේ මහජනතාව ඒ තරම් විරෝධයක් දක්වනු ඇතැයි සිතිය නොහැකි ය. තමන්ගේ වැඩ පරාසය අනුව එවැන්නන්ට සුවපහසු වාහනයක් පාවිච්චි කිරීමට ඇති අවස්ථාව උදුරාගන්නට ද කිසිවකු සූදානම් නොවනු ඇත. එහෙත්, ප‍්‍රශ්නය ඇත්තේ එතැන නොවේ.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පලවා හැරීමට උපුටා දැක්වූ එක් හේතුවක් වූයේ තමන්ගේ සුවපහසුව සඳහා මහජන මුදල් මංකොල්ල කමින් ඔවුන් අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත යි. උදාහරණයක් කිවහොත්, ඇමති බැසිල් රාජපක්‍ෂ තමාට ඇති නිල වාහන තුනට අමතර ව තවත් අතිසුඛෝපභෝගී, වෙඩි නොවදින වාහන දාහතරක් පාවිච්චි කළේ ය. මෙවැනි අපරාධකාරී තත්ත්වයක් කිසිසේත් අනුමත කළ නොහැකි ය. මේ පරපෝෂිතයන් සිහසුනෙන් පලවා හැරීම ගැන රටේ බහුතර පුරවැසියන් තවමත් උදම් අනන්නේ ඒ නිසා ය.

එක් පැත්තකින් මහජනතාවට පටි තද කර ගන්නට කියමින් අනෙක් පැත්තෙන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මහජන අරමුදල් යෙදවීමේ රාජපක්‍ෂ පන්නයේ නින්දා සහගත උත්සාහයක දැන් යහපාලන ආණ්ඩුව ද යෙදෙනු පෙනෙයි.

ආණ්ඩුව ඇත්ත ආර්ථික අර්බුදයක ගිලී සිටියි. ඒ අවුලෙන් ගොඩ ඒම පහසු නැත. ඒ සඳහා වියදම් අඩු කර ගත යුතු අතර ආදායම් වැඩි කර ගත යුතු ය. රජයේ නිලධාරීන්ට වසර පහකට වරක් ලැබෙන සීමිත තීරුබදු සහිත වාහන බලපත‍්‍රය ආණ්ඩුව අත්හිටුවූයේ එසේ රටේ වියදම් අඩු කර ගැනීමටත්, ආදායම් වැඩි කර ගැනීමටත් ය.

පසුගිය අයවැයෙන් මෙහා කාලය තුළ ආණ්ඩුව විවිධ බදු එක දිගට ම වැඩි කළේ ය. වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා වැඩි කිරීමත්, සමහර ක්‍ෂෙත‍්‍රවලට අලූතෙන් වැට් බද්දක් පැනවීමත් නිසා සැලකිය යුතු ආර්ථික අවුලකට මහජනතාව ඇද දමනු ලැබී ය. කොයි තරම් නෑ කීවත්, බත් පැකට්ටුව දක්වා ම මේ වැට් වැඩිවීම පහළට ගලා විත් තිබේ. වැට් අය කරන්නේ ඊට අයත් කාණ්ඩවලට පමණක් ද, නැති නම් ඊට අයත් නොවන කාණ්ඩවලටත් වෙළඳුන් අසාධාරණ ලෙස වැට් අය කර ගන්නේ ද යන්න සොයා බැලීමට වත් ආණ්ඩුවට යාන්ත‍්‍රණයක් නැත. දුරකථන සම්බන්ධයෙන් ඉහළ ගිය බදු නිසා රටේ සැලකිය යුතු තරුණ පිරිසක් විරෝධය පාති. ඒ අතර, ප‍්‍රාග්ධන බද්දක් ද ක‍්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ.

තමන් කවර දුෂ්කරතාවලට පත්වුණත් මේ සියලූ දේ කෙරෙන්නේ ආණ්ඩුවට රට දුවවන්නට සල්ලි නැති නිසා බව පිළි නොගන්නට තරම් මහජනතාව අසාධාරණ නැත.

එහෙත්, ඉවසීමේ සීමාව ඉක්ම යන්නේ, තමන් අමාරුකම් දරා ගන්නා විට පරපෝෂිත මහජන නියෝජිත කැලක් තමන්ට ම යහමින් බෙදා ගන්නා බව පෙනෙන විට ය. මැති ඇමතිවරුන් තමන්ගේ රාජකාරි හා වගකීම් ගැන කොයි තරම් පාරම් බෑවත්, සාධාරණීකරණය කළත්, මෙවැනි අසීරු මොහොතක, සියලූ දෙනා ම සමාන කැපවීමක් කළ යුතු ව තිබිය දී, බිලියන එකයි දශම එකක මහජන මුදලක් යොදවා රුපියල් ලක්‍ෂ දෙසීයේ තුන්සීයේ වාහන ඇමතිවරුන්ගේ පාවිච්චිය සඳහා ගෙන්වා ගැනීම ගැන නම් රටේ මහජනතාව සාප කරන බව ආණ්ඩුව දැන ගත යුතු ය.

මේ දුර්දසාවෙන් ආණ්ඩුව ගලවා ගන්නට මේ පහසුකම් ප‍්‍රතික්‍ෂෙප කර ස්වාදර්ශයන් සපයන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ නැති ද? අඩු ගණනේ ලෝක බැංකුවේ පටන් අනේකවිධ ආයතනවලට හා රටවලට ණය වී එදා වේල හොයාගන්නා මේ ලජ්ජා සහගත ඉරණමෙන් රට කිසියම් ප‍්‍රමාණයකට මිදෙන තෙක් වත් තමන්ගේ සුව පහසුව සලසා ගැනීම කල් දමන්නට කැමති මහජන නියෝජිතයෙක් රටේ නැද්ද?

එවැන්නන් නැති නම්, රටේ මහජනතාවට තිබෙන අමාරුකම් නිසා මේ නිර්ලජ්ජිත වාහන සෙල්ලම අත්හිටුවිය යුතු බව ඔවුන්ට නියම කරන්නට වත් කොන්දක් පණ ඇති නායකයෝ ආණ්ඩුවට නැද්ද...?

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.